IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත්කෙරේ

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පත්වීම් ලිපිය බාරදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි.

ජාසිංහ මහතා හෙට (29) පෙරවරු 8.00 ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබාරගැනීමට නියමිතය.

‘‘හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ලෝක බැංකුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස හෙට සිට කටයුතු කරනවා. එය වසර 5 ක ධූර කාලයක්. ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරන කාලයේ මට ගැටලු තිබුනේ නැහැ. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදා ගත්තා. සෞඛ්‍ය සේවාව තුල කඩිනමින් තීන්දු තීරණ ගත යුතුයි. මම වසර 5 ක ඉලක්කයක් මත වැඩ කරන්නේ. නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අනිල් ජාසිංහ මහතා පත් කිරීමේ දී දේශපාලන බලපෑම් මම විසින් කළේ නැහැ. සෞඛ්‍ය සේවාව තුළ මා ආරම්භ කළ විවිධ ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමේ වගකීම වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ද පැවැරී තිබෙනවා. ජාතික රෝහලේ තනතුර දරන කාලයට වඩා කාර්යක්ෂමව නව තනතුරේ වැඩ කරන්න ජාසිංහ මහතාට සිදු වෙනවා‘‘ යැයි එහිදී සෞඛ්‍ය ඇමැතිවරයා කීය.

 



අදහස් (7)

නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත්කෙරේ

ananda kolla Tuesday, 28 November 2017 12:46 PM

ආනන්දේ කොල්ලෙක්. සුබ පතමි

:       6       24

j a p jayakody Tuesday, 28 November 2017 05:50 PM

ඔබට ලොකු වගකීමක් ඇත. සාධාරණය ඉටුකරන්න ! එකමුතුව තීරණ ගන්න! විද්‍යා පරිපාලකයන්ව එකතු කරන්න. ඔබට මෙය කළහැකි !

:       0       6

abaran Tuesday, 28 November 2017 09:50 PM

ආනන්දේ නෙවෙයි මහඋල්පතගම ඉස්කෝලේ වුනත් වැඩේ හරියට කරනවානම් විතරක් මගෙනුත් සුබ පැතුම්....

:       0       7

Rasi Tuesday, 28 November 2017 11:30 PM

ආනන්දේ, යුඑන්පි මම නිල්, මෙන්න මේ මානසිකත්වය තමයි රටට නරක් වෙලා තියෙන්නේ. අපි ශ්‍රි ලාංකික විය යුතුයි.

:       0       43

Lakvidu Wednesday, 29 November 2017 01:09 AM

අර යට ෆොටෝ එකේ ඉන්න නෝනාට අධ්‍යක්ෂක කමක් දීලා ඔතනට පාත් උනේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

:       0       130

Reks Wednesday, 29 November 2017 01:33 AM

මෙතන ජැන්ඩියට ඇදන් ඉන්න නෝව ඔයා කලු කෝට් මහත්තයට විරුද්ධව ජාතික රෝහලේ අධ්‍යක්ෂක පට්ටමට නඩු කියලා පැරදුනහම, ඒ නෝනට අමාත්‍යංශයෙන් වෙන අධ්‍යක්ෂක පට්ටමක් අලුතෙන් හදලා දුන්නා කියන්නේ බොරුද මන්දා....

:       0       1

rami Wednesday, 29 November 2017 06:21 AM

රුසියානු වෙද උපාධිදාරී පලමු සෞඛය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට සුබපෑතුම්....

:       0       107

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site