චීන ජාතිකයන් සිය දෙනකු යුග දිවියට පිවිසි මංගලෝත්වසයක් අද කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබිණ.
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායන්ට අනුව මෙම විවාහ මංගලෝත්සවය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා – චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60 ක් පිරීම නිමිත්තෙනි.
සංචාරක අමාත්‍යංශය, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, කොළඹ චීන තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන රැසක මෙහෙයවීමෙන් මෙම මංගලෝත්සවය සංවිධානය කර තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතින චීන ආයෝජන සහ ඉදිකිරීම් රැසක් සඳහා චීන ජාතිකයෝ විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. චීන ජාතිකයන් වෙනුවෙන්ම පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල් සහ අවන්හල් රැසක්ද කොළඹ නගරයේ තැනින් තැන දක්නට ලැබේ.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... වත්තල ජෝන් මහතාත් ඔය ගිහින් තියෙන්නේ. සුජීව සේනසිංහ කිව්වට මෙයාට වයස අසූවක් කියල ඔය ඉන්නේ කොල්ලා වගේ.
ඇත්තෙන්ම ලස්සනයි. සියළු දෙනාට සුභ මංගලම්!!!
හිනාව බලල කියනවද අර අන්තිම රූපේ ඉන්න පිරිමි දෙන්නගෙන් මනමාලයා කවුද කියලා?
අප විශ්වාස කරනවා විදේශිකයන් අතර ප්‍රචලිතව තිබෙන එක් ලාංකික අනන්‍යතාවයක් සිනහවෙන් කෙනෙකු පිළිගැනීම. අනේකවිධ ප්‍රශ්න තිබුණත් අප පිටස්තරයකු දුටුවිට අප සිනාවෙන් ඔවුන්ව පිළිගන්නවා. තවද සිනහවීමට ඕනෑම කෙනෙකුට වැයවන්නේ ඉතාමත්ම සුළු මාංශ පේශි ප්‍රමාණයක් බව අප කවුරුත් දන්නා කරුණක් වන අතර එමගින් තම ශරීර සෞඛ්‍යයටද හොඳක් ලැබෙනු ඇත.. පළමු ඡායාරුපයේ අපගේ සහෝදර කාන්තාවන් දෙදෙනෙකුගේ රූපකාය දැකීමෙන් අපහට ඇතිවුණේ කනගාටුවකි. කෙසේ වෙතත් අවසාන ඡායාරුපයේ " හාදයා අවුල් ජාලයක් වුණත් " සුන්දර සිනහවකින් මුව සරසා සිටීම ගැන අපද සතුටු වන්නෙමු. අද දින යුග දිවියට පත් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රර්ථනා කරන්නෙමු.
බලන්නකෝ අපේ මුල් ඇඳුම කොච්චර ලස්සනද? ඉස්සරනම් ඕව තිබුණේ උඩරට "ප්‍රභූ" පවුල් වලට අයිති දේපල හැටියටයි. දැන් චීන්නුත් අඳින්න පටන් අරන්.
අනාගතයේ චීන ලංකා කියන්න වේවි රටේ නම. ඔය පටන් ගත්තා පමණි.
ඔය ප්‍රබු කියන්නේ කොහෙන් අපු කට්ටියක්ද? රටට හෙන ගහල තියෙන්නේ ඔය ප්‍රබු කියන කොටස උඩ තියාගන වන්දනා මාන කරන අපේ රටේ ඉන්න කොඳු නාරටිය කැඩුන ගොන් හරක් නිසා.
අඩේ චීනගේ මගුලද ජෝන්ගේ මගුලද?
පිරිසිදු, සිංහල ප්‍රවේණිය චීන ජාන ඇතුල් කර බහුතර සිංහල ජනතාව විකෘත්ති කිරීමේ වෑයමක් තමයි මේ කරන්නේ? අහලවත් තියෙනවද මුස්ලිම් හෝ දෙමල අය මේ වගේ දේවල් කරනවා කියලා...
හිටන්ට තියෙන්නේ වතුකරේ දෙමළ රුධිරයයි!! රනිල්ට තියෙන්නේ නිදහස ලැබුණු කාලේ සුද්දන්ගෙන් ලැබුණු රුධිරයයි!! අලි මදිවට හරක් කිව්වලු !! ඔන්න චීන්නුත් එනවා !! බලාපොරොත්තු වන්න බහු ජාතික සිංහලයන්!!
අනේ අපේ දේශපාලකයන්ට වැඩක් නැති උනාම කරන දේවල්. චීන දේශපාලකයෝ මේවා දැකල මොනවා හිතනවද දන්නේ නැහැ.
1405 දී චෙන්ග් හෝ නම් චීන නාවිකයා ආසියාවෙ ලංකාව අැතුලු රටවලට ආවා. බටහිර නාවිකයන් එන්න පෙර. නමුත් ඔවුන් එම සබදතා ඉදිරියට ගෙන ගියේ නැහැ. බටහිර නම් සිල්වා පෙරේරා ප්‍රනාන්දු අපේ අයට ලැබුනා. 21 සියවස තුල නව ප්‍රවනතා ගොඩනැගේවි! ෆාහියන් හිමියන්ගෙ රටේ හිතවතුන්ට ලැබුවාවු නව දිවියට සුභාසිරි පතමු!
ශ්‍රී ලංකාවේ මකබාස් නොහොත් අල්ල පනල්ලේ බාසුත් ගිහින් ඉන්නේ මගුල් ගෙදර...
නැතුව ඉන්දු ලංකා කියලා රට දෙකට බෙදා ගන්නද? දෙලක්ෂයක ජනතාවක් දිවි පිදුවේ අපේ වරදින් අනෙකුත් ජාතීන්ට නොසලකා හැරියොත් නැගිටීමට සිදුවෙනවා.
ඔය පහලම ෆොටෝ දෙකේ ඉන්න දෙන්නගෙන් පරෙස්සම් වෙන්න.
මේක නම් හොඳ දෙයක් නෙවේ. එයාලා මෙහෙ නැවතිලා තවත් නැති ප්‍රශ්නයකුයි ඔයානම් හදාගන්නේ.. චීන නගරය කියලා කොළඹ නම වෙනස් කරලා චීන කොලනියක් වෙන්න වැඩි ඈතක නැහැ.
අපේ කොඩියේ චීන්නුටත් තීරුවක් වෙන්කරන්න වෙයි නුදුරු අනාගතේදීම.
උඩරට මුල් ඇඳුම ඔහේ හිතෙන හැටියට ඇඟට දමා ගන්න ඇඳුමක් නෙවෙයි. දැන් මේ මංගල උත්සව සංවිධායකයන් මුල්ඇඳුම විහිළුවක් කරලා. මනාලයා මුල්ඇඳුම ඇඳන් ප්‍රසිද්ධියේ මනාලිය සිප ගන්නවා. මනාලිය ඔසරිය උස්සාගෙන හින්දි සිංදුවට නටනවා. ඕන වහන්තරාවක් ඇඳගෙන කසාද බැන්දාට කමක් නැහැ. අපේ පුරාන සිරිත් විරිත් විනාශ නොකර !
දෑවැද්ද කලින්ම දීපු එකේ හම්බන්තොට චීන කොලනියටත් ගිහින් එන්න.... ඒක විතරක් නෙවේ මේ රට ඉස්සරහට අරාබි, චීන, ඉන්දියා කලවම් අමුතුම රටක් වෙනවා.
මනමාලයට ඉස්සරහ බලන්න කියලා ජෝන් මනමාලිගේ මුහුණ බලන් ඉන්නවා.
පොර්ට් සිටී චයිනීස් කොලනි එකේ අනාගත පදිංචි කාරයෝ ටික වෙන්න ඇති. චීනයේ මැරි කරලා ළමයි එක්කෙනයි හදන්න අවසර තියෙන්නේ. ලංකාවේ පදිංචිවෙලා අනාගතේදී තවත් සුළු ජාතික ප්‍රශ්නයක් ඇති වෙනවා ෂුවර්...
මගුල් කෑවට නම් කමක් නෑ............. ලංකාවේ පුරවැසිභාවය නම් දෙන්න එපා.
මේක හොඳ අවස්තාවක් වේවි ඉදිරියට සිංහල යට වෙන ජාතියක් එක්ක mix වෙන්න. එහෙම උන තරමට තමයි දියුණු වෙන්න පුළුවන්. එහෙමයි පරිනාම වාදයේ තියෙන්නේ. මම නම් හරිම කැමතියි චීන්නු මෙහෙ ඇවිත් පදිංචි වෙනවනම්.
චීන මිනිස්සුන්ගේ ලස්සන. හමේ පාටේ ලස්සන .
මට සිංගප්පුරුව මතක වුණා. තමිල්නාඩුවත් මතක් වුණා.
දවසකට චීන ජාතිකයින් 100 ක් බඳිනවා නම් අවුරුදු 10ක් විතර යනකොට චීන දැරුවන් කොපමණ ලංකාවේ ඉඳීවිද මන්දා?