(ඉෂාන් සංජීව )
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන්ට මහනුවර හා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල්වල සායනික පුහුණුව ලබා දීම සහ එම පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද(16) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට විරුද්ධ දොස්තර සංගමය නේද? පහුගිය ටිකේ මේ කට්ටිය පන්තිවර්ජනය කරලා කඩේ ගියේ දොස්තරලට නේද? හොද වැඩේ...
මේක දෙන්නේ නැත්තේ ජීඑම්ඕ එක නේද ....? යූජීසී එකට කරන්න දෙයක් නැහැ..
අනිත් රටවල වගේ මේ නොමිලේ දෙන අධ්‍යාපනය සම්පුර්ණයෙන් නතර කරලා පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළ යුතුයි. එතකොට තමුන්ගේ සල්ලි නිසා හොඳට ඉගෙන ගනී. දෙමව්පියන් වුණත් ළමයින්ව පාලනය කරයි. තමුන්ගේ සල්ලි නිසා බොරුවට මාරාන්තික උපවාස වැනි විහිලු නතර කරයි.
රට පුරා දිනපතා වගේ උද්ඝෝෂණ. මේකේ සාධාරණ හා අසාධාරණ උද්ඝෝෂණත් තියනවා. මේ සේරම පාලකයන්ගේ වැරැද්ද තමයි. ජනාධිපතිතුමා ඉඳල හිටං මොනවා හරි කියනවා. වත්මන් පාලකයන්ට තාම රටේ තිබෙන අඩු පාඩු, ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් නැහැ. ඔවුන්ගේ ඉලක්කය වැටුප්, වරප්‍රසාද භුක්ති විඳින එක පමණයි.
පහුගිය කාලේ ඔයාලා කඩේ ගියා නේද? ඕකට විරුද්ධ ජී.එම්.ඕ එක නේද? අනේ දැන් බොරුවට ස්ට්‍රයික් කරන්නේ නැතුව එයාලාගෙන් ඉල්ලා ගන්නකෝ....
හාවෝ එක්ක දුවන්නත්, බල්ලෝ එක්ක දඩයම් කරන්නත් යන දෙක එකවර කරන්න බැරි බව මේ ළමයි දැන් තේරුම් ගත යුතුයි. සයිටම් එකට එරෙහිව ජීඑම්ඕඒ එකට සපෝර්ට් කරන කොට මේ ළමයි හිතන්න ඇති ජීඑම්ඕඒ එක මේ ගොල්ලන්ට පෙරලා උදව් කරාවි කියලා. නමුත් ජීඑම්ඕඒ එක කියන්නේ කොයි වගේ ඉරිසියාකාර කුඩුකේඩු කුහක ආයතනයක්ද කියලා මේ ළමයින්ට දැන් තේරෙනවා ඇති. පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගැන්වූ ඒවා නොවෙයි. රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉගැන්වූ මේ පාඨමාලාවලට විරුද්ධ වීමට ජීඑම්ඕඒ එකට ඇත්තේ කුමන අයිතියක්ද? ලෝකේ කොයියම් කෙනෙක්වත් ඉගෙන ගන්නවට කැමති පිරිසක් නොවෙයි ජීඑම්ඕඒ එක කියන්නේ..
කෝ අර ප්‍රමිතිය ගැන කෑ ගහපු කට්ටිය? සම සෞක්‍ය උපාධිධාරීන්ට ප්‍රමිතියක් ඕනෙ නැද්ද? ප්‍රමිතියක් නැති උපාධිධාරීන් නිසා මිනිස්සු මැරෙන්න චාන්ස් එකක් නැද්ද? දොස්තරලාට විතරද ප්‍රමිතිය ඕනේ?
දැන් කෝ අර නිදහස් අධ්‍යාපන කැක්කුම මේ දරුවන්ට සායනික පුහුණුව දුන්නම මොකක්ද ඇති වැරැද්ද?
අනුන්ට වලකපන අයට තමන්ගේ ප්‍රමිතිය හදාගන්න ගියාම වැටෙන්න වෙන්නෙත් තමන් අනුන්ට කපාපු වලේමයි. දැන් කෝ අර ප්‍රමිති ගැන කතා කරන බකපණ්ඩිතයෝ? තව හයියෙන් මහපාරේ තප්පුලනකොට ඉල්ලන ප්‍රමිතිය ඉබේටම ලැබෙයි.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කොන්ද පන තියන රජයක් බිහිකර ගත යුතුයි. ඉක්මනින්ම. නිදහස් අද්‍යාපනය රටට වැඩ දෛ ලෙස වෙනස් විය යුතුයි. කිසිම රජයක් මේකට අත තියන්න බයයි.
මේක මම බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේ දරුවන්ට එහා වැටේ තියෙන හොස්පිටල් එකට යන්න දෙන්නේ නෑ. මේ දොස්තරලා හා වෛද්‍ය ශිෂ්‍යයෝ.
ආණ්ඩුව පෙරලන්න හදන තවත් නෙයියාඩමක් නේද මේ? පහුගිය කාලේ මේ පාරට බැහැලා කෑ ගහන වීරයෝ කොහෙද හිටියේ?
සාමාන්‍ය මිනිසුන්ටත් ඉවසන්න සීමාවක් තියෙනවා! අපේ සල්ලි වලින් ඉගෙනගන්න ගියානම් පාඩුවේ ඉගෙනගන්න. ඔයාලට ඉගෙනගන්න අපි බාගෙට කකා, බිබී අපේ බදු සල්ලි වැයකරන්නේ පාරවල් ගානෙ රස්තියාදු වෙවී... ආණ්ඩු පෙරලන වැඩවලට යන්න නෙමේ.
පෞද්ගලික හෙද උපාධි ආයතන වලින් බිහිවෙන අයට රජයේ රෝහල්වල රැකියා දෙනවට විරුද්ධ කුහකයෝ තමා මේ යූජීසී වටකරල තියෙන්නේ. තවත් කුහකයො ටිකක්. පෞද්ගලික හෙද උපාධි ආයතන වලින් බිහිවෙන සිසුන්ට රජයේ රැකියා ලබානොදීමට හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද?
අම්මෝ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියහම බලන්න ඕන නර්ස්ගේ ගණන්! වෙලාවකට මිනිස්සුන්ට බල්ලො, බළලුන් ගාණට දාල සලකන්නේ ! කීයක් වියදම් වුණත් ප්‍රයිවට්ම යන එක හොඳයි.
කෝ අර දොස්තර සංගමයට පන්දම් අල්ලමින් මෙතන අදහස් ලියපු ජූඩ් කියපු කෙනා ? මොකද ඔබතුමා හැංගිලා? අපි කොච්චර මෙතන ලිව්වාද මේක දොස්තර කුලයේ උද්දච්ච කුහක කම මිසක් සයිටම් එකේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ලංකාවේ කිසිම කෙනෙක් මළපොතේ අකුරක් ඉගෙනගන්නවාට කැමති උදවිය නෙවෙයි ඔය සමහර දොස්තරලා. ඒ ගොල්ලන්ට හෝයියා කියන මිනිස්සු මෙතන අපිට බැන්නා දොස්තර ලාට ඉර්ර්ශ්යාවට කියලා. දැන් ඒ දොස්තර ලා මදිවාට අමු කුහක දෙමව්පිය සංගමයකුත් බිහිවෙලා මාරාන්තික උපවාස දෙමව්පිය සංගමය කියලා . ඔන්න බලන්න උන්දලා හෙට පාරට බහීවි මේ ළමයින්ට සායනික පුහුණුව දෙන්න එපා. මේ රෝහල් තිබෙන්නේ අපේ උගත් බුද්ධිමත් සම්භාවනීය ප්‍රතිභාපුර්ණ දොස්තර දරුවන්ට පමණයි කියලා .
අන්තරේ ලහිරු කොහෙද?
එක වචනෙන් කියනවා නම් "සාදු".
ජී.එම්.ඕ එකෙන් සහ වෛද්‍ය සිසුන්ගෙන් මේ සඳහා සහය ඉල්ලන්න.....
කෝ මේ අර මහා ප්‍රමිති පරමේශ්වර දොස්තර සංගමය සහ මාරාන්තික උපවාසධාරි දොස්තර මව්පිය එකමුතුව ? මොකද මේ ළමයින් වෙනුවෙන් පාරට නොබහින්නේ? අප නම් එදා ඉඳන්ම කිව්වා මේක සයිටම් ප්‍රශ්නයක් නෙමෙයි අනුන්ගේ ළමයෙක් යමක් ඉගෙන ගැනීමට තිබෙන අකමැත්තෙ ප්‍රශ්නයක් කියලා .
සමසෞඛ්‍ය පීඨ සහ එන්ටීස් අය එකම වැටුප් තලයක පිහිටුවන්න................
මේ අයද හොද හෙදියෝ වෙලා අපිව බලාකියාගන්න එන්නේ? මූණෙ කරුණාවන්තකමක සළකුණක්වත් නෑ..අඹ සරණයි ඉතිං අපිට
ඉගෙනගන්න නර්ස් ළමයින්ට ලෙඩ්ඩුන්ගෙ ඕන එපාකම්,සුවපහසුව නෙමෙයි වැදගත් කොහොමහරි එයාලගෙ වැඩේ කරගන්න.කරාපිටිය රෝහලේ ඇස්දෙකෙන් දුටු සිද්ධි,අත්දැකීම් හොදට තියනවා.
දෙමාපිය සංගමේට කියන්න ඕකටත් මාරාන්තික උපවාසයක් කරන්න කියලා. අර පක්ෂ දෙකේ කට්ටියවත් නැද්ද උදව්වට? පව්.
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්..
නිදහස් අධ්‍යාපනය බේරගන්න කියල සයිටම් වහන්න කඩේ ගිය කුහක දොස්තර සංගමයෙන් ඕවට විසඳුම් ලබාගන්න, මට කියන්න වචන එනවා නමුත් මේකේ කියා ගන්න බෑ.
අප්පොච්චි, අප්පොච්චි, ඔන්න විමලේ එක්ක පාරට බහින්න තවත් වැඩක් සෙට් වෙලා..
සැබෑ යථාර්ථය! බහුතරයක් විශ්වවිද්‍යාල සිසුන් උසස් පෙළ සමත් එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට ඇතුළත්වීමට නොහැකි වූ සහ උසස් පෙළ නොමැතිව වෙනත් වෘත්තීය සුදුසුකම් යටතේ උපාධි සුදුසුකම් ලබාගැනීමට තැත්කරන සිසු සිසුවියන් වෙත විරෝධය පල කරයි. තමන්ගේ මට්ටමට වෙනත් කෙනෙකු පැමිණිම පිළිබඳව ඇති කුහකකම ඔවුන් මැනවින් ප්‍රදර්ශනය කරයි.
දොස්තර සංගමයෙ උදව් ඉල්ලන්න.එතකොට තේරේවි සංගමයේ ඉන්න අයගේ අදහස්............