(කුෂාන් ජයවර්ධන)
කැකිරාව, මඩාටුගම හැවැන්තැන්නේගම ප‍්‍රදේශයේ පාලමක් අසළ සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් සහ යුද හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුමක් ආරක්ෂකඅංශ විසින් අද (17) සොයා ගෙන ඇත.
සොයාගත් උණ්ඩ අතර ගුවන්යානා නාශක උණ්ඩ 04ක්, එම්පීඑම්ජී උණ්ඩ 05ක්, මිලි මීටර් 9 පිස්තොල උණ්ඩ හා ගලවා වෙන්කළ උණ්ඩ කොටස් කිහිපයක්ද, තිබී සොයාගෙන ඇත.
ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් අනුව කළ සෝදිසි මෙහෙයුමකදී එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබිණි.
පුපුරණද්‍රව්‍ය තොගය සොයාගත් ස්ථානයට මීටර් 700ක් පමණ දුරකින් හැවැන්තැන්නේගම විද්‍යාලය පිහිටා තිබේ.
උණ්ඩ තොගය ඉදිරි කටයුතු සඳහා කැකිරාව පොලිස්ස්ථානය වෙත භාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොගයක්?
විශාල ප්‍රමාණයේ මඤ්ඤොක්කා අල විශාල තොගයක් සොයාගෙන නේද?