(ඔගස්ටින් ප්රනාන්දු)
ආරච්චිකට්ටුව ආනවිලුන්දාව මුතු පන්තිය මාර්ගයේ කුරුලු අභයභූමිය තුළ ඇති බෝක්කුවක් යට තිබී හමුදාව භාවිත කරනු ලබන උණ්ඩවලට සමාන ජීව උණ්ඩ පාර්සලයක් අද (19) සොයා ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.
ආනවිලුන්දාව වැවේ සොරොව්ව අසළ කුඩා බෝක්කුව යට මෙම පාර්සලය තිබූ බව පොලිසිය කියයි.
එහි මිලිමීටර්-9 උණ්ඩ 21ක්, මිලිමීටර්-16 උණ්ඩ 5ක්, ජීපීඑම්ජී උණ්ඩ 40ක් තිබූ බවත් පොලිසිය පවසයි.
කිසියම් අයෙකු විසින් මෙම උණ්ඩ තොගය බෝක්කුව යට දමා යන්න ඇති බවද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ, දැන් අපේ හමුදාපතිතුමා කියන විදිහට ඕක ලොකු දෙයක් නොවේ. ගණන් ගන්න එපා... ඔය උණ්ඩ පාරේ වැටිලා තියෙන්න ඇති...