රාජපක්ෂ නාමය නොමැතිව ඒකාබද්ධයට ගමනක් යාමට නොහැකි දැයි විමසයි රාජපක්ෂ නාමය නොමැතිව ඒකාබද්ධ විපක්ෂයට ගමනක් යාමට නොහැකි දැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨයන්ගෙන් විමසා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. 26 June 2018
බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීමේ සේවාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීම සඳහා සේවාවන් ආරම්භකර තිබෙන අතර ඒ සඳහා රුපියල් 25000ක මුදලක් අය කෙරෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී .එම්.එල්.අයි දිසානායක මහතා පැවසීය. 26 June 2018
අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහ නායක ධූරය කොලොන්නාවේ සිරි සුමංගල හිමියන්ට පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරාධිපති, ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහා නායක පදවියට සඳහා පත්කරනු ලැබ තිබේ. 26 June 2018
භික්ෂුව දේශපාලන පලිහක් වෙලා බලලෝභී දේශපාලකයන්ගේ පලිහක් බවට භික්ෂුව පත්වීම කනගාටුවට කරුණකැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමියෝ පවසති. 26 June 2018
පළාත් සභා මැතිවරණය ගැන විවාදයක් ලබන මස 4 වැනිදා පළාත් සභා මැතිවරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස 4 වැනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයින් තීරණය කර ඇත. 26 June 2018
තැපැල් වර්ජනය මැදියම් රැයෙන් අවසන් තැපැල් සේවක වර්ජනය අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කෙරේ 26 June 2018
පොලිස්පතිගෙන් මියගිය සැරයන්ගේ පවුලට වන්දියක් කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය මාතර පොලීසියේ සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ සේවය අගය කර ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (26) රුපියල් විසි පන් ලක්ෂ හැට දහසක වන්දි මුදලක් පිරි නැමීය. 26 June 2018
ත්‍රස්තවාදී ලේබල් ගසා ප්රගීත්ගේ පරීක්ෂණ නොමඟ යැවීමට උත්සහ කරනවා ප්‍රගීත් එක්නැලිගොඩ මහතා එල්.ටී.ටී.ඊ යට හෝ වෙනත් කිසිම ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධව නොසිටි බවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අංශ මෙන්ම ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ සියලූ අංශ 26 June 2018
කොල්ලයෙන් තුවාල ලැබු කොස්තාපල් බලන්න පොලිස්පති රෝහලට මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සක්තාර ඒකකයේ ප්‍රතිකාර ලබන සැරයන් සුගතපාලගේ සහ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොස්තාපල් වසන්ත පුෂ්පකුමාර යන අයගේ සුවදුක් බැලීමට අද (26) පොලිස්පතිවරයා එම රෝහල් වෙත ගියේය. 26 June 2018
’දළදා හාමුදුරුවා් ළඟ පාෙරොන්දු දෙන කෙනකුට ජනාධිපතිවරණයේ දී සහය දෙනවා’ භික්ෂුන් වහන්සේලා විසින් මේ වනවිට සකස් කරමින් සිටින ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගන්නා බව දළදා හිමියන් ඉදිරිපිට දී එම ප්රකාශනයට අත තබා පොරොන්දු වන අපේක්ෂකයකුට 2020 ජනාධිපතිවරණයේ දී සහය දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. 26 June 2018
ඉන්ෆ්ලුවන්සාව නිසා උදුගොඩ රාජසිංහ විද්‍යාලයේ 1 ශ්‍රේණිය වසා දමයි කෑගල්ල , උදුගොඩ , කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට ඉන්ෆ්ලුවන්සා (ඒ) වෛරස් උණරෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ එම විදුහලේ පළමු ශ්‍රේණිය අද (26) වසා දැමීමට පියවර ගෙන තිබිණි. 26 June 2018
එළවලු ගිනි ගණන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල එළවලූ මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇතැයි පාරිභොගිකයෝ චෝදනා කරති. 26 June 2018
‘මා සිරගත කිරීමේ වගකීම මුළුමනින්ම ආණ්ඩුව බාරගත යුතුයි‘ තමන් සිරගත කිරිමේ වගකීම අනිවාර්යයෙන් ආණ්ඩුව භාරගත යුතු යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. 26 June 2018
ඇවන්ට්ගාඩ් නඩුව ජූලි 25 දාට කල්යයි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළැයි චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුව ලබන ජුලි මස 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (26) නියම කළේය. 26 June 2018
එක්දින හැඳුනුම්පත් සේවයෙන් වසරකදී කෝටි 25 ක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ එක් දින සේවාව මගින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමෙන් ගිය වසරේදී රුපියල් විසිපන් කෝටි පනස් හතර ලක්ෂ තිස් අට දහසක මුදලක් උපයා ගෙන ඇත. 26 June 2018
අගමැතිගේ සමීපතමයන් අඟේ ඉඳන් කන කනවා ආර්ථිකය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යා ලේඛන දෙමින් අගමැතිවරයාගේ ප්‍රතිරූපයට හානිකිරීමට ඔහු සමීපයේම සිටින නිළධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය. 26 June 2018
සිසු විරෝධතාවෙන් නාවල මාර්ගය අවහිර වෙයි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් නාවල අවට මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. 26 June 2018
අනතුරට පත් නෞකාවේ සිටි 11 ක් නාවික හමුදා සහයෙන් බේරා ගනිති කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබු ‘‘මුතා පයනියර්’’ නැමැති වෙළෙඳ නෞකාවේ සිටි කපිතාන් ඇතුළු නාවිකයන් 11 දෙනෙකු අද (26) අලුයම නිරුපද්‍රිතව බේරාගත් බව නාවික හමුදාව කියයි. 26 June 2018
‘උදයංග වීරතුංග ගෙන්වීමට හිට්ලර්ගේ සොහොයුරාට බාධාවක් නෑ‘ මිග් යනා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලැබ සිටින රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට අදටත් ඔහු සමඟ සමීප සබඳතා පත්වන හිට්ලර්ගේ සොහොයුරාට කිසිදු බාධාවක් තිබිය නොහාකියැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අද (26) පැවසීය. 26 June 2018
බැතිමතුන් ජල අනතුරුවලින් වළක්වා ගැනීමට ජීවීතාරක්ෂක බලෑණියක් පොසොන් සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් දිය අනතුරුවලින් වළක්වා ගැනීම සඳහා හැත්තෑ පස් දෙනෙකුගෙන් යුත් ජීවිතාරක්ෂක බලඇණියක් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් අමුණු සඳහා යොදවා තිබෙන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය. 26 June 2018
කාසල් රෝහලේ ප්‍රතිකාර ඩිජිටල් තාක්ෂණයෙන් කාසල් කාන්තා රෝහලේ සෞඛ්‍ය වාර්තා සහ රෝගී ප්‍රතිකාර සේවා රැසක් ඩිජිටල් තාක්ෂණය යටතේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 26 June 2018
නකල්ස් ලෝක උරුමයෙන් ඉවත් වීමේ අවදානමක නක්ලස් වනාන්තරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්විමේ අවදානමක් මතුව ඇති බව ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පැවසිය. 26 June 2018
සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුන් තිදෙනා ළමා නිවාසයක රඳවා තැබීමට නියෝග සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ඝාතනයේ සැකකාර සිසුන් තිදෙනා ජුලි 3 වැනි දා තෙක් රජයේ ළමා නිවාසයක රඳවා තැබිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් අද ( 12) නියෝග කළේය. 26 June 2018
මහින්දානන්දගේ නඩුවේ තීන්දුවෙන් පසු නඩුව වෙනත් අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පවරා ඇති නඩුවේ තීන්දුව ලැබුණු පසු නඩුව වෙනත් අධිකරණයකට මාරුකර යැවීමට නඩු ගොනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු වෙත යොමු කිරිමට පියවර ගන්නා බව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේය. 26 June 2018
ලෝටස් පාර වහයි ආබාධිත රණවිරුවන් පිරිසකගේ පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් මේ වන විට වසා දමා තිබේ. 26 June 2018
දකුණේ පෞද්ගලික බස් වර්ජනය දිගටම දකුණු පළාතේ සිට කොළඹ දක්වා දෙවන පුද්ගලික සාමාන්‍ය සේවා බස් රථ වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්ම වන අතර මේ වන විට පුද්ගලික බස්රථ කිසිවක් ධාවනය නොවන බව මගීහු පවසති. 26 June 2018
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි- දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ් රුපියල් මිලියන 20 ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි අයි.කේ මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන මස 07 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන්නැයි අධිකරණය නියෝග කර තිබේ. 26 June 2018
ක්‍රීඩකයාගේ පියා ගැන ඔත්තු දුන් දුරකතනය සොයාගනී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා කේ රංජන්ද සිල්වා ඝාතනය කිරීමට ඔහු සිටිනා තැන ගැන තොරතුරු ලබා දුන්නේයැයි සැක කරන දුරකතනයක් රත්මලානේ ඇළක තිබී අද උදේ සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 26 June 2018
හොර ඒජන්සියක් වටලා ගමන් බලපත් 49 අත්අඩංගුවට නීති විරෝධී ආකාරයට, වලංගු බලපත්‍රයක් නොමැතිව මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙක් විදෙස් ගමන් බලපත්‍ර 49 ක් සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 26 June 2018
යාපනයේ ළිඳක හය හැවිරිදි දැරියකගේ සිරුරක් යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී පාසල් නිල ඇඳුමින් සිටි හය හැවිරිදි දැරියකගේ සැක සහිත මළ සිරුරක් ළිඳක තිබියදී හමු වූ බවට වඩුක්කොඩෙයි පොලීසිය පවසයි. 26 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026