ශාන්ත රත්නායක
කොළඹ නිදහස් චතුරස්‍රයේ ආකේඩ් සංකීර්ණය නත්තල් විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීම අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) සිදු විය.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියපාර වගේ ලෝකෙන් ලොකුම එක මේ පාර නැත්ද සහෝ. බොරුවට ආයුෂ නැහැ කියන්නේ නිකමටද.?
යේසුස් වහන්සේ අද හිටියා නම් මේ කරන මුදල් නාස්තිය ගැන හොඳටම උරණ වෙනවා. එතුමා දිළින්දෙක් ලෙස ගව ලෙනක ඉපදුනත් ආධ්‍යාත්මික වශයෙන් ඉතාමත් පොහොසත් අයෙක් ලෙසින් මිය ගියා. ක්‍රිස්තියානි අයට පමණක් නොව බෞද්ධයින්ටත් එතුමාව වන්දනා කරන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් එතුමාගේ නමින් නත්තල් රාත්‍රියට මත් පැනින් නාමින් අහිංසක සතුන් ගේ මස් බුදිමින් ප්‍රීති වන්නේ නම්, එතුමා සියලු සතුන් වෙනුවෙන් දැක්වූ කරුණා පෙරදැරි මෛත්‍රියට කරන සරදමක්.
තේ කොළ ආදායමත් නැතේ! හම්බන්තොටත් නැතේ! හාලුත් නැතේ ! පොලුත් නැතේ !නමුත් නත්තල් ජයටම කන්න සල්ලි නම් ඇතේ!
වෙසක් වලටත් මේ ආලෝක පුජාව පැවැත්වෙනු ඇති බවට ප්‍රර්ථනා කරමු......... බුදු සරණ වේවා!!!!!!!!!!
ගෝඨාගේ කලර්ස් තමයි මේවා. මෙය පරණ විගණකාධිපති ගොඩනැගිල්ල. පරදේශිකයන්ගේ කාලේ නම් මේක පිස්සන් කොටුවලු.
නත්තල් පප්පත් ඉන්නවද කොහෙද පැත්තකින් වාඩිවෙලා.
වැඩේ නම් හොදයි. එත් වයර් ඇදල තියෙන විදිය බයානකයි.......කරුණාකර අවදානය යොමුකරන්න. බිම දිගේ දාලා තියෙන්නේ හැම තැනම ජෝඉන්ට්..........
ක්‍රිස්තුස් වහන්සේගේ දහම අනුව සැබවින්ම ඇත්තේ කුමක්ද? මෙහි උන්වහන්සේ හෝ උන්වහන්සේ දහම පිළිබිඹු වන්නේද? නැත. නත්තලේ සැබෑ අරුත මෙහි ඇතිද?. සැබවින්ම නැත. ලයිට් වැල් අනුන්ගේය, ඒවා පත්තුවෙන්නේ අනුන්ගේ වියදමෙන්ය, මෙහි ඇත්තේ නායකයින් කීප දෙනෙක් නත්තලේ නාමෙන් ජනතාව ඉදිරියේ ගාම්භීරව පෙනී සිටීම පමණි.!
මේ උද්යානයේත් ගල් ටික ගලවයිද නොදනිමි
මේකත් හොඳ ගානකට විකුණන්න පුළුවන් වෙයි.