(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බව කී අගරදගුරුතුමෝ එම නිසාවෙන් අත සෝදාගෙන පැත්තකට වී සිටීමට නොහැකි බව ද කීහ.
නමුත් රටේ නායකත්වය අත සෝදාගැනීමේ ක්‍රියාවලියකට එළඹ සිටින බව ද කාදිනල්තුමෝ කියා සිටියහ.
මේ අතර පසුගිය දා සිදුවූ සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් ගැන සොයා බලා රජය හා ආරක්ෂක අංශ ඔවුන් පිළිබඳව පියවර ගත යුතු බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාවේ ජනතාව අතර සිංහල සංස්කෘතියක් ඇති බවත් ඒ සංස්කෘතිය ගොඩනැගී ඇත්තේ බුද්ධාගමේ සංකල්ප සහ ඉගැන්වීම් පදනම් කරගෙන බවත් කී අගරදගුරුතුමෝ ශ්‍රී ලංකාව බුද්ධාගම සම්බන්ධ නැති රටක් බවට කිව නොහැකි බවද කීහ.
ලංකාව සිංහල ආර්ය සංස්කෘතියකට අනුව සකස් වූ රටක් බව කී කාදිනල්තුමෝ රටට ඉහළින් ගමන් ගන්නා විට වැඩිපුරම දක්නට ලැබෙන්නේ වැව් සහ දාගැබ් බව ද සඳහන් කළහ.
මේ වන විට මීගමුව ප්‍රදේශයේ ගෙයින් ගෙට සෝදිසි කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එය වැදගත් ආරක්ෂක ක්‍රියාදාමයක් බවත් කාදිනල්තුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවෙහි අද (19) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.
ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ ද මෙම වැඩසටහනට වැඩම කර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඹයන් වැනි නායකයන් දෙදෙනෙකු සිටින විට ජනතාවට වෙන කුමන පිහිටක්ද?
අතිගරු කාදිනල්තුමනි !! ඇත්තෙන්ම ඔබ වහන්සේගේ මෙම උත්සාහය අප ඉහළින්ම අගය කරන්නෙමු. මෙම නිහින මිලේච්ඡ ක්‍රියාවට වචනයකින් හෝ සම්බන්ද සියලුම දේශදෝහීන් දේශපාලුවන්, නිලධාරීන් කියන සමහර නිවටයන්ට එකී මෙකි නොකී සියලුම පාහරයන්ට (දේශදෝහීන්ට දඩුවම නම් මරණය හැර වෙන කිසිවක් නොමැත) කෙසේ හෝ දඩුවම් කිරීමට ඔබවහන්සේ දරන ප්රයත්නයට අප හදවතින එය සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරන්නෙමු.
කාදිනල්තුමනි, නීති සහය පතා කාට ඇඟිල්ල දික්කරන්නද? රජය සියලුම පව් අර සිය දිවිහානිකරගත් ත්‍රස්තයින්ට පිට දාලා ඉවරයි. ත්රස්තවාදයේ මූලිකයාම බෝම්බ බැඳගෙන ගිහින්.. සියලුම වියදම් එයාගෙන්... ආයුධ ගෙන්වූයේ එයා... අනික් සියලු දෙනාම අහිංසකයි. කාවද මේ ගොනාට අන්දන්නේ? ඔබතුමා ඇතුළු අපිව නේද?
තුවාලෙ සිද්ද වුණු කෙනා කොච්චර අඬන්න ඕනෑද? රජය කියන හොර, තක්කඩි ආයතනයෙන් අවදානයක් ලබාගන්න.
මේ මිනිස් බිලි පූජාව සිදුවෙන්න ඉඩහැරීම යට දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙන බව ඉතා පැහැදිලියි. ඒ නිසා පොලිස්පතිට ඇඟිල්ල දික් කරලා ගැලවෙන්න දෙන්න එපා.
මාධ්‍යය මගින් කරුණු හෙළිකළ බෝම්බ කාරයින්ගේ තඹ කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය සපයන්න උදව් කරපු කට්ටිය නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.