
රන්න චන්ද්‍රසේන ගමගේ සහ බෙලිඅත්ත පද්මසිරි කාරියවසම්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (25) තංගල්ල ගෞතම විද්‍යාල පිරිවෙන් විහාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය සභා 10 ක් සඳහාත් තංගල්ල හා හම්බන්තොට නගර සභාව සදහාත් අපේක්ෂකයන් තෝරා ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්විණ.
පසු ගිය ප්‍රාදේශීය සභා සහ නගරසභා පාලන කාලය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ බහුතරයක් අද දින පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් ගෞතම විද්‍යාල පිරිවෙන් විහාරයට පැමිණ සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් අාරංචියේ හැටියට මහින්ද මහතා නිදහස් පක්ෂය එක්ක එකතුවෙලා ඉල්ලන්න යනවා කියලා පුතාලව සහ මල්ලිව බේරගන්න. එහම සිදුවෙනවා නම් මහින්ද මහතාගේ අන්තිම ඡන්දෙ මේක වේවි. ගාලුමුවදොර පිටියට 100 වත් ගෙන්න ගන්න ඉලඟපාර බැරිවේවි. අපි ගෙදර නිදාගන්නවා මිසක් අපේ ඡන්දේ කොල්ලකාපු අයට කතිරේ ගසන්නේ නැත.
ලොකුම සුදුසුකම බොරු කීම, හොරා කෑම... අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත.
ලොකුම සුදුසුකම බොරු කීම, හොරා කෑම, මත්පැන් හා මත කුඩු වෙළදාමේ නිපුනතාවය... අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත. පාදඩ දේශපාලනයට ඇති හැකියාව පමණක් මනිනු ඇත.
මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිකමට නැවත කිසිදාක එන්න බෑ. සමහර අය මහින්ද මහත්තයාව නැති කරන්න එතුමාගේ පොටෝ එකට මුවාවී හොර අරක්‌කු පෙරුවා. ගඟේ වැලි හෑරුවා. පස් කඳු කැපුවා. ඒවා නිසා මහින්ද මහතාව ජනතාව පැරැද්දුවා. ඒක තමයි තිත්ත ඇත්ත කියලා නගර සැලසුම් සහ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. සමහරුන් මගෙන් අහනවා ලැබී ඇති රාජ්‍ය ඇමැතිකමින් මොනවා කරන්නද කියා. මටත් එලෙස හිතුණත් දැන් තමයි එහි වටිනාකම වැටහෙන්නේ. අද වන විට ලෝකයේ සෑම රටක්‌ම පානීය ජල ප්‍රශ්නයෙන් බැටකන යුගයක්. මෙම අමාත්‍යාංශයට ඉතා භාරදූර වැඩපිළිවෙළක් තියෙනවා. ඉදිරියේදී කටානේ සියලුම ජනතාවට කරාමෙන් ගේ ළඟටම ජලය ලබාදෙන්න කටයුතු කරනවා. අපි එජාපයට මුක්‌කු ගහලා ඇමැතිකම් අරගෙන කියලා පාක්‍ෂිකයන් නොමඟ යවනවා. ඒක නොවේ ඇත්ත අපි නොගියා නම් ඒ අය ද්‍රවිඩ සංවිධානය සමඟ සන්ධානගතවෙලා ආණ්‌ඩුවක් තනනවා. එයද හොඳ මෙය ද හොඳ කියලා බලන්න. මම හෙට ගෙදර ගියත් මගේ අනුගාමිකයන් කිසිවකුට වැරදි වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙවර පුංචි ඡන්දෙන් වැඩිපුර කාන්තා පක්‍ෂය ඉදිරියට ගේන්න කියා ද ඉල්ලීමක් කරනවා.
වරෙක බුලත් කොලෙන් එනවා, තවත් වරෙක අතේ එල්ලිලා එනවා. ඊළඟට පොහොට්ටුවෙන් එන්න සුදානම. අන්තිමට ඉතින් ඉල්ලන්න වෙන්නේ මිනීපෙට්ටියෙන් තමයි. නිකම්ම පාර අයිනේ වළ දානවාට වඩා පෙට්ටියක් ඇතුලේ යන්න ලැබෙන එකත් වාසනාවක්.
පොහොට්ටුවේ ඉන්ටර්විව් තියෙනකොට පොලිසිය ගියොත් වරන්ට්කාරයෝ ටික අල්ලා ගන්න පුළුවන්...
ඔය බවලතුන්ගේ අත්‍යාවශ්‍ය ලියකියවිලි වල වයස හරියට සඳහන් කරලාද බලන්න. අන්තිමේදී අර එක මැඩම් කෙනෙක් පාස් පෝට් එක තිරිහන් කළා වගේ බාලවයස්කාර අන්ගනාවන් චන්දෙ ඉල්ලන්න බැරි නැහැ .
ඔන්න මම කියන්නද ඕකෙන් දියුණුවෙලා ගොඩ යන විදිය මෙහෙමයි. මුලින්ම ඔය ටෙන්ඩර් වගේ දේවල් පාස් කරලා ගානක් හොයා ගන්නවා. වේදිකාවල පච කියන මඩ ගහන කතා නිකම්ම වගේ හුරු වෙනවා. ඊට පස්සේ කලෙකදී පාර්ලිමේන්තු චන්දෙට ඔන්න සෙට් වෙනවා. . පාර්ලිමේන්තුවට ගියොත් ඩියුටි ෆ්‍රී කාර් පර්මිට් එක ලැබෙනවා. පොලි නැතුව ණය ලැබෙනවා එ්ක ගෙන්නන. එක පස්සේ විකුනනවා. විශාල දියුණුවක් ලබනවා. අවුරුදු පහෙන් ෆුල් පැන්ෂන්. ඒ ටිකම මදැයි.
එකතුවෙමු... තවත් බැංකු කඩන්නට ඉඩ නොතියමු.
සාමාන්‍යයෙන් පොහොට්ටුවේ ඉන්ටර්වීව් තියෙන්නේ ගෙස්ට් හවුස්වලලු...
ඉන්ටර්වීව් එකේ පළමු ප්‍රශ්නය... ඡන්දෙට කීයක් වියදම් කරන්න පුළුවන්ද?
ජනවාරි 8 න් පස්සේ දිගටම කලේ, කරපු හොරකන් වලින් බේරෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වෙලා , 3/2 පාර්ලිමේන්තු බලය කඩනවා කියලා තර්ජනය කිරීම. ඒකට අහුවුණොත් අතරමං වෙන්නේ රටේ ජනතාව. බලයට, මුදලට රට පාවලා දෙන්නේ නැහැ.., නියම ලාංකිකයන්.
ඇයි පන්සලේ සම්මුඛ පරීක්ෂණ තියන්නේ