(රංජිත් රාජපක්‍ෂ)
එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන අමාත්‍යංශය විසින් අඹගමුව ප‍්‍රාදේශීය සභාව කොටස් තුනකට කඩා වෙන් කිරිමේදි ශ්‍රී පාදස්ථානය අඹගමුව ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයෙන් වෙන් කර මස්කෙළිය ප‍්‍රාදේශිය සභාවට ඇතුළු කිරීමට මෙරට පාලකයින් කටයුතු කර ඇති බව පවසමින් මස්කෙළිය සමන් දේවාලයේදි අද (8) කන්ද උඩරට ප‍්‍රගතිශිලි ජනතා ව්‍යපාරය මගින් විශේෂ සමන් දේව පුජාවක් පවත්වනු ලැබීය.
අතිබහුතර සිංහල ජනතාවක් වෙසෙන අඹගමුව ප‍්‍රදේශයෙන් ශ්‍රී පාදස්ථානය කඩා වෙන් කිරිමට එරෙහිව එම ජනතා ව්‍යපාරය මගින් පසුගියදා උද්ඝෝෂණ ව්‍යපාරයක්ද පැවැත්වූ අතර එම ව්‍යපාරයේ සභාපති අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රය නන්දරාජ මහතා පවසන්නේ දිර්ඝ ඉතිහාසයක් ඇති අඹගමුව සෙල්ලිපිය සහ ශ්‍රී පාදස්ථානය අතර අතිතයේ සිටම සම්බන්ධතාවයක් තිබු බවයි. කිහිපදෙනෙකුගේ දේශපාලන අවශ්‍යතාවයක් මත අඹගමුව ප‍්‍රාදේශිය සභා බල සීමාවෙන් ශ්‍රී පාදස්ථානය වෙන් කිරිම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි හෙලපි‍්‍රය නන්දරාජ මහතා පවසන්නේ.
මෙම ගැටලූව සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ශ්‍රී පාදස්ථානය මුළු ලෝකයේම සිටින බෞද්ධයන්ගේ මෙන්ම සෑම කෙනෙකුටම අයත් පුජනිය ස්ථානයක් බවයි. ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුව මෙරට සියලූ ජාතින් අතර සංහිඳියාව නැති කිරිමට කටයුතු නොකරන ලෙසට ද උන්වහන්සේ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම විකාරද මේ අයට? වැඩ නැති මිනිස්සු. සිරීපාදෙ කුණු කන්දක් කඩන් වැටුනා මේ ලඟදි. එතකන් අඹගමුවේ සභාවේ අය බුදියගෙනද හිටියේ? බලාගෙන, දෙවියෝ කෝපවෙලා රිටර්න් එක දෙයි.
මේ ආණ්ඩුව කරන්නෙම හත්පොලේ ගාගන්න එක. හරියට තෙල් ටිකක් දීගන්න බැහැ.රට අවුල් කරන එකනම් තිතට කරනවා.
දෙයියන්ට සිරීපාදේ තියෙන කුණු ගැනවත් මොකක්වත් කරගන්න බැරි එකේ මේවා නවත්තන්න තියා හිතාගන්නවත් බැරිව ඇති මොනවද වෙන්නේ කියලා.
අනේ මන්දා පුදුම දේවල් තමයි ලංකාවේ තියෙන්නේ දෙවියන්, බුදුන් ඉන්නේ හෝ හිටියේ කුමක් සඳහාද කියලවත් දන්නේ නැති අය බස් වලටත් ගහනවා.... බුදු සරණයි කියලා.
මස්කෙළිය තියෙන්නේ ලංකාවේ නෙමෙයිද?
ඡන්දෙන් දිනන්න ආගමික වශයෙන් සංවේදී මෙවැනි ස්ථානවලට අතතැබීම අනාගතයේ බරපතල ගැටලුවලට අතවැනීමකි.
මේ අය බලේ ඉන්නයි හදන්නේ... බුද්ධාගමට මොනවා වුණත් කමක් නැහැ..
නායක හාමුදුරුවෝ කිව්වේ ශ්‍රීපාදස්ථානය අයිති රත්නපුර දිස්ත්‍රික්කයට කියලා. එහෙමනම් අඹගමුවට අයිති වුනේ කොහොමද? පැහැදිලි කර දෙන්න.