කේ ඩී දේවප්‍රිය
හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා අද (17) දහවල් කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත්වල නිරත විය.
පළමුව කිරිවෙහෙර වෙත පැමිණි රාජපක්‍ෂ මහතා කිරිවෙහෙර සෑ රදුන් අභියස බුද්ධ පුජාමය වැඩ සටහනකට එක්විය.
ඉන් පසුව කතරගම දේවාල භූමියට පැමිණියේය.
මෙම අවස්ථාවේ දී ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් විසිනි.
මෙම අවස්ථාවෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී අභිණවාරාම විහාරස්ථානය වෙත පැමිණ රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණ තිස්ස හිමියන් බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තේය.
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේකෂකයෝ පිරිසක් ද ඊට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට ජය ලැබී හැමදාම රටේ ජනතාවට සේවය කිරීමට හැකිවේවා !!!
හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ. මම හිතන්නේ ලෝකේ පළමු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති ඉන්නේ ශ්‍රී ලංකාවේ වෙන්න ඕනෑ...
සංහිඳියාවේ නාමෙන් බෙදුම්වාදය නැවත හිස ඔසවන අවස්ථාවක රට නැවත බාර ගැනීමට ඔබට වරම් ලැබේවා. ඒ වගේම ඔබතුමාගේ පාලන කාලය තුල සිදුවුණු අඩුපාඩු තේරුම් අරගෙන නැවත මර්වින්ලා වැනි උදවිය ලං කරගෙන පිස්සු නටන්නට ඉඩ නොදෙන්නත්, රාජ්‍ය දේපල කොල්ලකනකොට ඇස් පියාගෙන නොසිට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, ඔබතුමාට හෝ පවුලේ අයට චෝදනා එනවිට ආදර්ශවත්ලෙස ඒවා විහිලුවකට නොගෙන ජනතාවට විනිවිද පෙනෙන ලෙස උත්තර දීමටත් වගබලා ගන්න.
තණ්හාය ජායති සෝකෝ... අයියෝ මේ කොහොම හිටපු මනුස්සයෙක්ද?
පියල් ඔබ සියට සියයක් හරි..
කතරගම දෙවියෝ දන්නවා සතා කවුද කියල.
පන්සල් ගානේ දේවාල ගානේ යනවා මිස පාර්ලිමේන්තුවට හරි, මැතිවරණ කොට්ඨාශයට හරි ගිහිල්ලා මන්ත්‍රී කෙනෙක් බවට පත් කරපු මිනිස්සුන්ගේ දුක සැප සොයා බලන්න වුවමනාවක් ඇත්තේම නැද්ද?
බයිබලයේ සඳහන් වෙනවා ක්‍රිස්තියානි දෙවියෝ තමන්ගේ භක්තිකයින් වෙනත් දෙවිවරුන් ඇදහීම ගැන ඊර්ෂ්‍යයා කරන බව. ඒ කියන්නේ වෙනත් වෙනත් දෙවිවරු ලඟට යාම නිසා ඔය කියන දෙවියන් තරහවී හිටපු ජනාධිපතිව පැරදෙව්වා කියන නිගමනයට යමෙක් ආවොත් එයත් වැරදි නොවේ. ඔහුගේ ඇඹේනියත් දරුවන් තිදෙනාත් බව්තීස්ම කර ඇති නිසා ඒ පවුලේ මුලිකයා දේශපාලන හේතුන් මත පන්සල්, දේවාල කෝවිල් සහ පල්ලි වලට යාම ඔය කොයි දෙය්යෙක් වත් ඉවසන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ජනතාව රවටපු ආකාරයට දෙවියන් රවට්ටන්න ගියොත් අර "ගුලි තුන" ගහපු මිනිහට උන දේ තමයි මෙයාටත් අත්විඳින්න වෙන්නේ කියල. කරුණාකර එක දෙවියෙක් පමණක් තෝරා ගන්න.
"අහෝ දෙව්දත් නොදුටු මොක් පුර..."
හොරා කාලා හොරා කාලා තවත් තන්හාව.
ඔබතුමා ගෙන් රටට සිදුවුණු සේවය අති විශිෂ්ටයි. කපටි, වංචනික හිස් පුද්ගලයින් රැසක්, තම පුද්ගලික දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීමට, ඔබ වටා රැස්වී ජනතාව ඉදිරියට යති. ඔබ ගැන රටේ ජනතාවගේ ඇති විශ්වාසය හා ප්‍රතිරූපය ඔවුන් ගේ වාසියට පාවිච්චි කර අවසානයේ ඔබ හැර ගොස් බලය තිබෙන අයට එක් වනු ඇත.
ඕනෑම හොඳ මනුස්සයෙක් විනාශ කරන්නේ වටේට ඉන්න මිනිස්සු... රජුට සමීප වීමට නම් දොරටුපාලයාව යාලු කරගන්න කියලා. ඉතින් දොරටු පාලකයන් තමන්ට ලාබයක් නැති කිසිම කෙනෙක්ට ලංවෙන්න දෙන්නේ නැහැ. ඉතාම සූක්ෂමව එම පුද්ගලයින්ට වාසි දායකයි.. එතුමා ලඟට යොමු කළා... මෙහෙම කලේ ඔවුන්ගේ අඩුපාඩු දැනගනිවී යන අනියත බිය නිසායි. විශේෂයෙන්ම උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයින් තෝරාගත් පිරිසකට මුහුවීමට පවා අවස්ථාව ලබාදුන්නේ වටේ හිටපු අයයි. ඇත්තම කියනවා නම් රටම පිළිගත් මහාචාර්යවරුන් පවා ඈත් කරලා තියන්න මේ බලවේග සමත් වුණා. මේක අපේ රටේ කාලයක ඉඳන් එන ක්‍රමවේදයක්. මේවට වගකිවයුතු ඇමැතිවරුන්ගේ පටන් පියන්ලා දක්වා කට්ටිය හිටියා. ඉදිරියේදීවත් ඔවුන් හඳුනාගෙන වැඩකිරීම සුදුසුයි. වළගම්බා රජුට වෙස්වලාගෙන නොගියානම් මහලු මවගේ පුතුන් සොලී රට රැගෙන ගිය බව දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම පුරෝහිතයන් හැම වෙලේම කියන්නේ ජනයා හොඳින් කා බී සුවසේ ප්‍රීතියෙන් සිටින බැවිනි. රටේ පාලකයන්ට වගේම ආයතන ප්‍රධානීන්ටද මෙය සත්‍යයකි.
නොපෙනෙන දෙවියන්ටවත් රටට කළ දේ පෙනිලා දඬුවම් දෙයි. බලාගෙන කතරගම යන්නේ....
පෙබරවාරි 10 න් පස්සේ සදා සොත්ති භවන් තුතේ කියලා මල් වට්ටිය පුජා කරන්න ....
මෙතැන මෝඩ මිනිස්සු පිල 2 කට බෙදිලා මහින්ද ඕන කියනවා රනිල් ඕන කියනවා.....මෝඩ මිනිසුනේ, දැන්වත් අපේ රට වෙනසක් කර ගෙනියමු...... පරණ දේශපාලකයෝ ,එලවල දාලා උගත් නවීන විදියට හිතල කිසිම මුදලක් හෝ වෙනත් කිර්ති නම නොබලා ලෝකේ ඉතාමත්ම දුප්පත් අසරණ ශ්‍රීලංකාව බේරගන පුළුවන් නව දෙක්මක් තිබෙන නායකයෙක් අපි දෙනවත් තොර ගමු...........මේ මහින්ද උන්දෑ දැන් අවුරුදු 20ක් 30ක් අපේ රට කොළ මදිද?අනික රටක නායකයෙක් මිත්‍යා දෘෂ්ටියෙන් මිදුන කෙනක් විය යුතුයි..... කරුණකරලා අපි සැවොම එක් වී මේ පරණ දේශපාලන ක්‍රමය වෙනස් කරමු මේ සඳහා අපිවත් එක් වෙමු ..........රට ගැන අවංකවම හිතා ඡන්දෙ පාවිච්චි කරමු..........
පන්සල්වල පවත්වන මාධ්‍ය සංදර්ශන යල් පැනගිය ප්‍රචාරක ක්‍රම කියල 2015 ජනවාරි 08 ජනතාව ඔප්පුකලා .
ඉදිරි මැතිවරණයෙන් මහින්ද මැතිතුමාගේ පක්ෂය ජයගන්න්නවා ජයගන්නවමයි !!!!!!
අපිත් ජයසිරිමා බෝධිය වදින්න යන්න ඉන්නේ..............
මෙතුමා මේවා අත හරින එකක් නැත.