(එෆ්. අස්ලම්)
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනවට සහාය පළ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බලකර සිටිති.

පාස්කු ඉරිදා සිදුවූ පිපිරවීම්වලට සම්බන්ධ සැකකරුවකු මුදා හැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ත්රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදානාවන් මත දෙමළ ජාතික සන්ධානය මීට සහාය දැක්විය යුතු බවට බහුතරයකගේ අදහස වී ඇතැයි එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14න් 8දෙනෙකු පමණ මෙම තීරණයේ පසුවන බවත් ඔවුන්ගේ අදහස් හා යෝජනාවන් සන්ධානයේ නායකත්වය වෙත යොමු කර ඇති බවත් වාර්තා වේ.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය දේශපාලන ධාරාවෙන් ද විශ්වාසභංගයට සහාය විය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතී.
කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය මේ සතියේ දී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කැඳවීමට සූදානමින් සිටින බවත් එකී සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධානය අවසන් තීරණය ගනු ඇති බවත් එම ප්‍රකාශකයා අවසන් වශයෙන් සඳහන් කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් දන්නවා ජනතාවගේ මතය. ජනතාවගේ මතයව පිටින් යන මැති ඇමති වරුන්ට ඉදිරියෙදි පැවැත්මක් නොමැති බව වටහා ගැනීම සාධනීය පියවරක් , මුස්ලිම් අයටත් එලෙස විය හැක නම් ජාතික සමගියට ලැබෙන වටිනාකම කෙතරම් නම් අපුරුද...... එලෙස සතිය හැකි තීරණ ගත හැකි මැති ඇමතිවරුන් අනාගතයේදී තෝරා පත් කර ගැනීම සියළු ජාතීන්ගේ වගකීමයි.......
ඔය අපරාද වලට සම්බන්දවූ හැමගේම ප්‍රජා අයිතියත් සියලු දේපොළත් රාජසන්තක කල යුතුමයි.....
ඔන්න දැන් කෝටි ගනන් මුදල් සහ වෙනත් දේවල් එහෙට මෙහෙට විසිවන අවස්ථාව . බලමු බලමු
කවුරු විරැද්ධ වුවත් එතුමා ආරක්ෂා කිරීම යහපාලනයට ඡන්දේ දුන්න අපි හැමෝගෙම වගකීමක්....
මගේ අදහසනම් සාමය වෙනුවෙන් පෙනී සිටින මෙවැනි උතුමන්ට ගැරහීම නරක වැඩක් සිහිනෙන්වත් අනුන්ට වරදක් නොකරන මෙතුමන් වැනි අයට කරදර කරන අයටනම් හරි යන්නේ නැහැ හොදේ.......
කොහොමවුනත් රාජපක්ෂ රෙජීමේ මෙයාව ආරක්ෂා කරාවි. දැනටමත් ලොක්ක අත්සන් කරලත් නැතිලු. දිනයත් වරද්දල. පොහොට්ටුවට ඊළඟ පාර්ලිමේන්තුවේදී ඔලු ගෙඩි එකක් දෙකක් අඩුවුණත්, මේ අයව ලං කරන්නැතුව ඉඳීවිද? දුරකථන ක්රයාකරු එස් බි වැඩේ හැටියට කරාවි.
දෙමල සංධානය කොහොමත් බදියුර්දීන්ට විරුද්ධ මක් නිසාද යත් ඔහු කොටි විරෝධියෙකි. කොටින්ට එරෙහිව හමුදාවට උදව් කළ අය අතර ඉදිරියෙන්ම සිටි මුස්ලිම් ජාතිකයෙකු නම් ඒ බදියුර්දීන් හැර වෙන කෙනෙකු නැත. කොටින් විසින් පන්නා දැමූ ජනතාවගේ නායකයා ඔහුය. ඔහු ඔහුගේ ජනතාව වෙනුවෙන් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුගේ යුතුකම් හරි හැටි ඉෂ්ට කර ඇත. වර්තමානයේ ඔහුට විරුද්ධ බලවේග යම්කිසි චෝදනාවක් එල්ල කර ඇත. එම චෝදනාවන්ටද ඔහු සාර්ථකව මුහුණ දෙනු ඇත. යම් හෙයකින් නීතිය ඉදිරියේ වැරදිකරුවකු වුවහොත් නිහතමානී ලෙස දඬුවම් විඳිය යුතුය..
ඔක්තෝබර් කුමන්ත්රණයෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය සාදාගැනීමට මහින්ද, බැසිල්, එස්.බී. මෛත්‍රිපාල වැනි සියලු දෙනා රිෂාඩ්ට හොර ආණ්ඩුවට සහයෝගය දෙන ලෙස කතා කළේය. අද රිෂාඩ්ගෙන් වාඩුව ගන්නේත් එදා ඔහු ඔවුන්ට සහාය නොදැක්වූ නිසාය. මහින්දලාට සහය දැක්වූවා නම් රිෂාඩ් ජිහාඩ්කාරයෙක් නොව මොන ත්‍රස්තවාදියෙක් වුණත් කමක් නැත. ලංකාවේ දේශපාලනය එහෙමයි..
හොඳ තීරණයක්... දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන්ට මේ වගේ චෝදනා නැත. රටේ හොරකමට දූෂණයට විරුද්ධව මේවගේ අන්තවාදීන්ට විරුද්ධව දෙමළ සංධානය එකතු වීම රටට සුබදායකයි.
ඔව් ඔව්... අපි කොහොම හරි මෙයා බේරා ගමු. ඔයා ඔහේ ඉඳන් ඔය අයත් එක්ක කකා බිබී ඉන්නකෝ...
මේ 225 දෙනාටම කොඳු ඇට පෙළක් සහිත සතුන්ද නැත්නම් රහිතද කියලා දැනගන්න පුළුවන් ටෙස්ට් එකක්... බලමු දෙමළ සන්ධානෙටවත් දීලා....