(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළ මුස්ලිම් ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.
මෙම තැනැත්තා තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධව විවිධ ක්‍රියාකාරකම්වල යෙදුණු පුද්ගලයකු බවද පොලිසිය කියයි.
පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු කුරුණෑගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ යැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ඔක්කොම ත්රස්තයෝ ඉන්නේ ඔය කියන පාර්ලිමේන්තුව ඇතුලේ බව නම් දැන් දැන් සක්සුදක් සේ පැහැදිලි
1980 ගණන් වල සිට සිංහල හා දෙමළ භාෂාවෙන් ඉගැන්වීම් කළා. 2007 සිට රාජ්‍ය සේවයට පැමිනෙන අයට දෙවන භාෂාවක් සමත්වීම අනිවාර්ය කළා. නමුත් එය මෙතෙක් සාර්ථක වෙලා නැහැ. එ් නිසා දැන්වත් පාසල් මට්ටමේ සිටම සිංහල අයට සිංහලට අමතරව ඉංග්‍රීසි හා දෙමළ අනිවාර්ය කිරීමත් දෙමළ අයට ඉංග්‍රීසි හා සිංහලත් සමත්වීම අනිවාර්ය කිරීමත් කරන්න. මෙහිදී සිදුවන්නේ එක්විෂයක් වැඩිවීම පමණයි. ඒත් සිදුවන සේවය විශාලයි. උසස් පෙළ විභාගයටත් භාෂා ඉගෙනීම අනිවාර්ය කරන්න. (සමහර පාසැල්වල දැනට නම් ඉංග්‍රීසි හා දෙමළ ඉගැන්වීම ගැන සතුටු වෙන්නම බැහැ)
අපරාදෙ ඇල්ලුවේ...
නියම කට්ටියට තමයි වැඩ පවරලා තියෙන්නෙ .......