(මනෝජ් හර්ෂික)
දුම්රිය බහලුම් ප්‍රවාහන ගැල් 10 ක් අද (16) මෙරටට ආනයනය කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දැනට බහළුම් ප්‍රවාහන ගැල් 25 ඇති බවත් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බහාලුම් ප්‍රවාහන ගැල් 20ක් මෙරටට අනායනය කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය කියයි.
පළමු අදියර යටතේ බහලුම් ප්‍රවාහන ගැල් දහයක් අද(16) කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තයෙන් ගොඩ බෑ බවත් එම එක් බහාලුම් ගැලක වටිනාකම ඇමරිකා ඩොලර් 84,200 එනම් ආසන්න වශයෙන් රුපියල් මිලියන 15 පමණ වටිනාකමකින් යුක්ත බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්ධන ප්‍රවාහන ගැල් 05ක් ද ‘මයික් පැනමා’නෞකාවෙන් අද(16) ගොඩ බෑ බවත් ඉන් එක් ඉන්ධන ප්‍රවාහන ගැලක වටිනාකම රුපියල් මිලියන 15.2ක් වන අතර එක් ගැලක ඉන්ධන ලීටර් 45000ක ධාරීතාවයකින් යුක්ත බව අමාත්‍යාංශය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අපේ රටේ නිෂ්පානය කරගන්ට පුළුවන් බදඩු.
මිනිස්සුන්ට යන්න දුම්රිය පෙට්ටි ගෙන්වන්න දැනට තියෙන ඒවා ගොඩක් අබලන් තත්වයේ පවතින්නේ අලුත් ඒවා උතුරට විතරද ?
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ගේ වාහනයක් අඩුම ගානේ මිලියන 45ක් වෙනවා. ලගදි අගමැති ගත්තු වාහන දෙකේ වටිනාකම මිලියන 600 යි. ඔය වාහන වලට ගිය ගානෙන් මේවගේ 700 කට වැඩිය ගන්න පුළුවන්.
රේල්ලුවට තව තවත් උදව් කල යුතුයි....