(අංජුල මහික වීරරත්න)
ශරියා විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවට අවශ්‍ය නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද (17) පැවැසීය.
මද්රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ පැවති සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මද්රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
මෙරටට ශරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
මද්රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා, එතුමාගේ අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ අපි අද (17) සාකච්ඡා කළා. විශේෂයෙන් මද්රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ එම කෙටුම්පතට එකතු විය යුතු සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කළා.
තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවත්, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ වගේම මෙරටට ශරියා විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන බව මම මෙහිදී අවධාරණය කළා.
එම නිසා විශ්ව විද්‍යාල පනත අනුව උපාධි ප්රදානය කරනු ලබන ආයතන සියලූ දෙනාටම විවෘත විය යුතුයි. සියලූ දෙනාටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව සෑම ආගමකම, සෑම ජාතියකටම විවෘත කර නිසි පාලනයක් ඇතිව පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයක් ඇති කරනවා.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ නීති උපදේශක බිම්බා තිලකරත්න, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරුන් වන මෙරින් පුල්ලේ, අසාත් නවාවි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ශරියා නෙමේ මොන විශ්ව විද්‍යාලයක්වත් වැඩක් නැහැ... වටිනා කාලය නැති වෙන එක විතරයි වෙන්නේ... ඔය සේරමලා හැසිරෙන්නේ.... අන්තවාදීන් වගේ පොලුඅරගෙන, පාරේ මැද නිදාගෙන විශ්වවිද්‍යාල කට්ටිය ඔහොමද හැසිරෙන්නේ? අයි.එස්.එස්. උන් වගේ කිසිම වෙනසක් නැහැ. තම දරුවන් දෙමව්පියන්ට අහිමි වෙන එක විතරයි වෙන්නේ..
අපේ ශ්‍රී ලංකාවට ඔය කියන විශ්ව විද්‍යාල අවශ්‍ය නැහැ. ඔය කියන ආගම ගැන උපාධියක් ගන්න ඕනෑම නම් විදේශගත වෙලා ඉගෙන ගන්න පුළුවන්. කොහොමටත් ඔය කියන ආගම උගත් අය ඉගෙන ගන්නේ විනාශයන් කරන්න මිසක් රටට සේවයක් කරන්න නොවෙයිනේ. ඒ නිසා ඕක ඔතැනම විනාශ කළයුතුයි.
යටින් අනුමැතිය මෙලහකටත් දීලා ඇති මේ සූත්තර පුංචා...
මේ රටේ මුස්ලිම් ප්‍රජාව මෙහෙම ශරියා විශ්වවිද්‍යාලයක් ඉල්ලුවේ නැහැ. මේක හිස්බුල්ලාහ් ඔහුගේ පුතාගේ අනාගතය වෙනුවෙන්, ශරියාව ඉදිරියට දාල කරපු ලොකුම ද්‍රෝහීකමක්. මෙම විශ්වවිද්‍යාලයේ 90% කොටස් ඔහුගේ පුතාගේ නමින් තියන්නේ. තවද ඔහුගේ පුතා මිලියන 500 මේකට ආයෝජන කරල තියන්නේ. ඒ මුදල් ඔහුට කොහොමද ආවද කියලා සොයා බලන්න ඕනෑ...
දැන්ද කියන්නේ? මෙච්චරකල් කොහේද හිටියේ? ඔයාව අපිට කිසිම විශ්වාසයක් නැහැ.
ෂරියා උපාධියක් හෝ රැගෙන මේ රටේ සිටින පාලකයින්ව හා මෝඩයින්ව විනාශ කරනවා නම්, රටේ ජීවත් වන ශිෂ්ඨ සම්පන්න ජනතාවට මේ විශ්වවිද්‍යාලය සම්පතක්. කොහොමත් අපි නම් මුලසිටම දැනගෙන සිටියා සිංහල සිසුන්ව පිටරට පටවනකොට, තමන් ජීවත් වෙන රටට, ජාතිය හා ජන්මයට ගරුකරන දෙමල හෝ මුස්ලිම් ජාතීන් ඔවුන්ගේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් හොඳින් හෝ නරකින් යමක් කරන බව.
බොරු පොරොන්දු දීලා බලය ගන්න අයගේ කට කපන නීතියක් ශාරිය එකේ නැද්ද ?එහෙමනම් රටම එක පයින් කැමතියි
මෙවැනි බල්ලන්ව මරාගෙන මැරෙන බෝම්බ කරුවන්, හිග සමයක, එවැනි විශ්ව විශ්ව විද්‍යාලයක අවශ්‍ය තාවය අපට නම් තදින්ම දැනෙනවා.
මෙච්චර රට වලපල්ලට යවලත් කඩේ යන වුන් තාම ඩිස්ලයික් දානවා. ලැජ්ජාවක් නැහැ.
කවුද මේක අත්සන් කළේ? අපි පින්තූර දැක්කා... අත්සන් කරපු කෙනා ලොකු කුට්ටියක් ගන්න ඇති... දෙපැත්තේම ඉන්නේ හොරු... රටට ආදරේ නෑ.
ඉස්ලාම් ආගම උගන්වන්න එන්නේ අරාබිකරයෙන්... සෞදි අරාබියේ ක්‍රියාත්මක වෙන්නේ කුරානයට අනුව ෂරියා නීතියයි. එම නිසා මුස්ලිම් ළමයින්ට කියාදෙන්නේ ෂර්යා නීතියයි. ගුරුවරු කියාදෙන්නෙත් පොතේ තිබෙන දේ... පොතේ තිබෙන විදිහට මොවුන් ජීවත් වෙන්න සුදානම් වුණාම මොවුන් කෙලින්ම ත්රස්තවාදීන් වෙනවා. පොතේ තිබෙන්නේ කවදා හෝ මේ ලෝකේ මුස්ලිම් වියයුතුයි කියලා.. අල්ලා විශ්වාස නොකරන්නවුන් "කාෆිර්ලා " හෙවත් බොරුකාරයෝ බවත් ඔවුන් මෙලොවින් තුරන් කළයුතු බවත්ය... ඒ කෙසේවෙතත් මුසල්මානුවන් බොහොම අහිංසකයින් ලෙස ජීවත් වුණත් තව අවුරුදු 400කින් ලංකාව ඒකාන්තයෙන්ම මුස්ලිම් රටක් වෙනවා... ඒ ඔවුන්ගේ ප්‍රජාවර්ධනය නිසාය... ප්‍රජාව වර්ධනය කිරීමේත් කුරානයේ සඳහන්වන ආකාරයට සවර්ගයට ගොස් කන්‍යාවන් 72ක් ලබාගැනීමට හේතුවේ.
ඕවාතමයි ඥාණිස්සර හාමුදුරුවෝ ගිරිය පලාගෙන කීවේ... අපිත් කීවේ. අපිව ජාතිවාදීන් ලෙස හංවඩු ගැසුවා. දැන් සනීපද? මෙය මෙතනින් නවතින්නේ නැත. ඒකත් කියන්නම්.... සිංහලයා සල්ලිවලට කෑදර ජාතියක් නිසා රටේ ප්‍රධාන නගර මුසල්මානුවන් සතුවෙනවා.
මේ භූතයා එකක් කියනවා. මහා භූතයා නැගෙනහිරට ගිහින් වෙන එකක් කියනවා. මේවා අහන්න වෙන අපි ගැන දුක හිතෙනවා...
1960 කාලයේ අපි පැය 24න් ඇමරිකානු තෙල් සමාගම් ජනසතු කළා නම් මෙම විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්න බැරි ඇයි?
රට තවත් කබාසීනියා කරන්නේ නැතුව ගෙදර යන්න.
ශරියාත් එපා අපිට ... ඔයත් එපා අපිට...
මෙයා මොකුත් දන්නේ නැති බබෙක් වගේ දැන් කතාව.
මෙයා දිය යටින් ගින්දර ගෙනියන්න දක්ෂයා. එකපාරම ෂරියා විශ්ව විද්‍යාල එපාලු. එහෙන් සජිත් කියනවා ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගන්නලු. මෙච්චර කල් මේවා ගැන දන්නේ නැතිවද ගිටියේ මෙයාලා.
දැනුයි මතක් වෙලා තියෙන්නේ...
ඊයේ අර හිස්බුල්ලා කිව්වා නීතියක් නැහැ කියලා තහනම් කරන්න. එතකොට මොකද කරන්නේ? පහත සඳහන් එකක් ගෙන සලකා බලන්න 1- නැගෙනහිර මාළු මාර්කට් එක 2- ටෙරරිස්ට් පුහුණු කඳවුර 3- අනාථ කඳවුර 4- හිස්බුල්ලා නිල නිවස
පළමු කොටම කළයුතු වන්නේ, ආගම සහ ජාතිය වශයෙන් නිර්මාණය කර ඇති දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසම විසින් අවලංගු කිරීමයි. ඊළඟට දෙමල මුස්ලිම් වශයෙන් පාසල් වර්ග කිරීම අත් හිටුවීමයි. ඉන්පසු දෙමල සහ මුස්ලිම් විශ්ව විද්‍යාල අහෝසිකර සියල්ල රජය යටතට පත්කර සිංහල, මුස්ලිම් දෙමල සැමට එකට උපාධි ලබාගත හැකි අධ්‍යාපන ක්‍රමයක් සැකසීමයි.
එහෙම එකක් ලංකාවේ තිබෙන බව ඔබතුමා දන්නේ අදද?
රිෂාඩ් බද්ද්‍යුදීන් කෙනෙකුත් අවශ්‍ය නැහැ ...
බෝම්බ පුපුරා නොවන්නට, අපේ සිංහලයෝ මෙතෙක් කල් හිතාගෙන හිටියේ ලෝකයේ තිබෙන භයානකම පෞද්ගලික උසස් අද්යාපන විෂය කියන්නේ වෛද්‍ය විද්‍යාව කියලනේ? බලාගෙන ගියාම ඊටත් වඩා භයානක අධ්‍යාපනික පාඨමාලා ලෝකයේ තියනවනේ? මෝඩයෝ නැහෙන්නේ උනුන් විහින්මයි කියලා අපි මීට ගොඩක් කලින් කිව්වේ කට කහනවට නොවෙයි. දැන් ඉතින් මෙතන අනුන්ගේ ජරාවල් කාලා කට කහනවට බුරන අය කියයි. මම"ඇරියස් කවර් කරගන්න" හදනවා කියලා. එත්, මම නම් කියන්නේ ඕක රාජසන්තක කරලා කිසිවෙකුගේ විරෝධයක් නොවන්නට, මේ රටට ජාතික සේවයක් වන පිණිස, ත්‍රී වීලර් රියදුරු පාසලක් බවට පත් කරන්න කියලයි. නැත්නම් ඉතින් අර අමනයින්ගේ තර්ක වලින් බේරෙන්න බැරිවෙයි?
වගකීම් දැනීමේ හීනතාවයෙන් පෙලෙන සුත්තර පුන්ච බබා උක්කුන්ද ...
අඩු නින්දෙන් නැගිටලා වගේ....
මෙයා තම්බි මුදියන්සේගේ මුනුපුරෙක්...
දැන් එතකොට අපිද මේවා ඕනේ කියල අනුමත කරේ.. කාටද මේවා කියන්නේ? ඕනේ නැත්තන් අහෝසි කරලා දන්නා..