(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
පොරොන්දු වූ පරිදි රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද (21) කොළඹ බ්‍රිස්ටල් වීදියේ පිහිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.




(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
පොරොන්දු වූ පරිදි රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද (21) කොළඹ බ්‍රිස්ටල් වීදියේ පිහිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව දුන්නහම............ ඇති වෙනකම් කැම්පස් එකේ පිස්සු කෙළලා ඊට පස්සේ බලෙන්ම රස්සා ඉල්ලන එකම රට මේක වෙන්න ඇති....
වැඩක් නැහැ . මාරාන්තික උපවාසයක් වත් කළා නම් අඩුගානේ රේමන්ඩ් එකට හරි ජයරත්න එකට හරි බිස්නස් එකක් වත් වෙනවා .
දැන් මේ චීවර ධාරියෙක් මුලිකත්වය අරගෙන තියෙන්නේ, ගෙදර බිරිඳ හා දරුවෝ බඩ ගින්නේ නිසාද?
ලෝකයේ කිසිම රටක උපාධිදාරින්ට නොමිලේ අධ්‍යාපනය සමග අතට පයට රැකියා සපයා දෙන්නේ නැහැ. දියුණු රටවල් වල සරසවි සිසුන් අර්ධ කාලින කම්කරු රැකියාකරමින් අතින් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබන්නේ . අපේ සිසුන් බෝඩිමේ බෙඩ් ශීට් එකේ සිට පරස්තාවේ යන වියදම දක්වා මහජන බදු මුදලින් බලාපොරොත්තු වෙනවා. මොකද පුද්ගලික අංශයේ රැකියා ඉල්ලන්නේ නැත්තේ ? සිතපු හැටියට අයිස් ගහලා වෙලාවට කලින් කාර්යාලයෙන් පනින්න ඒවායේ ඉඩ නැහැනේ .
තව මොනවාද බලාපොරොත්තු වෙන්නේ ? අර පුද්ගලික අංශයේ රැකියා ඕන තරම් තියෙන්නේ ? අතක් පයක් හොලවලා වැඩ කරන්න කම්මැලි කමට ඒවාට ඉල්ලන්නේ නැහැ. අපේ හිතවත් පවුලක දරුවෙක් ඕස්ට්‍රේලියාවේ උපාධිය ලබා සුදුසු රැකියාවක් ලැබෙනකන් ආපන ශාලාවක කුස්සියේ වැඩ. මෙහෙ කට්ටිය සරසවියෙන් පිටවුණ ගමන් කෙලින්ම මහා දිසාපති පුටුව ලැබෙනකන් පාරේ. මොකක් හරි සුදුසු රැකියාවක් ලැබෙනකන් , ගෙදරට බරක් නොවී සුළු රැකියාවක් කරන එක තත්ත්වයට මදි කමක්ද?
කෝ අර මාරාන්තික උපවාසධාරී දෙමව්පිය සංගමය ? ආණ්ඩුවයි රටේ උසස් අධ්‍යාපනයට බදු ගෙවන මිනිස්සුයි බය කරන්න අරඹමුද උපවාසයක්?
උපාධිය ගන්නකම් රඡයෙන් වියදම් කලාට පස්සෙ ආයෙත් රඡයෙන්ම රැකියාත් ඉල්ලනවා. තමන්ගෙ හැකියාවෙන් ලංකාවෙ හරි පිටරට හරි රැකියාවක් හොයාගන්න මෙයාලට බැරි ඇයි. තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝඡනගන්න බැරි අයට මොන උපාධිය තිබුණත් වැඞක් නෑ.
රජයෙන් පූජක පක්ෂයට - හාමුදුරුවන්ට රස්සා දෙන එක වහාම නවත්තන්න ඕන ! මොකද චීවර පිණ්ඩපාත සේනාසන ගිලනපච්ච්ය (ඇදුම්, ආහාර, නිවාස, බෙහෙත්) නොමිලේ ලැබෙනවා ! බුදුහාමුදුරුවන්ට - බුදුදහමට ගෞරවයෙන්වැඳලයි දෙන්නෙත් ! තව මොනවටද ගුරු පත්වීම් .... සමායෝජක පත්වීම් .. ගුරු පත්වීම ගහලා තව හොයන්න tution කරනවා - කඩ හදල බදු දෙනවා - වාහන බදු දෙනවා - නියම බිස්නස් කාරයෝ වගේ !.ඊට පස්ස පස්ස දොරෙන් ගෑනු නඩත්තු කරනවා ! (ටිකදෙනෙක් පිරිමිත් නඩත්තු කරනවා) ගිහියෝ වගේ ගහගන්න බැනගන්න එනවා ! හරිම කැතයි ! රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න කලින් මහනායක උන්නාන්සේලා මේවට විසඳුම් දීල හිටියනම් නරකද ?
ලංකාවෙයි ඉන්දියාවෙයි ඔක්කොම උපාධි එකයි, නිකන් කොළයක් විතරයි, මේ ලෝකේ ප්‍රයෝගික දැනුමක් නෑ කිසිම වැඩක් කරන්න, පින් පඩියක් දීලා අවුරුදු කීපයක් පුහුණු වෙන්න අරින්න.
උපාධියට සුදුසු රැකියාවක් හොයන මේ අයට, රැකියාවට සුදුසු උපාධියක් තිබුනා නම්, ජීවිතය වඩා සුන්දර කර ගන්න ඉඩ තිබුණා නේද? පලකට නැති උපාධි වෙනුවට, වැඩකට ඇති වෘත්තිය අධ්‍යාපනයේ වටිනාකම අපේ රටේ තරුණ පරපුර අවබෝධ කර ගත යුතුයි. දක්ෂ වෘත්තිකයින්ට දේශපාලකයින්ගේ හව්හරණයද අවශ්‍ය නොවේ.
අපි නම් විශ්ව විද්‍යාලයට ගියෙත් නෑ. උපාධි ගත්තෙත් නෑ. ඉස්කෝලෙන් අස්වුන ගමන්ම රස්සාවකට ගිහින් හොදට වැඩ කරලා ඒ සල්ලි වලින් වැඩිපුර ඉගෙන ගෙන, උසස් වීම් ලබලා දැන් උඩම තලයේ මැනේජ්මන්ට් ලෙවල් එකේ පිටරට රස්සාවක් කරනවා. මේ අය වගේ පාරවල් වල රස්තියාදුවෙවී ආණ්ඩුවට පින්සෙන්ඩු වුනේ නෑ රස්සාවල් හොය හොයා. ලංකාවෙන් අපේ ආයතනනට පරීක්ෂණ ආපු ඔක්කොම වැඩක් නැහැ. ඉංග්‍රීසි අජුතයි. මේ අය හිතන්නෙ කලා උපාධියට කළමනාකරණ තනතුරු දෙන්න ඕනෙ කියලා. ලිදෙන් ගොඩ එන්න කාලෙ හරි.
වැඩ නොකර පඩි ගන්න බලාගෙන ඉන්න කට්ටියක් තමයි මේ. පුද්ගලික ආයතනවල රස්සා ඕන තරම්.
මොනවද දන්නේ නැහැ මේ ලබා ගෙන තිබෙන උපාධි ටික. අයියෝ සල්ලි.
ඔය කට්ටිය ඔක්කොම ආණ්ඩුවෙන් ඉඩමක් ඉල්ලගෙන් වගාවක් පටන් ගත්තොත් නරකද.
සමහරු උඩ පැනලා රජයේ රැකියා ලබා ගත්තාට, එයට අවශ්‍ය වෘත්තීය කුසලතා කිසිම දෙයක් නැහැ. පරිගණකයෙන් රාජකාරි ඉංග්‍රීසි ලියුමක් සකස් කරන්න, කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්න තියා සේවා දායකයන්ට, පාරිභෝගිකයන්ට ශීලාචාරව කතා කරන්න දන්නේ නැහැ . හැබැයි ගියපු ගමන් පඩි වැඩි කිරීම සහ ඊළඟ උසස් වීම ගැන වර්ජන තර්ජන පටන් ගන්නවා. බහුතරයක් වැඩබැරි ටාසන් ලා !
උපාධිධාරීන්ට රැකියා අවස්ථා නොලැබෙන එක හේතුවක් තමයි ඉහවහා ගිය මහන්තත්වය . සම්මුඛ පරීක්ෂණ වලදීත් සමහරු පරීක්ෂණ මඬුල්ලේ උදවියටත් වැඩිය තමන් දන්නා බව පෙන්වන්න යනවා. රැකියාව ලැබුනාම පඩිය අතට ගන්න මිසක් එතන වැඩ ඉගෙන ගන්න උනන්දුවක් නැහැ . එයාලා සියල්ල දත්. මහන්සිවෙලා කණ්ඩායමක් ලෙස වැඩ කරන්න ලැස්ති නැහැ . අත්‍යවශ්‍ය පරිගණක සහ ඉංග්‍රීසි දැනුම නැහැ . ගනුදෙනු කරුවන්ට සුහදව කතා කරලා ඉක්මනින් වැඩක් කරලා දෙන්න හැකියාවක් නැහැ . ඉතින් පුද්ගලික අංශය , උසස් පෙළ සමත් යමක් ඉගෙන ගන්න කැමති කාර්යක්ෂම තරුණයන් රැකියා වලට බඳවා ගන්නවා. බක පණ්ඩිත , හද්ද කම්මැලි , සේවකයෙකු උපාධි 100 තිබුනත් වැඩක් නැහැ ඵලදායිතාවයක් නැති නම් .
උපාධිය අවසන් වූ සැනින් රැකියා නොලැබෙන්නේ මේ අය විශ්ව විද්‍යාලයේ දී අන්තරේ සමග නටන නාඩගම් නිසා.. ඉගෙන ගන්නේ නැතිව, අනුන්ගේ නිබන්ධන කොපි කරලා කොහොම හරි උපාධි අරන් හිටියට වැඩ කරන්න ඉගෙන ගන්නේ නෑ.. විශ්ව විද්‍යාලවලින් කොතරම් ඉගෙනගන්න පුහුණූ අවකාශ ලබා දුන්නත් ඒවට යන්නේ නෑ.. අධ්‍යාපනය ලබන විට තිබෙන උද්දච්ඡකම නිසා (අන්තරේ වැඩවලට හසුව) දැන් රැකියා නැතැයි දුක් විදිනනවා.. උපාධිධාරි රජයේ පත්වීම් ලබපු අයගෙන් කී දෙනාද හරියට වැඩක් කරන්නේ.. බහුතරයට වැඩක් කරන්න බෑ. යන්තම් හරි වැඩක් කරන්නේ වෙනත් අධ්‍යාපන සුදුකම්ද සපුරාගත් උපාධීධාරින් පමණි... මේ අයට පුද්ගලික අංශයේ රැකියා සඳහා නම් කෙසේවත් යාමට බෑ. ඒ නිසා කොහොම හරි රජයේ රැකියා සඳහාම යන්න දඟලන්නේ. මේ වගේ අය රාජ්‍ය සේවය බැඳිලා සිටීම නිසා අද රාජ්‍ය සේවය මෙතම් දුර්වල වී ඇත්තේ. මෙයට සම්පුර්ණයෙන්ම වග කිව යුත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය විනාශ කරන අන්තරේ නින්දිත සංමයයි.
මහින්දගෙ කාලෙ මේ උපාධිධාරීන් බුරුතුපිටින් ආණ්ඩුවෙ රස්සා වලට දැම්මා. මොන තරම් නාස්තියක්ද මහජන මුදල් ? ඔය කිසිම කෙනෙක් මහින්දට ඡන්දය දුන්නෙත් නෑ . කාටවත් වැඩක් නෑ.
කැම්පස් එකට පය ගහපු ගමන්ම පැල කරගන්න ඔලුවේ අං දෙක තමයි ප්‍රශ්නය. වෙනත් රටවල විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනය හදාරමින් විවිධ රැකියාවල නිරත වෙනවා. ඒ නිසා ඒ අයට අධ්‍යාපනයට අමතරව වෘත්තිය පුහුණුවකුත් ඉබේටම ලැබෙනවා. එත් අපේ රටේ සිසුන් මහපාරේ උම්මන්තකයින් ලෙස හැසිරෙමින් රට වෙනස් කරන්න දඟලනවා. අවසානයේ බිහිවෙන්නේ, රටටත් වැඩක් නැති තමන්ටත් පලක් නැති කුහක නිකමුන් රැලක් පමණයි. එහි ප්‍රතිපලය තමයි අද ඔය පින්තුරු වලින් දිස් වෙන්නේ.