(විජේරත්න රත්නායක )
අයිඑස් සංවිධානයට සම්බන්ධයක් ඇති බවට සැකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ පුද්ගලයකු ඇල්ල නගරයේ හෝටලයකදී ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊ.එස්.ප්‍රනාන්දු මාවත, කොළඹ 6 යන ලිපිනයේ පදිංචිකරුවකු බව කියන 36 හැවිරිදි පුද්ගලයෙකි.
එම සැකකරුගේ දුරකතනයේ අයි එස් සංවිධානයට සම්බන්ධ කෙටි පණිවිඩ ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙය වීමෙන් සැකකරු අත්අඩංගුවට ගැණිනි.
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd