ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘දූෂණය පරදන ජවය‘ පළාත් පාලන අපේක්ෂක ජාතික මහා සුමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (17) පැවැත්විණි.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවේදී පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ඡන්ද අපේක්ෂකයෝ විශේෂ ප්‍රතිඥාවක් දුන්හ. දූෂණය, හොරකම නතර කර යහපත් පාලනයක් ඇති කරන බවට ඔවුහු ප්‍රතිඥාදුන්හ.
ඡායාරූප චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ජවිපෙට ඡන්දෙ දෙන්න හිතාගෙන හිටියේ. ඒත් පොහොට්ටුවේ කෑගැහිල්ල වැඩි නිසා ආණ්ඩුවටම දෙන්න වෙනවා. මහ ඡන්දෙදිත් ජවිපෙට වුණේ ඕකයි. යහපාලනයට පක්ෂ අය එක පැත්තකින් ඉල්ලනවා නම් හොඳයි. එතකොට ජවිපෙ වගේ අවංක මිනිසුන්ට වැඩක් කරන්න පුළුවන්.
වැසිකිළියේදී හම්බවෙච්ච මුදල් ගැන පාපොච්චාරණයක් කරලම වැඩේට බැස්සා නම් සමුළුව අර්ථාන්විත වෙන්න තිබුණා. ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට!
ඔයාලා වගේ මිනිස්සු හින්දා තමයි හැමදාම මෙහෙම වෙන්නෙ 1948 ඉඳලම අපි කළේ එක තමයි එහි ප්‍රතිඵල දැන් අපි භුක්ති විඳිනවා. තවත් මෙහෙම කරන්නද කල්පනාව
දූෂණය නතර කරන්න පොරොන්දු වෙන්න කලින් චන්ද ටිකක් වැඩි කර ගන්න වැඩ පිලිවෙලක් ගැන සිතුවා නම් තමයි හොඳ! මොනවා කරන්නත් ආණ්ඩුවක් පිහිටුවනන එපැයි! මහින්දව ගෙදර යවලා මෛත්‍රි, රනිල් ගේන්න උදව් කරලා දැන් ආණ්ඩුවේ වැරදි කියකියා කෑ ගහනවා. මිනිස්සු අමාරුවේ දාලා. කරන්න තිබුනේ මේ ආණ්ඩුවේ වැරදි හදාගෙන මේ රට ගොඩනගන්න ඔවුන්ට උදව් වෙන එක. දැන් ජේවීපී ආණ්ඩු හදන්න දගලනවා. ලංකාවේ ජේවීපී ආණ්ඩු හැදෙන්නේ නැහැ තව කල්පයකට! එහෙම නම් මේ රටේ ඡන්ද දායකයන් පිට රටකට යවා ඒ හා සමාන ජනතාවක් මේ රටට ගෙනත් ඡන්දෙ තියන්නයි වෙන්නේ. එ්ක මේ ජවිපෙ නායකයින්ට තේරෙන්නේ නැහැ. බල තණ්හාව නිසා. අනික මේක මහ මැතිවරණයකුත් නෙවෙයි.
ජවිපෙට ගම දීලා බලමුද ?
ජවිපෙට ගම දෙන්න එපා මොකද මේකේ 123 කමෙන්ට දාලා තියෙන උරන්ට කන්න මෙරට ජරා වාස වෙන්න ඕනේ රට සුද්ද උනොත් කන්න නැතිව උන් මැරෙයි
මම හිතන විදිහට හැම දෙනාම කරන්නේ තමන්ගේ කොටස ලොකුකරගන්න එක තමා
සමුළු තියල දූෂණය පරදන එක කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? පළමුවෙන්ම ජවිපෙ අතීතයෙන් ගොඩ වෙන්න ඕන. ඊට පස්සේ වර්තමානයට හැඩ ගැහෙන්න ඕන. එතකොට අපට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්.
අරලිය ගහ මන්දිරයෙන් අයින් වෙලා එන්න කියන්න.
වර්තමානයේ හොරකම් කරන කට්ටියට හරි අතීතයේ හොරකම් කරපු කට්ටියට හරි කඩේ ගිහිල්ල ගමට වැඩක් නැහැ කියල තේරුම් ගන්න බැරිනම් හොඳට අනාගන්න! ඔවුන් සුපුරුදු පරිදි හොරකම් කරන කොට කට අැරගෙන බලාගෙන ඉන්න! ඔවුන් බලයට පත් කරන්නේ හොරකම් කරන්න මිසක් සිල් ගන්න නොවේනේ! කලබල වෙන්න එපා! ඒ අයට පුරුදු දේ අපුරුවට කරාවි!
බයිලා මල්ලිලා ටික ලස්සනට ඉන්නවා. මෙයාලට දන්නේ මොනවා හරි දෙයක් වුණාම, අපි කිවුවා ඕක! අපි කිවුව ඕක වෙනවා කියල! කියකිය බයිලා ගහන එක විතරයි. මුන්ට දුන්නොත් යහපලනේටත් වැඩ අන්ත වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදෙන පිරිසක් ඉන්නවා. කවුද දන්නවද? ඒ තමයි ජේවීපී කාරයින්ගේ බිරින්ඳෑවරු...
මේ අදහස් දැක්කම හිතෙනවා ලංකාවට අනාගතයක් නැති බවක්. ලංකාව හැදෙන්න නම් මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්න ඕනි. jvp කිව්වොත් 88/89 හැමදාම..... එත් මේ අවරුදු 27 තුළ වෙච්ච දේවල් මිනිස්සු හිතන්නේ නැ. ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දෙ දුන්නොත් අපිට හැමදාම දුප්පත් රටක් වගේ ඉන්න පුළුවන්. ලංකාවේ ඡන්දෙ හරියට සුපෙර්ස්ටර් තරගයක් වගේ......
මේ අදහස් දාන අය ගැන මට හරි දුකයි..... මොකද මෙයාලා දන්නවද මේහැම ආණ්ඩුවක්ම අහිංසක මිනිස්සු මරුවා කියලා අන්තිමට ම්නිස්සු මැරුවේ මහින්ද මහතාගේ ආණ්ඩුව කාලේ......... ඒ නිසා හැමෝම එක වල්ලේ පොල්.........