(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අඹගමුව ප්‍රාදේශිය සභාව කොට්ඨාස ක්‍රමය අනුව කොටස් තුනකට වෙන් කිරිමේදී සිංහල ජනතාව බහුතරයක් ජීවත්වන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ශ්‍රීපාදස්ථානය පිහිටි භුමිය වෙන් කිරීමට එරෙහිව අද (31) ගිනිගත්හේන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
කන්ද උඩරට ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයේ සභාපති හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජ් මහතා පැවසුවේ බහුතරයක් සිංහල ප්‍රජාව ජීවත්වන අඹගමුව ප්‍රාදේශිය සභාව,මස්කෙළිය, නෝර්වූඩ් හා අඹගමුව වශයෙන් සභා 3 කට කඩා වෙන් කිරිමෙන් බහුතර බෞද්ධ ප්‍රදේශයෙන් ඉවත්වන ශ්‍රීපාද භූමිය හා මෙතෙක් කල් පැවති ජාතීන් අතර සැබෑ සංහිඳියාව රැක ගැනීම අරමුණු කරගෙන මෙම විරෝධතාව පවත්වන බවයි.


2025 දෙසැම්බර් මස 04
183
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
373
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අඹගමුව ප්‍රා.සභාව කොටස් තුනකට වෙන් කිරිමට විරෝධය
හේමන්ත Tuesday, 31 October 2017 07:04 AM
මෙහෙමත් මෝඩයෝ රැලක්. මෙම සභාව විශාල භුමි ප්‍රමාණයක් නියෝජනය කරන නිසා ජනතාවට අවශ්‍ය සේවාවන් පහසුවෙන් ලබාදෙන්නයි කොටස් තුනකට වෙන් කරන්නේ. හැබැයි මුන් විරෝධය දක්වන්නේ හරියට සිරීපාදේ ප්‍රාදේශීය සභාවට ලියලා දෙනවා වගේනේ.
GayanWednesday, 01 November 2017 10:50 AM
සියලුම ජාතින් එකට හිටපු ප්‍රාදේශීය සබාව කෑලි තුනකට කඩල සුළු ජාතීන් බහුතරයක් වෙන විදිහට අලුතෙන් ප්‍රාදේශීය සබා හදන එක හොදයි කියල හිතන අය තමයි නියම මෝඩයෝ. සුද්දා කලෙත් ජාතින් විදිහට මිනිසුන්ව බෙදීම. සහජීවනයේ නාමයෙන් මේගොල්ලෝ කරන්නෙත් මිනිස්සුන්ව බෙදීම.
ravi Tuesday, 31 October 2017 09:24 AM
ඔබට සතුටුයිද දැන්?
nimal Tuesday, 31 October 2017 11:05 PM
අධ්‍යාපනඥයිනි ඔබ විසින් බිහි කළ ප්‍රඥාවන්තයින් සිතන ආකාරය මෙය නම් නැවත නැවතත් සිතා බලනු මැන.
palitha Wednesday, 01 November 2017 03:08 AM
මෙතන මෝඩයෝ අපි තමයි. සමහරක් අයට අවශ්‍ය වනුයේ ප්‍රාදේශීය මට්ටමින් ජන අනුපාතය වෙනස් කිරීමයි. එවිට ප්‍රාදේශීය පාලන වෙනස් වෙනවා. ඇයි අඹගමුව ප්‍රා.සභාව කොටස් තුනකට වෙන් කරන්නයි කල්මුනේ නගර සභාව වෙන් නොකරන්නැයි හේතු පැහැදිලිව පේනවා.
ase Wednesday, 01 November 2017 07:37 AM
කල්මුනේ නගර සභාව වෙන් කරලනේ