ලෝක සාම දර්ශකයට අනුව ලංකාව දෙවැනියට 2018 ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ සාමය අතින් දෙවැනි ස්ථානයට පත් රට ශ්‍රි ලංකාව වන අතර පළමු ස්ථානය භූතානයට හිමි වී තිබේ. 27 June 2018
මැ.කො හෙට කතානායකවරයා හමුවෙයි පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය නීතිමය පසුබිම පාර්ලිමේන්තුවෙන් සලසා දෙන්නැයි ඉල්ලීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හෙට (28) කතානායක කරු ජයසූරිය මහතා හමුවේ. 27 June 2018
බුදු දහමේ හර පද්ධතීන් ආරක්ෂා කරගෙන ඉදිරියට යෑම අපේ වගකීමක් උතුම් බුදු දහමේ හර පද්ධතීන් ආරක්ෂා කරමින් ජන ජීවිත දියුණු කරමින් ඉදිරියට යෑමේ යුගයේ සුවිශේෂී වගකීමක් සහ අභියෝගයක් අප සියලු දෙනා හමුවේ ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (27) පස්වරුවේ පැවැසීය. 27 June 2018
තන්තිරිමලේ දරුවන්ට ලංකාදීප ශිෂ්‍යත්ව විජය පුවත්පත් සමාගම මඟින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද (27) ඒකාලෝක විය. 27 June 2018
වැරැදි වලට හසු වු 37 කගේ නම් ඡන්ද නාම ලේඛනයෙන් ඉවතට ජාතික මැතිවරණ කොමිසම විවිධ වැරදිවලට හසුවු 37 දෙනකුගේ නම් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කර ඇත. 27 June 2018
වසර තුනකදී ලාංකිකයන් 35,000ට ද්විත්ව පුරවැසිභාවය විදේශ රටවල පුරවැසිභාවය ගෙන සිටි ශ්‍රි ලාංකිකයන් 35,000 කට පමණ රජය පසුගිය වසර තුනේදී ද්විත්ව පුරවැසිභාවය දී ඇත. 27 June 2018
කඩුවකින් පහර කෑ සිසුවා රෝහලේ පොසොන් පොහෝ දින පා පැදි වලින් දන්සැල් වැඳිමට ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනකු එල්ල කළ කඩුව ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබු සිසුවා රෝහල්ගත කර ඇතැයි බව වැලිපැන්න පොලීසිය පවසයි. 27 June 2018
මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000 ක් විනාශයි රජයේ පාසල්වල මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000 ක් පමණ තිබෙන බවත් එවා නිවැරදි ලෙස නඩත්තු නොකිරීම නිසා ඉන් විශාල ප්‍රමාණයක් කැඩීගොස් ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් රැස්වීමේදි ප්‍රකාශ කර ඇත. 27 June 2018
උසස් පෙළ සිසුන්ට ටැබ් දීම නියමු ව්‍යාපෘතියක් ලෙසින් රජයේ පාසල්වල අපොස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන මුලින්ම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. 27 June 2018
යාපනය සුලිපුරම් දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ හය හැවිරිදි පාසල් දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු ලබන ජූලි මස 11 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ආශිර්වාදම් ග්‍රේෂියන් ඇලෙක්ස්රාජ් මහතා නියෝග කළේය. 27 June 2018
‘ආණ්ඩුවෙන් ඉවත් වු 16 ගෙන යන වැඩපිළිවෙළ ගැන සෑහීමක් නෑ’ ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම සිදුකරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. 27 June 2018
වීසා ක්‍රමය වෙනස් කිරීමට පියවර ශ්‍රී ලංකාවේ වීසා ක්‍රමය ළඟදීම වෙනස් කිරිමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 27 June 2018
‘වර්ජනයෙන් එකතු වු ලිපි-පාර්සල් දින 3 කින් බෙදා අවසන් කරනවා’ තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් එකතු වී තිබූ සියළුම ලිපි ලේඛන හා පාර්සල් දින තුනක් ඇතුළත බෙදා අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. 27 June 2018
ක්‍රීඩා පුහුණුවකදී ලංකිකයා මිය යයි එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු ලාංකිකයෙක් එරට ක්රිඩාංගණයකදි පුහුණුවීම් වල යෙදෙමින් සිටියදි ඇති වු හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කිරිමෙන් පසුව මියගොස් ඇති බව එම පුද්ගලයාගේ ඥතින් පවසයි. 27 June 2018
‘ ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් උඩින් ගිය ඉබ්බාට වුණ දේ වෙනවා‘ භික්ෂූන් වහන්සේලාට හා රණවිරුවන්ට සිදුවන හිරිහැර ,බාධක පිළිබඳව පාර්ලිමේන්තුවේ දී හෝ ප්‍රධාන ස්ථාන වලදී කතා කිරීමට ආණ්ඩු පක්ෂයේ සිටින අයෙකු නිසා තමන්ට හැකියාවක් නොමැති බව ග්‍රාමීය ආර්ථික සංවර්ධන හා ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා දඹුල්ලේදී පැවසීය. 27 June 2018
එකම විශේෂඥ වෛද්‍යවරයා වැඩිපුර ඉන්නේ ගුවන් යානයේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු සිටිය යුතු නමුත් වසර 12 ක් තිස්සේ එහි සිටින්නේ එකම විශේෂඥ වෛද්‍යවරයකු පමණකැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි. 27 June 2018
ඇමෙරිකාවේ රෝහලක පිපිරීමකින් අයෙක් මරුට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලක සිදුවු පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බොහෝ දෙනා පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත. 27 June 2018
ව්‍යාපාරවල පහසුවට අභ්‍යන්තර ගුවන් ගමන් දිවයිනේ අභ්‍යන්තර ගුවන් ගමන් ව්‍යාපාර සඳහා රජය විසින් පහසුකම් සපයාදීම ආරම්භ කර ඇති හෙයින් එය රටේ ආර්ථිකය දිරිගන්වන වැඩපිළිවෙලක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (27) වැලිසරදී පැවසීය. 27 June 2018
තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න ලෙබනනයේ හා ජෝර්දානයේ රැකියා සදහා පිටත්ව ගොස් සිටියදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවන් දෙදෙනෙකු පිළිබද තොරතුරක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. 27 June 2018
සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියක් නොදැන කළ වරදක් අන්සතු කෙඩ්‍රිට් කාඩ්පතක් භාවිතා කරමින් රුපියල් 10,000 ක භාණ්ඩ මිලදී ගත් සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියකට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ඊයේ (26) නියෝග කළේය. 27 June 2018
රට පුරා පොසොන් දන්සල් 4397 ක් මෙවර පොසොන් සතිය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් ආහාර දන්සල් 4397ක් පැවැත්වෙන බව සමස්ත ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරැන්ගේ සංගමයේ ලේකම් මහේන්ද බාලසුරිය මහතා පවසයි. 27 June 2018
එස්.එෆ් බණ්ඩා ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනේ මීට දෙවසරකට පෙර තිරප්පනේ සෙලෙස්තිමඩුවේදී එස් එෆ් බංඩා හෙවත් ටී එම් සරත් බංඩාර නැමැත්තා ඇතුළු තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. 27 June 2018
ජාත්‍යන්තර වෙළෙඳ පොළට ප්‍රවේශ වීමෙන් වේගවත් ආර්ථික වර්ධනයක් අත් කර ගත හැකියි මිලියන 22ක කුඩා වෙළෙඳපොළක් තුළ වේගවත් ආර්ථික වර්ධන වේගයක් ලබාගත නොහැකි බවත් ඒ සඳහා විශාල වෙළෙඳපොළවලට පිවිසිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පැවැසීය. 26 June 2018
විනය හේතු මත ඉවත් කළ විදුහල්පතිවරුන් දෙපළ යළි පාසලට විනය හේතු මත කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් ඉවත් කරන ලද විදුහල්පතිවරුන් දෙදෙනකු යළිත් පාසලට ගෙන්වා අද (26) එම විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාපිය වන්දනා වැඩසටහනක් පැවැත්වීමේ සිදුවීමක් වාර්තා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 26 June 2018
උපාධිධාරීන් 4800 කට රජයේ රැකියා උපාධීධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පළමු අදියර ලෙස උපාධිධාරීන් 4800 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (26) පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. 26 June 2018
සංවර්ධන යෝජනා ගැන සොයන්න අගමැති අනුකමිටුවක් අමාත්‍යංශවල දැනට හිරවී ඇති සංවර්ධන යෝජනා පිළිබඳව සොයා බලා කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති අනු කමිටුවක් පත් කර ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කමිටුව පත්කර ඇත. 26 June 2018
කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන සහ ආපදා කළමනාකරණ ඇමති දුමින්ද දිසානයක යන මහහත්වරුන් අතර අද (26) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 26 June 2018
වල්ලපට්ටා තොගයක් කටුනායකදී අත්අඩංගුවට වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (26) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 26 June 2018
පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ 9ක් පොලිස්පතිගේ ඇගයීමට පාතාල කල්ලි සාමාජිකයින් හා පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සිවිල් වැසියන් 9 දෙනෙකු ඇගයීම සඳහා රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සිදු කෙරිණි. 26 June 2018
වෛද්‍යවරියකට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට කල්පිටිය - ආලංකුඩාව මධ්‍යම බෙහෙත් ශාලාවේ බාහිර රෝගී අංශයේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි ගැබිණි වෛද්‍යවරියකට මරණ තර්ජන එල්ල කළේ යැයි පුද්ගලයෙකු නොරොච්චෝල පොලිසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. 26 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026