(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් එම කාර්යාලයට පැමිණි කාන්තාවක් සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක් සොයා ගෙන ඇති බව පුත්තලම පොලිසිය කියයි.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් සැකකාර කාන්තාව පරීක්ෂා කිරීමේ දී එම කාන්තාව සිවිල් ආරක්ෂක නිලධාරීන්ට හැඳුනුම්පත ලබා දී ඇති බවත් පසුව ඇගේ අත් බෑගය පරීක්ෂා කිරීමේදී අනෙක් හැඳුනුම්පත සොයා ගැනීමට හැකිවී ඇති බවත් පොලිසි පැවැසීය.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව යාපනයේ සිට පුත්තලමට පැමිණ පුත්තලම දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පදිංචි කාන්තාවක බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එත් ... විමල් වීරවන්සයි එයාගේ බිරින්දෑවොයි තාම නිසංසලේ ..
හිටපු ඇමති බිරිදක්ද?
වීරවංස මහත්තයටත් ඔය ජාතික හැඳුනුම් පත්, පාස්පෝර්ට් දෙක දෙක තිබුනේ. ඉතින් මේක එච්චර ලොකු දෙයක්ද?