(නිමන්ති රණසිංහ)
තඹ කර්මාන්තශාලාවේ සිද්ධියට අදාළ 10 වන සැකකරු වූ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කරුපයියා රාංකේන්ජන් හෙවත් අබ්දුල්ලා නමැත්තා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(17) නියෝග කළේය.
මෙම සැකකරු ෂැංග්‍රිලා බෝම්බකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඔහුගේ රුපියල් ලක්ෂ 25ක චෙක්පත් මෙම සැකකරු බාරයේ තිබී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10වෙනි සැකකරු රිමාන්ඩ්.. පළමු සිට නමවෙනියා දක්වා අැප. මරු අම්මපා මෙහෙමත් නීතිය නමන නැමිල්ලක්.. නමනවා විතරක් නෙමෙයි.. වෙට්ටුත් දාගෙනම යනවා.. කාට කියම්ද මෙව්වා..?
ලංකාවේ සමහර නීතිය කරන අයත් වැඩ කරන්නේ එක එක න්‍යාය පත්‍ර වලට.. එයාලා ඒවා බයනැතිව කරන්නේ නීතිය තමන්ට ඕනි ඕනි විදිහට නමාගන්න පුළුවන් හින්දයි
ගල්කටස්, ඔබගේ නොදැනුවත්කම පිළිබඳව කණගාටු වෙනවා. පළමු සැකකරු හා සියවැනි සැකකරු අතර වෙනසක් නීතියේ නැහැ. ඉදිරිපත් කරන චෝදනා සහ ඒවා ඔප්පු කිරීමට ගෙන හැර පාන සාක්කි මත ඇපදීම හෝ දඬුවම් දීම රඳා පවතිනවා. මෙතන සිදු වූ දේ හරිද වැරදිද කියා මම දන්නේ නැහැ. නමුත් 1971දී සිදු වූ කැරැල්ලේ මූලිකයා වූ රෝහණ විජේවීර අපරාධ යුක්ති විනිශ්චය සභාවේ පළමුවැනි විත්තිකරු නොව 13වැනි විත්තිකරු වූ බව පමණක් සඳහන් කරන්නම්..
කොහොම වුනත් නීතියේ අර්ථකථනය වෙනස් විය හැක. උදාහරණයක් ලෙස පහුගිය දවස්වල සියලුදෙනාම දුටුවා තවත් අධිකරණ කටයුත්තකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිතිය අනුව යමක් කළනොහැකි බව පොතක් පවා පලකල නීතිවිෂාරදයකු එය එසේ නොවන බව තර්ක විතර්ක මහා අධිකරණයට ඉදිරිපත් කළා. තව විදියකින් කිව්වොත් තමන්ගේම අදහස විවේචනය කළා.
රවීන් මහතා කියන්නේ තම අාත්මය විකුණා දැමූ මහාචාර්යතුමා ගැන වෙන්න ඕනෑ. එතුමා ගැන කතා කිරීමත් නිශ්ඵල කටයුත්තකි.
තඹ කර්මාන්තකරුට තඹ පතරොම් කොපු දීම ගැන පරීක්ෂණ නැතිද ඒවා යට ගහලද?