(ආරියරත්න රණබාහු සහ හේමනන්ද සිල්වා)
බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනා වෙසක් පොහොය දිනයේදී නිදහස් කරන ලෙස බලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති බලපිටියේ ධම්මික හිමියෝ රාජ්‍ය වෙසක් උත්සවයෙදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තෙල්වත්ත තොටගමුව පුරාණ රත්පත් රජ මහා විහාරස්ථානයේදී අද (17) පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේදී බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සිය කතාව අවසන් කර සිටියදී ඇමැතිවරයාට ලිපියක් බාර දීම සඳහා යැයි කියමින් වේදිකාවට නැග උන්වහන්සේ එම ඉල්ලීම කළහ.
එහිදී උන්වහන්සේ මෙසේද කීය.
‘‘තෙරුවන් සරණයි ඇමැතිතුමා,අපිට අපේ ශාසනය වෙනුවෙන් ඉන්න ප්‍රධානම ඇමතිවරයා ඔබතුමා.මේ සිද්ධිය වෙලාවේදී අපි හැමෝම හාමුදුරුවරු බුදු හාමුදුරුවරුන්ගේ ධර්මයන් එක්ක තමයි ඉන්නේ.
මම බලපිටියේ ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ.හිටපු විදුහල්පතිවරයෙක්,ප්‍රාදේශීය සභාවත් නියෝජනය කරනවා.මගේ ප්‍රදේශයේ බලපිටියේ මුස්ලිම් පවුල් 42 ක් ඉන්නවා.බොහොම සාමකාමීයි.
අද ඒ අය අපිට කියනවා 2010 වසරේදී ඥාණසාර ස්වාමීන් වහන්සේ මේ අන්තවාදය පෙන්වා දුන්න එක.ඔබ වහන්සේලා සමඟ අපට සමගියෙන් ඉන්න බැරි එක නැති කරලා තියෙන්නේ මේ අන්තවාදය නිසා.
ඒ නිසා ජනාධිපතිවරයා ඉන්න ශාලාවේදී බොහොම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරනවා අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේව වෙසක් පොහොය දවසේ නිදහස ලබා දෙන්න.
ඒ වගේම රට වෙනුවෙන් කටයුතු කළ බුද්ධි අංශයේ නිලධාරීන් 45 දෙනාටත් නිදහස දෙන්න.මේ රට වෙනුවෙන් සංහිඳියාව වෙනුවෙන් ඒ ඇත්තන් කටයුතු කළේ.
ආරංචියේ හැටියට රැඳවියන් 673 දෙනෙකු නිදහස් කරනවා.එකේ මේ ඇත්තෝ නැහැ කියන කතාව තියෙනවා.
ෆයිල් එකක් මා ගාව තියෙනවා.ගරුතර සංඝරත්නය අත්සන් කරපු එකක් .ඒක මම ජනාධිපතිතුමාටයි ඇමැතිතුමාටයි දෙනවා.
බොහොම පිං සිද්ධ වෙයි.සංහිදියාවට කටයුතු කළ අපේ ස්වාමීන්වහන්සේට නිදහස දෙන්න.ඒ ගැන ප්‍රකාශයක් කරන ලෙසත් අපි මේ වෙලාවේ කියවා.
ඇමතිතුමනි ඔබතුමා අපේ ඇමැතිවරයා මේ රට සිංහල බෞද්ධ රටක් ද නැද්ද කියන එක අපට ප්‍රකාශයට පත් කරන්න.බොහොම ගෞරවයෙන් ඔබතුමාට ඒක සිහිපත් කරනවා.
මේ වෙලාවේ මංගල සමරවීර ඇමැතිවරයා ආවනම් මේ මහා සංඝරත්නය පිටව යන්නයි හිටියේ.
මහා සංඝරත්නය අත්සන් කරපු මේ ලේඛනය මම ජනාධිපතිවරයාට දෙනවා . අපේ ඥාණසාර ස්වාමීන් වහන්සේ සහ බුද්ධි අංශ නිලධාරීන් වෙසක් පොහොය දවසේ නිදහස් කරන්න කියලා.
බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා
ඔබවහන්සේ විහාරස්ථානයේ දහම් පාසල දියුණු කරන්න කියලා දුන්න ලිපියක් ෆයිල් එකේ තියෙන්නේ.මා ඒ ගැන කටයුතු කරන්නම්.ඊට එහා අපි කවුරුත් අපේ යුතුකම් කරනවා යැයි පවසමින් ඇමැතිවරයා වේදිකාවෙන් බැස ගියේය.
ඡායාරූප - ලහිරු හර්ෂණ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් නිර්දෝශීබව කවුරුත් දනියි. නිදහස් කරන තුරු අප බලා සිටිමු. නිදහස් කර එම හාමුදුරුවන් ඇතුළුව බුද්ධි අංශය ආරක්ෂා කරගන්න රටට වැදගත් ආරක්ෂාවයි.
නැහැ කිසිසේත් යුද්ධයට මුවාවෙලා දේශපාලකයින්ගේ පුද්ගලික අපරාධකාරයන් රණවිරුවන් නොවේ. ඔවුන් රණවිරු නාමය විනාශකළවුන්..
මෙතනත් සිද්ද වෙන්නේ.. නීතියට බලපෑම් කිරීමක් නේද..?
ඥාණසාර හිමි සහ අනෙක් පිරිස අන්තවාදීන් ගැන හෙළි කිරීම ඉතා හොඳයි. නමුත් ජනතාව ප්‍රකෝප ගන්වා සම්බන්ධයක් නැති සුළු ජාතීන්ට කරදර කිරීම ඉතා වැරදියි. එය බුදුසිරිත නොවේ. මෙතරම් දරුණු අන්තවාදීන් නිර්මාණය වීමට එවැනි කලකෝලාහලද පාදක විය හැක.
බුද්ධි නිලධාරීන් දහස් ගණනක් ඉන්න එකේ දේශපාලඥයින්ගේ නියෝග පිලිපදිමින් බරපතල වරදක් කළ බවට චෝදනා ලබා සිටින දහ දොළොස් දෙනෙක් ගැන කරන මේ කතා බහෙන් මහ ජනයා අතරට ගිහින් තියෙන්නේ රටේ ඉන්න සේරම බුද්ධි නිලධාරීන් අත් අඩංගුවට අරගෙන ඉන්නවා වැනි කතාවකි...
මේක මහා පුදුම කතාවක්නේ. ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක නිදහස තියෙනවා වගේම, නීතියේ ආධිපත්‍යත් තියෙනවා. රටක් නිතිය ආගම හෝ වෙනත් හමුදා මානසිකත්වය හෝ යම්කිසි කාරණයක් නිසා නැමෙනවා නම්, එම රාජ්‍යයේ යුක්තිය බල්ලට යනවා. රජයෙන් වැටුප් අරන්, රාජ්‍යය සහ එහි ජනයා ආරක්ෂා කරනු වෙනුවට , බලු දේශපාලකයන්ගේ පුද්ගලික වුවමනා එපාකම් වලට මිනීමරපු ඝාතකයන් රකින්න වගකිවයුතු රාජ්‍යයකට බැහැ. රාජ්‍යය යනු ජනතාවයි. එහි හිමිකරුවන් අටපාස් මැරයන් නෙමෙයි. සිවුරු දමාගත් මැර කල්ලිද නෙමෙයි. රට රැකීමට නම්, ලේ විලක් වීම නැවැත්වීමට නම්, නීතිය රජයන, යුක්තිය රජයන රටක් නිර්මාණය කළ යුතුයි. එක් එක් අයට අවශ්‍ය පරිදි, අධිකරණයට අපහාස කළ, වැන්දඹු කාන්තාවන්ට, සුළු ජාතීන්ට මැර තර්ජන කළවුන් නිදහස් කිරීම නොකළ යුතුයි. රටේ තරුණ ප්‍රජාව අවි අතට ගෙන නැවත අරගල කිරීම වැළැක්වීමට නම් නීතිය සහ යුක්තිය ඔසවා තැබිය යුතුයි.
මිනීමරුවෙක්, රණවිරුවෙක් වගේම රණවිරුවෙක් මිනීමරුවෙක් වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ... අනික වරදක් කලොත් එයට නියමිත දඬුවම ලැබෙන්නට මෙන්ම විඳින්නත් වෙනවා. ඒක වෙනස් කරන්න බලපෑම් කිරීමද වරදක්.. රටකට නිවහල් නීතියක් අවශ්‍යයි. නීතියට උඩින් කිසිවකු සිටින්නට බැහැ. නමුත් අවාසනාවකට එහෙම අය මේ රටේ ඉන්නවා. නීතිය නවන්න පුලුවන් අය ඉන්නවා. එවැනි අය අගේට ඒ දේ කරනවා. ඥානසාර හිමියන් රටට සේවයක් කළාද කියන එක වෙනම කාරණයක්... නමුත් නීතියෙන් දඬුවම් ලැබිය යුතු වැරදි කීපයක්ම කළා.. අදාල සමහර නඩු අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතිනවා. දැන උගත් සංඝයා වහන්සේ නමක් වශයෙන් මේ කරුණු අපට වඩා ඔබවහන්සේට හොඳින්ම තේරුම් යා යුතුයි...
මිනීමැරුම් චෝදනා ඇති සියලු දෙනා නිදහස් කරනු.
කිසිවෙක් නීතියට ඉහළින් නොසිටිය යුතුයි...
බුදුන් බුදුන්වහන් සේ කියපු "සබ්බ දුක්ක නිස්සරනාය නිබ්බාන සච්ච කිරියාය "කියල කරපු දෙයක් නම් පෙනෙන්න නැහැ!
මේක දේශපාලන දේශනාවක්. මේවගේ දේශනා අපි පිළිගන්නේ නැහැ. ඥානසාර හාමුදුරුවන්ට භාවනා කරන්න පුළුවන් ඉන්න දිහාවේදී. දක්ෂනම් අරහත් වෙන්න වුනත් පුළුවන්.
දැන්.. මෙතන හාමුදුරු ත්රස්තයෝ බිහිවෙන්නයි යන්නේ.. ඉක්මණින් මෙයාලටත් උත්තරයක් දුන්නා නම් තමයි හොඳ... තර්ජන, ගර්ජන එන්න එන්නම වැඩිවෙනවා.
අම්මප, මේ නිකං වාචාල කමට දොඩවන බමුණු ගොයියාව අවුරුදු දෙතුන්සීයකට වත් හිරේ දාන්න පිළිවෙලක් නැද්ද?
මුං ඕක කරන්නේ නැහැ. බයයි.