කොළඹ කොටුව සහ පිටකොටුව පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉදිකරන මංතීරු ජාලය යටතේ කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය අසල සිට ඕල්කට් මාවත දක්වා වූ පළමු අදියරේ වැඩ නිම කිරිමෙන් පසු ජනතා අයිතියට පැවරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (23) සිදු කෙරිණි.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කොළඹ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 17 ක් වැය කරමින් මෙම පළමු අදියරේ ඉදිකිරීම් නිම කර තිබේ.
ඇමැති පාඨලී චම්පික රණවක, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද මීට එක්වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ ශරීර සුවතා සඳහා ඇවිදින මං තීරුවක් නෙමෙයි. අර පාරෙන් මේ පාරට මාරු වෙන්න හදපු අඩි පාරක්. මොකද මේ උදේට ව්‍යායාම කරන්න අදින ඇඳුම් ඇඳගෙන.
චම්පික ඇමතිතුමා දක්ෂයෙක් බව කවුරුත් පිලිගන්නවා.මේ රජය බලයට ආවට පසුව හැම නගරයකම නැවතත් පදික වේදිකා අවහිර කරමින් පදික වෙළදාම පටන් අරන්. මහපාර පවා අවහිර කරමින් කරත්ත තබාගෙන වෙලදාම් කරනවා. කරුණාකර මේවා නවත්වන්න.
මේක පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉදිකළ මං තීරුවක් මිස ව්‍යායාම කරන්න හදපු තැනක් නොවේ
අයියෝ ඔය ජොගින් ඇදුම් නෙමේ දහම්. අනික මොනා ඇඳගෙන හරි වැඩේ වෙනවානම් මොකද නේද? ලංකාවට අවශ්‍යම දෙයක් තමයි පදික වේදිකාවල්. මහා ජනතාවට ගමන් කරන්න. ගාලු පාරේ ඇතත් මීගමු පාරේ නැ. තව මිනුවන්ගොඩ පාර (කුරුණෑගල බස් යන පාර) ඉතා අවදානම්. හොද දෙයක් කවුරු කලත්
තව ටික දිනකින් ජෝන් මහත්තයා මේකත් ගලවයිද දන්නේ නැහැ පාර පොඩියි කියලා.
නිකන් මෝඩ ජෝක්! ඉස්සරලම තියෙන පදිකයන්ගේ මන් තීරු ටික පේමෙන්ට් කඩ කාරයන්ගෙන් රැක දෙන්න. පදිකයන්ට ඇවිදින්න වෙලා තියෙන්නේ මහපාරේ.
මෙතන ඇදුම ගැන කොමෙන්ට් කරන අය තැන බලල සුදුසු ඇදුම අදින කට්ටිය වගේ. මේ කට්ටිය කියන විදිහට ෆුල් සුට් ගහල, ජාතික ඇදුම ඇදගෙනද එන්න කියන්නෙ? මොන ඇදුම ඇන්දත් මොකද වැඩේ කෙරෙනවනම්. ඇත්තටම මේක විවෘත කරන්න කවුරුත් ඕනෙ නෑ. මේක අයිති අපිටනම්, අපේ සල්ලි නම්, මේක අරින්න ඕනෙ ඕක එදිනෙදා පාවිච්චි කරන්න ඉන්න අය.
එක පිටිසර දුප්පත් ජනතාවට ඇලෙන් එගොඩ වෙන්න පාලමක් නැතිව දුක් විදිනවා කොළඹට යට කරපු මුදල් එකතු කරලා බැලුවොත් මහින්දගේ කාලේ සිට අසල්වැසි රටක් මිලට ගන්න තිබුනා.
4වෙනි පින්තුරේ පෙනෙන අර කබල්ම කබල් අවුරුදු 200ක් පරණ කෝච්චි පාලම හදන්න හිතුනේ නැද්ද?
මිලියන 17ක් එච්චර ගියාද?
වෙන රටවල මේවගේ සුළු දේවල් විවෘත කරන්නේ ඒක හදපු ඉංජිනේරුවෝ.
මේක තමයි වෙන්න ඕනේ. ජනාකීර්ණ නගර වල මුල්තැන දෙන්න ඕනෙ පදිකයින්ට හා පාපැදි වලට.
මහජනතාවට අයිති නිසා ඒ මහජනතාවගේම කොටසක් වන වෙළෙඳුන්ට ඇවිද ඇවිද හෝ සුළුවෙන් හෝ වෙළෙඳාමට ඉඩ දුන්නොත් මේක තවත් සංවිධානයවූ වෙළෙන්දන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්වන එක නම් සිකුරුයි. එහෙම වුනොත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අයිතිවාසිකම් සුරකින්නත් සිදු වේවි. එවිට ඉදිකිරීමේ අරමුණ සඵල වන්නේ නැත. රේල්පාරේ ගමන් කිරීම තහනම් බවට පුවරු තිබුනත් ඒ පාරේම කීදෙනෙක් මැරෙනවාද එහෙයින්, පොරොවෙන් කපන්න සිතනවාට වඩා නියපොත්ත කිට්ටු කරන්නත් කලින් බීජ රෝපනය වීමට ඉඩ නොතබා පවිත්‍රව තබා ගැනීම හොඳයි නේද ? එම නිසා මෙහි පදික හෝ මොනයම්ම හෝ වෙළෙඳාම තහනම් කර, එවැනි තත්ත්වයක් මැඩලීමට ටික කාලයකට හෝ පොලිස්නිලධාරීන් දෙදෙනෙකු යෙදෙව්වොත් හොඳ යයි අදහස් කරමි.
ඕක හදන්න ගත්තේ කවදද දන් නැහැ. පරණ අය පටන් ගත්ත එකක් මගේ හිතේ.
ඔය පාරවල් හැදුවට මගේ නම් අමනාපයක් නැහැ, එත් කරුණාකරලා පදික වේදිකාවේ වෙළදාම නවත්වන්න . නැත්නම් වෙන්නේ ඔය හදපු එකෙත් කඩ දායි.
මොනවා කරත් පදික වෙළෙන්දෝ හැම තැනටම රිංගල ජනතාවට විශාල හිරිහැරයක්.
ලැජ්ජා නැති කෝලම් වැඩ. පදික වේදිකාවක් හැදුවා නම් මිනිස්සුන්ට යන්ඩ අරිනවා ඇර "ජනතා අයිතියට පවරනවා" කියමින් ශෝබන සංදර්ශන පවත්වන්නේඇයි ? ඔය හදන හැම දෙයක්ම මහජන මුදලින් හදන ඒවා තමයි. ආය පවරන්ඩ දෙයක් නැහැ.
ලබන සුමානේ අපිට මේ පදික මාර්ගයත් අවහිර කරමින් වෙලන්දම් කල හැකි නේද?
හොද වැඩක්. ඒත් ප්‍රශ්නය තියෙන්නේ සංවර්දනයේ ප්‍රමාණය ගැන.
ලංකාවේ පාරවල්වල කොළඹ අවට නැතුව පිටටවෙන්න පදිකවෙදිකාවල් ඇත්තෙම නැහැ. සුදු ඉරක් අන්දලා පාර වෙන්කරලා තියෙනවා එච්චරයි. මිනිස්සු යන්න ඕනෙත් පාරේ, වාහන නවත්වන්නෙත් එතන. ට්‍රැෆික් හෝ ගාල. මිනිස්සු හප්පගෙන වැඩිපුර යන්නේ ඔන්න ඔය තැන වල. ඒවාටයි විසඳුම් ඕන.
අරයා හැදුවේ ලොකු මිනිසුන්ට යන්න හයිවේ. මෙයා පොඩි මිනිසුන්ට යන්න ෆුට්පාත්. වෙනස හොඳ නැද්ද හා...
මිනිස්සුන්ට පයින් යන්න දෙවට පාරක් විවෘත කරන්නෙත් රටේ ජනපති . මම ජීවත් වන නගරයේ සිට මෙල්බර්න් නගරයට යන ප්‍රධාන පාරේ පසුගිය මාස හයක තරම් කාලයක ඩොලර් මිලියන සිය ගානක විශාල ව්‍යාපෘතියක් සිදුකලා . ඒ මුළු කාලයම ඒක මගහැර ගමන් කල මට, දැනට සති කිහිපයකට පෙර සඳුදා වැඩට යනකොට ව්‍යාපෘතිය අවසන් , ඒ කාලය තුල කරදර විඳීමට සිදුවීම ගැන කනගාටුයි , දැන් පාර විවෘතයි කියලා පාරේ විදුලි දැන්වීමක් තිබුනා . ලංකාවේ එහෙම එකක් හැදුවානම් විවෘත කරන්න මාස තුනක් උත්සව පවත්වයි .
මාසයක් යන කොට ඕකත් පේමන්ට් මුදලාලිලයි, පාතාලයයි අල්ලගනියි... මේක ඉල්ලංකාවනේ...
මෝඩයන්ගේ ප්‍රාථමික වැඩ.......කෝච්චියෙන් බැහැල ගව්වක් දුර පයින් යන්න ඕන බස් එකක් ගන්න.... පයින් යන මිනිහ පරංගියා කෝට්ටේ ගියා වගේ දුර ගෙවාගෙන කකුල් ගෙවෙනකම් ඇවිදින්න ඕන මූලික අවශ්‍යතා ඉටු කර ගන්න.අර ජපානේ වගේ කෝච්චියෙන් බැහැල බස් එකට ගොඩවෙන්න පුළුවන් විදියේ පහසු නගර සැලසුමක් ගැන මෙයාලට හිතෙන්නේ නැද්ද. ඒ රටවල මිනිස්සු දුම්රියෙන් බැහැල එලවළු පලතුරු ටිකත් එතනින්ම අරන් බස්එකට ගොඩවෙන්නේ ගෙදර යන්න. ඒ මිනිසුන්ගේ කාලෙත් ,මහන්සියත් ඉතුරුයි. අපේ වගේ බඩු මලු එල්ලගෙන දාඩිය පෙරාගෙන ගව් ගානක් දුර ගෙවන්න ඕන නෑ ප්‍රවාහන පහසුකමක් හොයා ගන්න.............
අපි දාන්නේ නියම අදහස්... සමහරවිට ඒවා පලවෙන්නේ නැත.
මෙයානම් මාර පොරක්නේ.... !!!
ජනතා මුදලින් හදලා, ජනතා මුදල් වියදම් කරලා ජනතාවට පවරන අරුම පුදුම රට...
මේ නිව්ස් එකේ බලන්න ආවේ අළුතින් හදපු මංතීරු වල පින්තූර දාලා ඇති කියලා. ඒත් තියෙන්නේ මිනිසුන්ගේ පින්තූර.. අනේ මෙහෙමත් දේවල්...
ලංකාව දියුණු වෙයිද , පදික මංතීරුවක් ඕපන් කරන්න ජනාධිපති, ඇමති, ලේකම් තවත් 20 විතර.
හොඳ වැඩක්. නගර සභාව පිරිසිදුවට තියාගනීද බලමු. භාරදුර කාර්යය එක තමා...
තවත් "කොළඹට කිරි ගමට කැකිරි " කතාවක් වගේ.
ඡන්දෙත් ලඟයි නේද? අඩුගානේ මෙහෙම දෙයක්වත් කළොත් හොඳයි නේද?
වෙනරටවල ඕපන් කිරීම් නෑ.. ජනතාවගෙන් බදු ගහලා හදල දෙන එකයි, ජනතාවට පහසුකම් සැලසීමයි රජයක වගකීමක්... ජනතාව එ්කටයි ඡන්දේ දෙන්නේ.
අම්මේ මුහුණේ තියෙන ඝාම්භීර පාට. පදික මං තීරුවකට මෙහෙම නම් තාර පාරකට කොහොම වෙයිද ඈ?