(සෙනරත් බණ්ඩාර)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද සයිටම් විරෝධී උද්ගෝෂණයක් අද (06) ගලහ මංසන්දියේදී පැවැත්විණි.
වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංසදය විසින් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී ආරම්භ කිරීමට නියමිත මාරාන්තික උපවාසයට සහයෝගය දැක්වීම සදහා මෙලෙස උද්ගොෂණයේ යෙදෙන බව ඔවුහු කීහ.
මේ හේතුවෙන් නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය පේරාදෙණියෙන් අවහිර වීම හේතුවෙන් වාහන ගමනා ගමනයට ද බාධා ඇති විය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනට කාපට් කරල තියෙන පාර ඉවරයි. මේ අය රට බේර ගන්න එක ගැන කතා කරන්නෙ තියෙන ඒවා විනාස කරගෙන. දැන් මේ උද්ගෝශන කරන අය ඔක්කොමල දොස්තරලා හරි, වෙන්න ඉන්න අය නම්, අපිට ලගදිම පිටරටට දොස්තරලව එක්ස්පෝට් කරන්න පුලුවන්.
සිසුන් කීප දෙනෙක් නිසා සමස්ත සිසු පරපුර අනාත වෙලා දේශපාලන අතකොලු වෙලා
පාරේ ගිනිදැල්වීම තහනම් කල යුතුයි..
මට තේරෙන්නේ නැහැ. මේ අය උද්ඝෝෂණ වලදී මහජන දේපොළ විනාශ කරන්නේ ඇයි කියලා. මට මතකයි 89/89 කාලයේ ජවිපෙ ලංගම බස් 500 කට ආසන්න ප්‍රමාණයකට ගිනි තිබ්බා.
මේ ශිෂ්‍යයන් අනාගත උගතුන් වෙන ලකුණු වෙනුවට රටටම ප්‍රශ්නයක් වෙලා. තමන්ගේ ශිෂ්‍ය පහසුකම් වියදම් යැපෙන්නේ මහජන බදු මුදල් මත නම් අනුන්ගේ අධ්‍යාපන ප්‍රමිති ගැන බලා ගන්න අදාළ නිලධාරින්ට බාරදීලා.. තමන්ගේ යුතුකම හරියට කරන්න. අනුන්ගේ අධ්‍යාපන අවස්ථා ගැන කුහක වේවි, අපේ බදු මුදල් අවුරුදු ගණන් විශ්ව විද්‍යාලයට නාස්ති කරන්න එපා. තව අනාගත උදවිය ඉන්නවා සරසවියට එන්න බලාගෙන. ! ඔබලා පිස්සු නටමින් ඔතන කල් මරනකොට ඒ උදවියට මොකද වෙන්නේ?
ඔයගොල්ලන්ගේ දෙමව්පියන් මැරෙන්නේ උපවාස නිසා නොව, අනුන්ගේ දරුවාගේ අධ්‍යාපනය ගැන හටගත් ඉහවහා ගිය කුහකකමින් බව මුළු රටටම තේරී හමාරයි. අඩු ගානේ පාරවල් අවහිරකර මහජනයාට බාධා කිරීම වරදක් බවවත් ඒ උදවිය ගෙදරදී කියාදීලා නැද්ද?
ටිකක් ඉවසන්න සයිටම් වහන්න කියලා රට ජාතියට මහත් වූ ආදරයෙන් පෙලෙන දෙමාපියවරු දස දහස් ගාණක් මාරාන්තික උපවාසයකට සැරසෙන වෙලාවේ ඒක කඩා කප්පල් කරන්න එවපු පිල්ලියක්. සයිටම් ජනසතු කරපු ගමන් රටේ සියලු වෛද්‍යවරු නිදහස් වාහන බලපත්‍ර, තම දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලන්නේ නැතිව දින 365 පුරාම පැය 24 ම රෝහල් තුලට වී සේවය කරනවා. චැනල්, පුද්ගලික රොහල් තියන පාරකින්වත් යන්නේ නෑ.
ආ දැන් අපි භය වේවි මේ විදියට පාරවල් අවහිර කරලා ඔයගොල්ලන්ගේ කුහක මව්පියන්ව උපවාසයට යොමු කලාම. හරිම කැමති ඇති මුළු රටේම මිනිස්සු මළපොතේ අකුරක් නොදන්නා මිනිස්සු වෙලා තමන් විතරක් උගත්තු වෙනවාට. සයිටම් නෙවෙයි හෙට අල්ලපු ගෙදර ළමයා ඉස්කෝලේ යන එක නවත්වන්න කියලා උඩ පැන්නත් අපිට පුදුම නැහැ.
රජයක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී රටේ යහපත උදෙසා දරදඬු තීරණ ගැනීමට නොපසුබට විය යුතුයි . 80 ජූලියේදී දී ජේ ආර් කල දේ මම අනුමත නොකරන මුත් එවැනි තීරණක් ගැනීමට ජේ ආර්ට කොන්දක් තිබුන බව අවිවාදිතයි .අද පාලකයනට නැත්තෙත් ඒකමයි .
මේක හින්දා තෙල් නැති පාඩුව අඩු වෙනවා...ඒකයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ.....
මොරටුවේ ඉන්ජිනේරුවොත් මේ වගේනේ. අම්මල තාත්තලා එක්ක ඇවිල්ල කුහකකම පෙන්වනවා. ඊට පස්සේ වෙන රටකට පනිනවා. මෙහෙ ඉංජිනේරු වැඩ කරන්නේ ඩිප්ලෝමා ගත්ත අය. ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවෝ වෙන රටවල ඉඳල ඉංජිනේරු නොවෙන අට පාස් අය කරන වැඩ කරලා ඩොලර් හොයනවා. මහජනයාගේ සල්ලි විනාශ වෙන්නේ සහ කාබාසිනියා කරන්නේ මේ දොස්තරලා සහ ඉංජිනේරු මහත් හොරුන් තමයි.
මේ වගේ අයට මිනිස්සු ගහල පන්නන්න වෙනවා. පාරේ කරන අපරාධය මිනිස්සුන්ට පාරෙවත් යන්න බැරී තත්වයක් ඇති කරන කට්ටියක්.