(දයාරත්න ඇඹෝගම)
වෙසක් පුන් පොහෝදා බීමත්ව රාජාංගනය යාය 02 දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ එහි විහාරාධිපති හිමියන්ට පොරවකින් පහරදී තුවාල කළ පුද්ගලයකු අද(19) අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනය යාය 02 ප්‍රදේශයේ පදිංචි ගෙවතුවල කුලී පදනම මත ගස්කපන පුද්ගලයෙකි.
මෙම පුද්ගලයාගේ පොරෝ පහරින් තුවාල ලැබූ දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති, පුජ්‍ය මාමාන්කඩවල ධම්මසිරි හිමියන් බරපතල තුවාල ලබා රාජාංගනය යාය 05 රෝහලට ඇතුළත් කර තිබේ.
පොහෝ දින රාත්‍රී 8.00ට පමණ බීමත්ව යතුරු පැදියකින් විහාරස්ථානයට පැමිණි මෙම පුද්ගලයා තමන්ට ධාතු මන්දිරයට ගොස් වැද පුදා ගැනීමට අවසර ලබා දෙන්නැයි විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලා තිබුණි. එම අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බැවින් විහාරාධිපති හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලිසිය කියයි. පසුව නිවස බලා ගිය මෙම පුද්ගලයා නැවත රාත්‍රී 08.30ට පමන විහාරස්ථානයට යළි හිමියන්ගෙන් අවසර ඉල්ලා තිබේ. හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා ඉන් කෝප වූ ගස්කපන්නා ඉණේ සඟවා සිටි පොරොවෙන් හිමියන්ට පහරදී තිබුණි.
එම අවස්ථාවේ අසළ සිටි පුද්ගලයන් ගස්කපන්නාගෙන් විහාරාධිපති හිමියන් බේරා ගෙන රෝහල් ගත කොට තිබේ.
සැකකරු තමා පැමිණි යතුරුපැදියද විහාරස්ථානයේ දමා පලා ගොස් තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
සැකකරු අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
තඹුත්තේගම පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් පොහෝදා එක්දිසාවක කරුණාවන්ත පිංවතෙක් භූමිතෙල් පිනට දෙනවා. තවතැනක බේබද්දෙක් හිමිනමකට පොරවකින් කොටනවා. මත්පැන් බී ගත් අය නොයන විහාරස්ථාන ලංකාවේ ඇති කියා සිතන්න අමාරුයි. මේ මගේ අත්දැකීමයි. මේ රටේ ඉන්න ලාංකිකයින්ටත් මත්පැන් බීමේ සීමාවක් නැහැ. මම කියන්නේ උගත් අය ගැනයි.
තවත් ක්‍රමයක් වෙන්න ඇති දෙවියන් ළඟට යන්න තියන...