කාංචන කුමාර ආරියදාස
මුලින් දණහිස ගාවට තිබූ වතුර මට්ටම සුළු මොහොතකින් සැඩ ජල පහරක් ලෙස වැඩි වූ බව මාතලේ ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ වැද්දාපැනි ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිට මියගිය කිංස්ලි රත්නායක මහතාගේ බිරිය දුලීකා මාරසිංහ මහත්මිය පැවසුවාය.
තමන් ඇසින් දුටු සිද්ධිය විස්තර කරමින් ඇය මෙසේ කීවාය.
" අපේ මහත්තයා මේ ප්‍රදේශයේ හෝටලයක් ඉදි කරමින් ඉන්නවා. මීට දින කීපයකට පෙර එයා ඇවිල්ලා වැඩ බලලා ගියේ . අපේ මහත්තයගේ යාළුවෙකුගේ උපන්දිනයක් තිබුණා. එයාලා කිව්වා හෝටලේ පැත්තට ගිහිල්ලා විනෝද වෙමු කියලා. එයාලා පදිංචි වෙලා ඉන්නේ පාරෙමයි. අපි තුන්වැනිදා තමයි මෙහෙට ආවෙ.
අපි නාන්න එනකොට දනිස් වටක්වත් වතුර තිබුණේ නෑ. මගේ චූටි දරුවා වතුරේ හිටියා. අනිත් අය ඊට එහායින් හිටියේ . එයාගේ සෙරෙප්පු දෙකත් වතුරට ගසා ගෙන යනකොට එයා ඒක ගන්නත් උත්සාහා කළා . තවත් කට්ටියක් එතන නාමින් හිටියා . මම එතන ඉඳලා තාත්තා ඉන්න තැනට ගියා තාත්තගේ සෙරෙප්පු දෙක දෙන්න .මගේ පොඩි දරුවා අම්මට අල්ලගන්න කියලා තමයි මම තාත්තා ළඟට ගියේ. තාත්තා කිව්වා වතුර පාර හයියෙන් කඩාගෙන එනවා කියලා.
මම එතෙන්ට ඉක්මනට ගියා . වතුර පාර හයියෙන් එනකොට අපේ කට්ටිය එකට එක එක්කෙනා අල්ලගෙන රොදට වගේ හිටියා. මම හයියෙන් කෑගැහුවා. හිමිට ගොඩට එන්න ගොඩට එන්න කියලා. ඒත් එන්න එන්නම වතුර පාර සැර වුණා. ඉස්සරලාම එයාලා අල්ලං හිටපු රෝදේ කැඩුනා. එක එක්කෙනා ගසාගෙන යන්න ගත්තා. මගේ මහත්තයා ගසා ගෙන ගිහිල්ලා වැළක එල්ලිලා ගොඩක් වෙලා හිටියා ගොඩ එන්න උත්සාහ කරමින්. එතන හිටපු කිහිප දෙනෙක් යකඩ කූරක් දීලා එයා උඩට ගන්න හැදුවා යකඩ කූර අල්ලන්ට හදනකොටම අතහැරිලා මහත්තයත් ගසාගෙන ගියා.‘‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලය ඇති තැන්වල ඇති විය හැකි සියලු මාරක අනතුරු ආකාර මිට වඩා ජනතාව දැනුවත් කල යුතුයි
මේක නම් පෙර කරන ලද දෙයක විපාකයක්. දුක් වී පලක් නැහැ. තමන් කල දේවල් තමන්ටම පල දෙනවා. අපි ඔයාලා දන්නේ නැති වුනාට කර්ම ශක්තිය ප්‍රබල බව තමා කියල දුන්නේ. ධර්මය අනුව තේරුම් ගන්න. සුවපත් වේවා.
ඕනෑම තැනක පොඩි දියකඳ තප්පර ගාණකින් මහා ජාල කඳක් වෙනවා. කිසිම දිය පාරක නොදැන නාන්න බහින්න එපා.
සුගතිගාමී වී නිවන් ලබන්නට මිය ගිය හැමදෙනා අප කරනා කුසලයන් අනුමෝදන් වේවා!
හරිම දුකකි.. මියගිය සියලු දෙනාට නිවන් සුව පතමි. මෙවැනි අකල් මරණයන් ඇහෙන්න නොලැබෙත්වා. ජනතාව මිට වඩා දැනුවත් වුනානම් අපට මේ වගේ දේවල් අසන්න නොලැබේවී..
බොහෝ දෙනෙක් විනෝද වෙන්න යන්නේ නොදන්නා ප්‍රදේශ වලට... සමහරු මුහුදට යනවා. තව සමහරු ගංගා වලට, වැව් වලට යනවා. නොදන්නා ප්‍රදේශවලට යනවිට ප්‍රදේශ වාසින්ගෙන් විමසීමක් කරනවා නම් මෙවැනි දේ වෙන්නේ නැහැ. අයිටීඑන් එකේ අටපට්ටම බලනවා නම් මෙවැනි අනතුරු වලක්වා ගන්න පුළුවන්...
මෙයින් පාඩමක් ඉගෙන ගෙන, වර්ෂා කාලවලදී, ගංගා, ඇළ දොළ අදින් නෑමට යාමෙන් වලකින්න.