(දයාරත්න ඇඹෝගම)

පුජානගරයේ පදිංචි වැසියන්ට ඉවත්වන ලෙස බල කරමින් පුරාවිද්‍යා නිලධාරීන් නිතර නිතර තමන්ට කරදර කිරීමට එරෙහිව අනුරාධපුර රුවන්වැලිසෑය හා ජේතවනාරාමය අතර පිහිටි පිට්ටනියේ ඇති උස ගසකට නැගුණ පුද්ගලයකු අද (20) උදැසන සිට උපවාසයක් ආරම්භ කර තිබේ.