(අනීෂා මානගේ)
භීතියෙන් සිටින්නේ නැතුව බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සැමරීම සිදුකළ යුතු බවද ආරක්ෂක අංශ සහ ආණ්ඩුව ජනතාවගේ ආරක්ෂාව ගැන වගකිව යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසූයේ අද (18) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ධර්මදේශනා වැඩසටහනෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
‘‘පසුගිය වසරේ බක්මහ මාසේ වෙසක් සැමරුවා. මේ වසරේ වෙසක් සමරන්නේ නැතුව බෞද්ධයා පැත්තකට කරන්නද මේ හදන්නේ? මේ වෙසක් පෝය අපි කොහොම හරි සමරන්න ඕනෑ. පන්සල් යන්න ඕනෑ. තොරණ් බලන්න යන්න ඕනෑ. ආණ්ඩුව සහ ආරක්ෂක අංශ ජනතාවගේ ආරක්ෂාව ගැන වගකිව යුතුයි. අපි සංතෝස වෙනවා මුළු රටේම වෙසක් සමරන්න උනන්දුවක් දැක්වීම ගැන. අපි බයේ හිටියොත් හැමදාමත් ගෙවල්වලම ඉන්න වෙයි. මේ නිසා ජනතාවයි, අපියි යනවා එළියට. ඒකයි මේ හැමතැනම අපිත් යන්නේ.
යුද්ධය අවසන්වෙලා වසර 10ක් සපිරෙන්නේ අද දිනටයි. මුළු ත්‍රස්තවාදයම අපි මේ රටින් අතුගාලා දැම්මා. දැන් ආයේ ගෝලීය ත්‍රස්තවාදය ඇතිවී තිබෙනවා. අපි අරන් දුන්න නිදහසේ වටිනාකම නැතිවෙලා ගිය නිසයි මේ නැවත ත්රස්තවාදයක් ඇති වී තිබෙන්නේ. ආණ්ඩුව මේවා ගැන හෙව්වේ නෑ. බුද්ධි අංශ අඩපණ කළා. ත්‍රිවිධ හමුදාවේ නායකයෝ අත්අඩංගුවට ගත්තා. ඒ අයව හිරේ දැම්මා. මේ තත්වය වහාම වෙනස් විය යුතුයි.
පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශ දෙකක් කළා. රටේ ජනාධිපති සහ අගමැතිත් කතා කර තිබෙනවා. ආරක්ෂක අංශවලින් දැනුම්දී තිබෙනවා මෙය මැඩපවත්වා තිබෙන බවට. පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තම තමන්ගේ කොට්ඨාසයේ පාසැල්වලට ගිහින් ජනතාවගේ බිය තුරන් කරන්න වැඩපිළිවෙලක් අඟහරුවාදා දින සිට ආරම්භ කිරීමට අපි තිරණයක් ගත්තා. ආණ්ඩුව ගැන හිතලා නෙවෙයි. රට ගැන හිතලයි එහෙම තීරණයක් ගත්තේ. හැම අංශයෙන්ම කඩාගෙන වැටුණත් අපි රට ආරක්ෂා කරගන්න ඕනෑ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් කියල නෑ මෙයා අදත් මාළු බානවා.
මෙයා එක එක වෙලාවට එක එක කතා කියනවා. ජාවාදේ අවුලුවන්න මිනිස්නුගේ මනස විකෘති කරන්න හරි දක්ෂයි.
දැන්ද නින්දෙන් ඇහැරුනේ? ගුඩ් ඊවිනින්... තව පොඩ්ඩක් නිදාගන්න. පින්කම් ටික ඉවර වෙනකම්. හෙට නෝනා පල්ලියට යවන්න...
පෝය දවසටවත් නිකන් ඉන්න බැහැ. මිනිස්සු ගොනාට අන්දන එකමයි කරන්නේ.. හැම එකකින්ම දේශපාලන වාසි ගන්න තමයි බලන්නේ...
මෙයා අද පෝය දිනේදිවත් හිතට එකඟව නෙවෙයි කතා කරන්නෙ හදවතේ තියෙන්නෙ මේ අදහස් නෙවෙයි.
‘පසුගිය වසරේ බක්මහ මාසේ වෙසක් සැමරුවා. මේ වසරේ වෙසක් සමරන්නේ නැතුව බෞද්ධයා පැත්තකට කරන්නද මේ හදන්නේ? මේ වෙසක් පෝය අපි කොහොම හරි සමරන්න ඕනෑ. පන්සල් යන්න ඕනෑ. තොරණ් බලන්න යන්න ඕනෑ. අපි සංතෝස වෙනවා මුළු රටේම වෙසක් සමරන්න උනන්දුවක් දැක්වීම ගැන. අපි බයේ හිටියොත් හැමදාමත් ගෙවල්වලම ඉන්න වෙයි. මේ නිසා ජනතාවයි, අපියි යනවා එළියට. ඒකයි මේ හැමතැනම අපිත් යන්නේ. ඔබතුමාගේ මේ ප්‍රකාශය අප අගය කරමු.
මේ වෙලාවේ මේ වගේ වගකීමක් බාර ගත්තේ කොහොමද කියලා දහස් වාරයක් හිතන්න වෙනවා .......? ? ?
ඔවු ඉතින් වෙසක් බලන්න ගිහිල්ල බෝම්බෙකට අහුවුනොත් ඔබට පුළුවන්නේ ලකුණු දමාගන්න මැරෙන්නේ අපිනේ ,
ඔහෙලා 225ම වටකර ඉන්නේ නිලමැස්සන්ය... අහිංසක මිනිසුන් වරකර සිටින්නේ ඩීසල් දුමයි. ඔහෙලාට නැති වෙන්නට මහගොඩක් ඇත. පැදුරේ ඉන්නා අප හට නැති වෙන්නට දෙයක් නැත.
මේ සැරේ මුකුත් යටිකූට්ටු වැඩක් කරන්නෙ නෑ නේද
දැන් නම් බය තියෙන්නේ බොරු කට කතා පතුරුවලා මිනිස්සු උසිගන්නලා සාමය පලුදු කරන එකට අන්තවාදීන්ගෙන් කප්පම් කනකොට කවුරුත් හිතුවේ නැහැ. මේ කන ජරාවෙන් විනාශයක් වෙයි කියලා. මේ අවස්ථාව ආණ්ඩුව පෙරලීම ගැන නෙමේ හිතන්න ඕනේ.. කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියන එක හිතට එකඟව බුදුන් වඳිමු..
විපක්ෂයට ගියවිට ඔක්කොම මොළකරුවෝ... බලයට පැමිණි විට ඔක්කොම මොංගල්ය ... මොංගල්, මොළකරුවන් වෙනසක් නැත්තේය.." කවුරු බලයේ හිටියත් අප පරාදය..
මේ කහපාට ඇඳගෙන ඉන්නේ මැණික් මල්ලක් දොර ළඟ තිබුණා කිව්ව ඩේසි ආච්චිද? බලන්න ළඟ කඩුවක් තියෙනවද කියලා? මේ දවස්වල හමු වෙන්නේ කඩුනේ...
බොර දියේ මාළු බාන කට්ටිය.
තවත් හවුල් ආණිඩුවක් එන්න වගේ යන්නේ. කොයි කැඳ හැලියත් එකයි.
තවත් හවුල් ආණ්ඩුවක් එන්න වගේ යන්නේ. කොයි කැඳ හැලියත් එකයි.
ඔතන උපාසකයින්ට වඩා ආරක්ෂකයින් ඇති.
නාමල් බණ අහනවද? පල්ලියේ ඔරසන් කියනවද?
අපි ඒක සමරන්නම් ඔයාලගේ රාජකාරිය හරියට කරන්න
ඔව් ඉතින් අන්තවාදය අවුලපු අය දන්නවා ඇති බෝම්බ පුපුරන්නේ කොහෙද කියා ..ඒකනේ අපිත් මේ යන්නේ කියලා තිබෙන්නේ ..
නියම ඇත්ත කතාව. ඔය විදිහට ගියොත් අපිට හැමදාම ගෙදර ඉන්න වේවි. අපේ ළමයිගේ පොත් බැග් චෙක් කර කර කර ළමයින්ගේ මානසික තත්වය පහත හෙලන්න එපා කියල කරුණාවෙන් කියනවා. පොත් බැග් චෙක් කරන්න ඕන පාසල් මේ දිනවල කිසියම් කටයුත්තක් නිසා වහල තියෙන්නේ.ඒවා පටන්ග්තම හොඳට පරික්ෂ කරන්න.
දැන් ආරක්ෂාව තියෙන බව දැනෙනවා..
මහින්ද මහත්මය කියනවා මේ ආණ්ඩුව ත්‍රිවිධ හමුදාවේ අයව හිරගත කලා කියලා .අපිට මතකයි සරත් ෆොන්සේකා මහතාට කරපු වින්නැහිය සිරගත කරලා.....
මටත් හිතා ගන්න බැහැ ඇයි වෙසක් සමරන්න භය උනේ කියලා. වෙසක් දිනයේ ජනසංහාරයක් උනානම්,
බිය ඇතිකරවපු කෙනාටම බිය නැතිකරන්න එක පහසුයි ..
පිටිපස්ස පැත්තේ කෙළවරේ වැඳගෙන ඉන්න ආරක්ෂක මහත්තුරු ප්‍රමාණය දැක්කම බය වෙන්න දෙයක් නෑ තමයි.
පුළුවන් තරම් දරුවන් පාසලට යන එක බිය ගැන්නුවා ..... කිසි පදනමක් නැතුව නැවත බලේට කෑදර කමට කරන දේවල් නේද?
අපි කොහොමත් එක හොඳින් භය නැතිව සමර ගන්නම්. ඔය අනවශ්‍ය බිල්ලෝ මවන්නේ නැතිව ඉන්න
ඔව් ඉතින් බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙන තරමට මෙයාලට හොඳයිනේ... ත්‍රස්තවාදී බිය මාකට් කරලා බලයට එන්න පුලුවන්නේ...
අනේ අපි ඔයා කියනකම් තමා හිටියේ වෙසක් සමරන්න . පව් අනේ මෙයා
වෙසක් එකත් දේශපාලන වාසියට යොදාගෙන... යන්නේ පන්සලට අනුන් දෙන මල්වට්ටි අතේ තියාගෙන... බුදුන් වඳින්නේ නැහැ. එළියට ඇවිත් කියන්නේ දේශපාලනය...
මහින්ද මහතාට බැනලා අදහස් දැම්මාම පටගාලා පලවෙනවා නේද?