(ජයරත්න වික්‍රමාරච්චි)
‘තිරසාර කෘෂි සංවර්ධන’ ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් මූණමල්ගස්වැව කනිෂ්ඨ විද්‍යාලය සංවිධානය කරන ලද ආදර්ශවත් කෘෂිකාර්මික වැඩසටහනක් අද (17) විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.
මේ යටතේ විද්‍යාලයේ 5සිට 11 ශ්‍රේණිවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අක්කර බාගයක් පමණ වන කුඹුරෙහි වී වැපිරීම සිදු කළහ.
කුඹුරට අවශ්‍ය ජලය සැපයීම විද්‍යාලයීය පරිශ්‍රයේ පිහිටි පොකුණකින් ලබාගැනීම සිදු කෙරේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සුන්දර වැඩ සටහනක්... දුවලා, පුතාලට සුබ පැතුම්.....
ඉතාමත් සුන්දර දසුනක්. දුවේ පුතේ ඔබලාගේ ඔය මුවේ රැඳී සිනහව සදා කල් පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය සකසීම වැඩිහිටියන්වන අප මැනවින් තේරුම් ගෙන ඇත්තෙමු. ඔබට සහ රටට ජය!
දරුවන්ට ඉතින් මඩේ නටන්න හරි කැමතිනේ නේද? කොහොම වුණත් හරි ලස්සන ක්‍රියාවක්... ළමයි හරිම උනන්දුවෙන් වැඩ කරනවා. හරිම සන්තෝෂයි දරුවනේ, මේවා තමයි බාහිර ක්‍රියාකාරකම්, අපට මේවා දකිනකොට ගමේ දරුවන් ගැන මොනතරම් ආඩම්බරද?
කුඩා දරුවෝ වුණත් කෘෂිකර්මාන්තයට උනන්දු කරවන එක ඉතා හොඳයි. එ්ත්, ඉතින් වර්තමාන ලෝකයේ නම් මේ විදිහට කුඹුරුවල බැහැගෙන වගා කරන ලෝකයක් නෙමේ, අපි නම් දකින්නේ. ළමයින්ව මඩේ බස්සවලා හරි කමක් නැහැ, තමන්ගේ උජාරුව ලෝකෙට පෙන්න ගන්න තියනවා නම් ඉතින් අපේ අයට ආයේ මොනාද? දැන් ඔය වැඩේ කරන්න සම්බන්ධ වුණු ගුරුවරුන්ගේ එක දරුවෙක් හෝ මේ කාර්යයට සම්බන්ධ වුණාද කියලා ටිකක් හොයලා බැලුවොත් මම කියන මේ කාරණයේ යතාර්ථය අවබෝධ වෙයි.
"හරිම සුන්දර දසුනක් ". මෙවැනි අත්දැකීමක් පුංචි පහේ හැමෝම විඳින්න අවශ්‍යයි .....
හරිම අගෙයි... ලසසන සිනහවන්... අව්‍යාජ මුහුණු. දකින්නත් ආසයි. මගේ සුබපැතුම් ආදර දූපුතුන්ට...
හැමෝම කියනවා "හරිම සුන්දර දසුනක් "කියලා.. එ්ත් බද්රානි ඔයා මොනවද මේ කියන්නේ? ගෙදරත් ඔහොමද?
1969 අවුරුද්දේ අපිවත් ඔයවගේ කුඹුරු වැඩවලට, පාසලෙන් පාසල අවට කුඹුරුවලට කැඳවාගෙන ගියා. අපි ඉගෙනගත්තේ මුස්ලිම් මහා විද්‍යාලයක. මට මගේ පාසල් කාලය මතක් වුණා. අපිනම් අදටත් බත් තමයි කන්නේ, "බද්රානි" මොනවද දන්නේ නෑ කන්නේ....
අනේ ඔය බද්රානිලාට කොහෙද මෙහෙම සුන්දර අතීතයක්... මේවා දකිනකොට ටිකක් හිතට අමාරු තමා.. මොනවා කරන්නද? ඔය වයසට ඔහොමතමා... ඕක වයසේ වැරැද්ද, රුසියාවට වඩා ලොකුලු ඉරිසියාව
චන්දන, මම නම් දන්නවා අපේ රටේ ගොඩක් අය මේ වගේ සුන්දර දසුන් නරඹන්න සහ අනෙකා පිටුපස පෙරහරේ යන්න කැමති කට්ටිය බව. මටත් ඉතින් වෙස්මුහුණක් බැඳගෙන ඔය ඔලුබක්කෝ යන පෙරහැරේම හුරේ දමමින් ගමන් කරන්න තිබුනා. එ්ත්, මම නම් මේ රටේ දරුවන්ව දකින්නේ රටේ අනාගතය ලෙසයි. අනික ඉතින් ගමේ ළමුන්ව අමුතුවෙන් කුඹුරකට බස්සවලා මඩ හා කෘෂිකර්මාන්තය ගැන අමුතුවෙන් උගන්වන්න ඕන නැහැ. ඔය ළමයින් එදිනෙදා කටයුතුවලදී, දෙමව්පියන්ට උපකාර කරන වත්තේ මිරිස් පැළයක් හෝ සිටවන්න හුරුපුරුදු උන ළමයින්. කොහොමත් ඉතින් අපේ සමහර වැඩිහිටියෝ තමන්ගේ දරුවන්ව දොස්තරලා, ඉංජිනේරුවෝ, එහෙමත් නැත්නම්, ශීත කාමර වල සිට රැකියා කරන්නන් බවට පරිවර්තනය කරන්න උත්සාහ කලාට ගමේ දුප්පත් දරුවන්ව මඩට බස්සවලා කුඹුරු සංවර්ධනය කරන්න ඉතාම අසාවෙන් සිටින බව අපි නොදන්නවාම නොවෙයි. මගේ දැක්ම අනුව නම් සාමාන්‍යපෙළ හෝ උසස් පෙළ අසමත්වෙන සිසුන්ට යන්ත්‍රානුසාරයෙන්, ප්‍රමිතියෙන් යුත් කෘෂිකර්මාන්තයට යොමු කිරීමට අවශ්‍ය තාක්ෂණ දැනුම ලබාදීමට වෘත්තීමය ආයතන බිහිකරනු විනා මෙවැනි සුන්දර දසුන් නැරඹීමට රුචිකමක් දක්වන බක පණ්ඩිතයින්ගේ ඇස් පිනවීමෙන් රටට හෝ දරුවන්ට පලක් නොවන බව මාගේ හැගීමයි.
දරුවන්ටත් වඩා, මෙතන ලියන මහත්තුරු ටික නම් මඩට බහින්න ගොඩක් කැමතියි වගේ පෙනෙන්නේ? ළමයින් වගේම මහත්තුරු, නෝනලා මඩේ බැහැගෙන, සමහර වැඩකරනවා දකිද්දී මම නම්, ඒ සුන්දරත්වය අපුරුවට විඳිනවා.
ඊරියගොල්ල මහත්තයාගේ කාලේ අපි සිංදු කියකියා කුඹුරු වපුරපු හැටි මතක් වෙනවා. "ජන මන දන දිනු සුජාත ධරණී සවු භාග්‍ය උධානය ලංකා" විදුහල්පති තුමාටත්, ගුරුදෙගුරුන්ටත්, දරුවන්ටත් ජයම වේවා.!!!
මේ දරුවන් රටට ආදර්ශයක්... දරුවනි ඔබ සැමට තෙරුවන් සරණයි. පාසලට ගෞරවයක්...
දුවේ පුතේ ඔයාලා හැමෝටම දෙන්නේ ඉමහත් අාදර්ශයක්...
බොහොම හොඳ වටිනා වැඩක්. හැබැයි එකම අවුල ගම්බද පාසල් වල ළමයි පමණක් යොදා ගැනීම. කොළඹ 7 පාසල්වල ළමයින්ටත් මේවා කියලා දෙන්න ඕනේ. ඇයි එයාල කන්නේ කේක්ද? සමස්ත ලංකාවේම විෂය නිර්දේශයට ඔයවගේ වැඩ ඇතුල් කරන්න ඕනේ. මම ජීවත් වන රටේ එහෙමයි.
ඕවා ඔහොම තමයි චන්දන, මොන හොඳ වැඩේ කරන්න ගියත් අර සූර පප්පා කතාවේ වගේ "චව් චව්" ලා එක්කෙනෙක් හරි ඉන්නවා. කොහොම වුනත් මේ දරුවන්ට මගේ සුබ පැතුම් !!!
හරිම සුන්දර වැඩ සටහනක්... දුවලා, පුතාලට සුබ පැතුම්...!!
බොහොම හොඳ වැඩක්. විශේෂයෙන්ම මේක දරුවන් ලවා කරවීම. අපේ පළාතේ නම් මේක කරවන්නේ දෙමව්පියෝ ලවා ...
හරිම සුන්දර වැඩ සටහනක්... දුවලා, පුතාලට සුබ පැතුම්... ගෝලීය සංසදයෙන් ... අවශ්‍ය කොම්පෝස්ට් පොහොර මම අරන්දෙනවා... ලංකාවට පැමිණි සැනින්...
බද්රානි, නියම සිංහල කාන්තාවක්... පරම්පරාගතව එන ගතිගුණවලට නිදසුනක් .....
පොඩි දුවගේ සිනහව රටක් වටිනවා. ඔබේ අනාගතය අපේ වාසනාවයි... සුබ පැතුම්!!!
හරිම සුන්දර වැඩ සටහනක්... දුවලා, පුතාලට සුබ පැතුම්.....කුඩා කල සිටම දරුවෝ වුණත් කෘෂිකර්මාන්තයට උනන්දු කරවන එක ඉතා හොඳයි. අපි පිටරටින් අහාර ලැබෙන තුරු බලා නොසිට එදා අතීතයේ රජ දරුවන් සේම රටේ කෘෂිකර්මාන්තයට නව පරපුර හුරු කරවීම ඉතා අගනා කාර්යයක්... මෙවන් අවස්ථා ගැන විවිධ අඩුපාඩු දකින දේශපාලන හෙන්චයියන් කියන කතා සැලකිල්ලට නොගත යුතුයි.
මට පොඩිකාලේ මතක් වෙනවා. ඔබේ සැමට තිසරණ සරණයි.
හරිම සුන්දර වැඩ සටහනක්... දුවලා, පුතාලට සුබ පැතුම්, ඔබේ අනාගතය අපේ වාසනාවයි... සුබ පැතුම්!!!
කොළඹ පාසල්වල ළමයි මේ ගම්වලට යවලා කුඹුරු වැඩ පුරුදු කරන්න ඕනෑ. දුක කියන දේ පුරුදු කරන්න ඕනෑ.
මගේ ඇසට සුන්දරම දසුන පාසල් ළමුන් දැකීමයි. දුවේ පුතේ හැමදෙයකින්ම පාඩමක් ඉගෙනගෙන ජීවිතය ජයගන්න.
මඩට සුදුසු කෘෂිකර්මාන්තයට යෝග්‍ය බොහෝ අය වෙනත් වෘත්තීන්වල නියැලෙන රටේ, මෙවැනි සොඳුරු දසුන් ඇස තවරා ගෙන ඇස සනසා ගැනීමේ වරදක් නැහැ. බද්රානි කියලා තියන දේ තේරුම් ගන්නත් ඔලුවක් වගේම මොළෙකුත් තියෙන්න ඕනෑ. අර අධ්‍යාපන ඇමතිතුමාගේ ඩිජිටල් පන්ති කාමරය ගැන මේ ළමයි සමහරවිට අහලවත් නැතිව ඇති. සමහර ලොක්කන්ට ඒවා මතකත් නැතිව ඇති. අයවැයෙන් අධ්‍යාපනයට ගානක් වෙන් කරන වෙලාවේ, අධ්‍යාපනයෙන් ගානක් සාක්කුවට දා ගන්න වැඩපිළිවෙලක් ගම්බද පාසල් හරහා අනාගතයේදී යෝජනා වුණොත්, එක අතකට පුදුම වෙන්න දේකුත් නැහැ.
සියල්ලන්ගේම සිත් පැහැදෙන මේ සේයාරු පලකළාට ලංකාදීපයට ස්තුතියි... මෙවැනි පුවත් පලකරන්න මේ දරුවන්ට සුබ අනාගතයක් පතනවා.
දියුණු රටවල මව්පියන් ඔවුන්ගේ දරුවන්ට තමන් නොදැකපු අනාගතය පෙන්වලා දෙන්න හදනකොට, අපේ රටේ අය තමන් අත්විඳි අතීතය දරුවන් වෙත පටවන්න උත්සාහ කරනවා. තමන් ජීවත්වෙන පරිසරයට ඇලුම් කිරීම සහ කෘෂිකර්මාන්තය කියන්නේ සම්පුර්ණ වෙනස් විෂයන් දෙකක්. බොහෝ දේ පටලවා ගෙන, තවමත් මුතුන් මිත්තන්ගේ අඩිපාරේම යන කීකරු මුනුබුරු, මිනිබිරියන් ජීවත්වෙන රටේ අයගේ වෙනස තියෙන්නේ ඔන්න ඔතන තමයි. ශ්‍රී ලාංකික ජන විඥානයේ පැතිකඩ සහ එහි ප්‍රතිශතය මෙහි පලකොට ඇති අදහස් වලින් පැහැදිලියි. දියුණු මනසක ස්වභාවය හා ප්‍රාථමික සංකල්ප වලින් පිරුණු මන්ද මානසික ස්වභාවයන් අතර වෙනස ඉතාම පැහැදිලියි. පින්තුරවල දසුන් පමණක් නොවෙයි අදහස් ටිකත් ඉතාම සුන්දරයි.
හරිම සුන්දර දර්ශනයක්. අපිත් කුඩා අවදියේ මේ වගේ කුඹුරුවල වැඩ කරමින් අපේ දෙමව්පියන්ට උදව් වුණා. අපි කුඹුරේ මහන්සි වෙලා වැඩකරන කොට බද්රානිලා වගේ අය තමයි අපිට ඇඹුල රැගෙන එන්නේ. හරිම රසවත්....
ඇත්තෙන්ම මට හැඟුණු ලෙස නම්, අර දක්ෂ සුන්දර ළමුන් ටික පන්තිකාමරයට යවලා මෙතන අදහස් පල කල අයව කුඹුරට බැස්සුවා නම් තමයි.., සුදුස්සාට, සුදුසු තැන ලැබුනා යයි කියා අපට අපරිමයෙන් සතුටු වෙන්න හැකි වන්නේ. එවිට, ශ්‍රමයෙන් පමණක් නොවෙයි, පොහොර වලින් පවා මේ වගාභුමිය සශ්‍රීක කරන්න මොවුන්ගේ උපරිම දායකත්වය ලබාදෙන්න අවස්ථාව තිබුණා. එය එසේ වූවා නම්, ඒ සුන්දර අවස්ථාව මේ සුන්දර අවස්ථාවටත් වඩා, සුන්දරව වනන නැට්ටත් සමග අතිශය සුන්දර වෙන්න ඉඩ තිබුණා.
මමත් ඉහත වැඩිදෙනාගේ අදහස් එක්ක සියයට සියයක් එකඟයි. ඒත් මේක අපේ කෘෂිකර්ම ඇමතිගේ දර්ශනය නෙවේ. එයාට ඕන වී වගාවට යොමුවීම අඩු කරන්න. හේතුව වී අස්වැන්න අපිට ඕනෑවට වඩා වැඩි නිසා. අපේ වාසනාවට පහළ වූ කෘෂි ඇමැති.
බද්රානිට ළමයි නැහැ වගේ නේද...? ඒකයි මේ ළමයින්ගේ සුන්දරත්වය සුන්දර සිතින් විඳගන්න බැරිවෙලා තියෙන්නේ. කුහකකම අතහැර දැන්වත් හොඳ දෙය හොඳයි කියා එය අගය කරන්න පුරුදු වෙන්න.
බද්රානිට නැට්ට පෑගිලා වගෙයි
මේක ඉතාම හොද වැඩක්. අපිත් පොඩිකාලේ පාසලේ මේ වගේ වැඩවලට සහභාගී වෙලා තියනවා. එත් දැන් කාලේ තියෙන මි උන වගේ දේවල් නිසා, කකුල්වල පොඩි හරි තුවාලයක් තියෙන කෙනෙක් මඩට බහින්න නරකයි.
මෙය ග්‍රාමීය ප්‍රදේශවල දරිද්‍රතාවයේ තවත් උදාහරණයකි. අහිංසක ගම්බද සිසුන්ව පාවිච්චි කිරීම අපරාධයක්. මානසික රෝගී රජයේ නිලධාරීන් මෙය කරයි. මේ වගේ දෙයක් කරන්න පුළුවන් ගමේ විතරයි. ගමේ ළමයින්ට මේ කාර්යය දන්නවා. ඉගැන්වීමට කිසිඳු අවශ්‍යතාවයක් නැත. හැමදාම දකිනවා. නගරයේ මෙවැනි ආකාරයේ කිසි දෙයක් කරන්න බැහැ. දෙමව්පියන් අධ්‍යාපනය ලබා ඇත. ඇයි පෞද්ගලික ඉංග්‍රීසි මාධ්‍යය පාසල සහ ජනප්‍රිය පාසල් සඳහා මෙය අදාළ නොවෙන්නේ? ළමයින්ට දැඩි ලෙස බලපෑම් ඇති කළ හැකි ආහාර හා කෘෂි කර්මාන්තවල රසායනික ද්‍රව්‍ය බොහොමයක්. නාගරික සිසුන් රටේ ඉතිහාසය හා කිසිම ආගමක් නොදන්නේය. ඔවුන් මේ දේවල් සැලකිල්ලට ගත යුතුයි පළමුව....
බද්රානියේ, පොඩි උන් ටික කුඹුරට බැහැලා... එතන තියෙන්නේ සුන්දර අව්‍යාජ සිනහවක්... ඒක බලන්න බැරි මානසිකත්වය නම් මානසික අවපාතය නැති නම් පරම්පරාගත කකුලෙන් ඇදීමේ ගතියයි. ඔතන බෝම්බයක් පිපිරුණා නම් තමයි ඔයාලට සුන්දර නේද? පොඩි දරුවන්ට එහෙම අාබාධයක් නැහැ.
මෙතන සුන්දරත්වය පොඩි දරුවන් නිසායි. ඒ අයට අවමාන කරන අයට දූ දරුවෝ නැතිද?
මේ ටොපික් එක හරිම රසවත්. හැම කෙනාගේම අදහස් කියෙව්වා. සුන්දර ළමයින්ව දැකීම ඊටත් වඩා සතුටක්. අපේ පාසල් කාලය මතක් වුණා. ලංකාදීපයට ස්තුති වන්ත වෙනවා. මෙවැනි සුන්දර දසුන් පෙළක් පලකිරීම ගැන.
අපිටත් ගොවිපලක් තිබුණා මහනුවර ත්‍රිත්වයේ. ඒ කාලේ යන්න ඇති. මතක් වුණා ඒ ගමන් මේක දැක්කම. දැන් එතැන තමයි පල්ලෙකැලේ නිදහස් වෙළඳ කලාපය තියෙන්නේ. තව කුඹුරකුත් තිබුණා... උඩවත්ත කැලේට අල්ලලා.
ආනන්දෙටත් තිබ්බා ගොවි පොලක් බත්තරමුල්ලේ. ඒකට මොනවා වුණාද දන්නේ නෑ. අපි ඒකෙ ළිඳට පැනලා හොඳට නානවා. තියෙන හැම ගෙඩියක්ම කාල තමයි එන්නේ. හරිම විනෝදයි. ඉගෙන ගත්ත කෘෂිකර්මානතයක් නම් නෑ. ඒත් දැන් කාලෙ මේ ළමයි කරන දේ එක මැෂිමකින් පැය කාලෙන් කරන්න පුළුවන්. ඒත් ඉතින් අත් දැකීමකටයි, විනෝද වෙන්නයි මේක හරිම ෂෝක්.
මේ පින්තුරය ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, වගේ රටවල අධ්‍යාපන බලධාරීන් දැකලා ඒ රටවල ළමුන්ව, කුඹුරුවලට බස්සලාලු... කාටද ආඩම්බර? ඔන්න අපේ වැඩ. ලෝකෙටම එකයි. ලංකාවෙත් තියන සියලුම සෙල්ලම් පිට්ටනිත් අනාගතයේදී කුඹුරු බවට පත් කරමු.
බත් නෙවෙයි වගේ කන්නේ , මේ වගේ ඔක්කොම හිතුවොත් කන්න වෙන්නේ පස් තමය, අනේ බත් කන සම-හරක්...............
බද්රානි, අපි කැමතියි මේවගේ දේවල් දකින්න. අපේ අතීතය සිහි කරන්න. පෙර සිටි අගමැති, ජනපති වරු සරම බාගෙට ඇද, නගුල එක අතකෙනුත් කෙවිට ගෙන මීහරක පසුපස මඩේ බැහැගෙන වසරකට දවසක් කරනවා.
උත්තරිතරයි
මේ ළමයින්ට පොහොර ගන්න වෙන්නේ ගිනිගණන් වලට නේද? කෝ යහපාලනේ පොහොර සහනධාරේ?
අපි මේකේ සුබවාදී පැත්ත ගැන හිතමු. හැම එකකම අසුබ දකින්න එපා. අපටත් අපේ ළමා කාලය මතක් වෙනවා මේවා දැක්කම. දැන් අපේ ළමයින්ටවත් බහින්න කුඹුරක් නෑ. ගමේ ළමයි තාත්තගේ රස්සාව, තරාතිරම බලල අනිත් ළමයි කරන වැඩට උදවු නොකර ඉන්නේ නෑ. කරුණාකරලා ඒ අයගේ හිත් නරක කරන්න එපා.