(ඉෂාන් සංජීව / රේඛා තරංගනී ෆොන්සේකා / සෙනරත් බණ්ඩාර)
වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංසදය විසින් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයට සහයෝගය දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(7) කොළඹ දන්ත වෛද්‍යායතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
එහිදි විරෝධතාකරුවෝ පඹයකු පුළුස්සමින් විරෝධතාවයේ යෙදුණහ.
දෙමාපිය ජීවිත බිලි නොගෙන සයිටම් වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් මොරටුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ද නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වීය.
සයිටම් සම්බන්ධයෙන් නිවරැදි සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිට මහනුවර දක්වා විරෝධතා පා ගමනක නිරතවූහ




(ඉෂාන් සංජීව)


(මොරටුව - රේඛා තරංගනී ෆොන්සේකා)


(පේරාදෙණිය-සෙනරත් බණ්ඩාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නේ එකේනේ , ඉල්ලග කන්න හදන්නේ , මැරිලා ගියාම කාටද පාඩු
රජයේ දේපොල හානියට මේ අයව අත්අඩංගුවට ගන්න බැරිද?
රටේ එක පළාතක අම්මල, නැතිවූ දරුවෝ ගැන තොරතුරක් ඉල්ලලා උපවාස. අග නගරේ තාත්තල කීපදෙනෙක් වෛද්‍ය විද්‍යාලයක් වහන්න කියල මාරාන්තික උපවාස. මට දුකක් දැනෙන්නේ පලවෙනි උපවාසය ගැන. මොකද එ්ක දරු කැක්කුම හින්ද. දෙවෙනි එක යල්පැනගිය අවලංගු දේසපාලන පක්සවල උසි ගැන්වීම්. මේ තාත්තලා කොච්චර සල්ලි වියදම් කරන්න ඇතිද A /L වෙනකම් මේ දරුවන්ට අද්‍යාපනය සල්ලිවලට අරන්දෙන්න. එතනින් පස්සේ විතරද සල්ලිවලට් හොඳ නැත්තෙ.
අධ්‍යාපන ආයතන වසා නොදමව්!!! සෑම කෙනෙකුටම කිසියම් හෝ ක්‍රමයකින් විශ්ව දැනුම ලබාගැනීමට ඇති අයිතියට අත නොතබව් !!!!! මේ රටේ නම් තියෙන්නේ ඔක්කොම පෞද්ගලික විශ්ව විද්‍යාල අපිත් තව තව උගෙන ගන්නවා උපාධි ගන්නවා ලෝකයේ හොඳම ඒවා මෙහෙ තියෙන්නේ කිසිම කෙනෙක්ට තහනම් කරන්න බැහැ නමුත් ලංකාවේ උපාධි ලබා පැමිණෙන අය මේකට කැමති නැහැ ලියුම් ලියනවා සමාජිකත්ව නොදෙන්න කියා, මහා කුම්මැහි ජාතියක් වෙලා
ළමයින්ගේ අම්මල තාත්තල කියන්නේ ලකුණු එකක් මදිවෙලා ගෙදර ඉන්න අල්ලපු ගෙදර ළමයට උගෙන ගන්න එපා කියලද?
අන්තරේට ඕන රට ආපස්සට ඇද දැමීමයි. එය එ් අයගේ පෙර පුරුද්ද .ගිනි තැබීම් කෝලහල කිරීම් . පාලනය තද මදි. පන මදි. ඒකයි මේ සේරම සෙල්ලම්. කෙසේවත් බුරුලක් නොපෙන් විය යුතුයි.
අනේ! අපේ රටේ ඉන්න මෝඩ තරුණයින් දැක්කම අනුකම්පා හිතෙනවා. වෙනත් රටවල තරුණයින් මොනතරම් නම් සුන්දර ලෙස ඔවුන්ගේ තරුණ අවධිය ගත කරනවද? ඔවුන්ව දැක්කත් වාසනාවක් . එත්, අපේ රටේ මේවගේ අය දැක්කම. කැඳත් නැහැ. තියන කුහක කම් නිසා මුහුණු මුසල වෙලා. මේ අය ඉගෙනගත්තත් වැඩක් නැහැ ගන්න පඩියවත් වගතුවක් වෙන එකක් නැහැ. ඒක තමයි මේ ලෝකේ අප අත්විඳින ධර්මය. ඔවුන්ගේ හිත්වල කැකෑරෙන ගින්දර තමයි මේ අපිට පෙනෙන්න මහපාරේ පත්තු කරන්නේ.
මේ වගේ කුහක දෙමව්පියන් මෙම සමාජයට බරක් නිසා උපවාසයෙන්ම ඉවර වෙනවා නම් කදිම තමා. අද්යාපන ආයතනක් වහන්න ඉල්ලීම් කර උපවාස කරන මේ අය කුහක කමින් පිරිලා.
මේවා විශ්වවිද්‍යාල සිසුන්ට ඔබින වැඩ නොවෙයි මේවා නුගත් ක්‍රියාවන් . ඔය ශිෂ්‍ය නායකයන් දේශපාලන හස්තයන්ගෙන් ක්‍රියාත්මක වෙන රූකඩ... ඔවුන් කොහොම හරි පරිපාලනයට මුක්කු ගහලා ලොකු තනතුරු ලබා ගන්නවා අද එහෙම කී දෙනෙක් ඉන්නවාද .ඔය ශිෂ්‍ය නායකයන් යයි කියාගන්න වුන් පසුපස කාලය කා දමමින් දුවන අහිංසක සිසුන්ට ඉතින් දෙවියන්ගේම පිහිටයි ..
සයිටම් එකේ තියන ප්‍රශ්නේ හරි හමන් ක්‍රියාකාරී පුහුණුවක් දෙන්නේ නැතිඑක නම් ,ඒගොල්ලොන්ට රාජ්‍ය රෝහල්වල පුහුණු වීම් කරන්න දෙන්න එතකොට හරිනේ . මෙතැන් තියන ප්‍රශ්නේ එක නෙමයි ,අපේ ළමය රෑ එළිවෙනකම් පාඩම් කරලා උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිහින් ගන්න එක ,තව එකෙක් සල්ලි ටිකක් වියදම් කරලා ගන්න හදානවා කියන කුහුක මනසිකත්වය . ඔය එක දේශපාලන පක්ෂයකට තියෙන්නෙම ඔය කුහක මානසිකත්වය මයි
නරකද සයනයිඩ් බෙදුවොත්? අනේ මෙහෙම කාලකන්නි. තොපිට කිසිම සහනයක් ආණ්ඩුවලින් ලැබෙන්නේ නැහැ. අපිත් මේ ප්‍රස්නයෙදී රජය සමගයි.
මේවා පාදෙණිය වගේ මහින්දට කඩේ යන එවුන්ගේ පාදඩ වැඩ. අධ්‍යාපන ආයතන වසා දමන්න හදන අයට තිබෙන්නේ අනිත් අය ගැන ඉරිසියාවක් පමනයි . මුන්ට ශාප වේවා. ආනන්තරිය පාප කර්මයම පලදෙවා. මේ අය හිතාගෙන ඉන්නේ හැමදාම ජීවත් වෙන්න. කරුමය ඉක්මනින් පලදෙවී.