නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ධූරයේ වැඩ භාරගැනීමෙන් පසු නව නාවික හමුදාපතිවරයා මෙලෙස නිල වශයෙන් ජනාධිපතිවරයා හමුවූ අතර සාම්ප්‍රදායිකව සමරු තිළිණ හුවමාරුව ද සිදු කෙරිණි.
ඡායාරූපය - සුදත් සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙතුමා ගැන වැඩිය දන්නේ නම් නැහැ. හැබැයි, ට්‍රැවිස් සින්නයියා මැතිතුමා ගැන නම් රට කතා කලා බොහොම ගෞරවයෙන්, හරියට අර ඉලන්චේලියන් විනිසුරු තුමා ගැන කතා කරනවා වගේ. අද යුද්දෙත් නැති නිසා ඉන්දියානු මාළු කාරයන්ගෙන් අපේ මිනිස්සුන්ව බේරා ගැනීමේ සටන ජය ගන්න හැකිවුනොත් ඒකත් ලොකු දෙයක්.
කලින් නාවික හමුදාපති තුමා මෙතුමා තරම් වයස නැහැනේ.....
මේ නාවික හමුදාපති මාස කීයකටද ? පත්වුණේ....
නැව ගන්න දෙන්නකෝ....ඕන තරම් සේවය දික් කරන්නම් ..........
වත්මන් රජයේ කිසිම පත්වීම් පිළිබඳව කිසිසේත්ම සෑහීමට පත්වෙන්න බැහැ. මහ බැංකු අධිපති, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහල තනතුරු, ලිට්රෝ ගැස් සමාගමේ සබාපති,නාවික හමුදාපති. එතනින් නොනැවතී මුදල්, නීතිය හා සාමය පිලිබඳ, අධිකරණ ඇමතිකම් සේරම ඒ හා සමානයි. වත්මන් පාලකයෝ අඩුම තරමේ මරණාධාර සමිතියක් පවා පවත්වාගෙන යාමට සුදුස්සක් නොවෙයි.
සින්නයියා මහත්මයාට වුන දේ ගැන කනගාටුව පලකරමි. ඔහු කෙලින් මිනිහෙක් බව නම් දන්නවා.
මෙතුමා කලින් එක්කෙනාට වඩා මාස 2ක් බාලයි. මෙතුමා ඉතාමත්ද හොඳ නිළධාරියෙක්
නාවික හමුදාපති අත් වැසුම [ග්ලව්ස්] පැලදගෙනම,අතදීම හරි නැ වගේ.
අංක 2 නිල ඇඳුමට අත් වැසුම් දැමිය යුතුයි. ඒකයි වෙලා තිබෙන්නේ.