(ක.ග කරුණාරත්න)
ශ්‍රී ලංකා යුද හමුදාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය පාඨමාලා හැදෑරූ සෙබළුන් 138 දෙනෙකු විසිර යාමේ පෙළපාලියක් අද (22) මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහභාගී විය.
බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව හැදෑරූ 38 දෙනෙකු, මිසයිල පාඨමාලාව හැදෑරූ 54 දෙනෙකු සහ බලඇණි ආධාරක අවි කොමිෂන් නොලත් නිලධාරී පාඨමාලාව හැදෑරූ 48 දෙනෙකු මෙම විසිර ගිය පිරිසට අයත් වූහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් ඔවුන්ට පදක්කම් පැළඳවීම මෙහිදී සිදු කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය ශ්‍රී රණ විරුවනි. !!!
ලක්මවගේ විරෝධාර රණවිරුවන්හට අපගේ ආචාර්ය .ජයවේවා !!!