(එෆ්.අස්ලම්)
මඩකලපුව කාත්තාන්කුඩිහි මුස්ලිම් සිසුන් පමණක් ඇතුළත් වන ආකාරයේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහයක නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා නිරත වන බව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

මෙම අධ්‍යාපන කලාපයට කාත්තාන්කුඩියේ මුස්ලිම් විද්‍යාල 22 ම ඇතුළුව විද්‍යාල 30ක් ඇතුළත් කරගෙන තිබෙන බවත් ආණ්ඩුකාර ධූරයේ බලය උපයෝගී කරගනිමින් වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට උත්සහා දරන්නේ කුමන හේතුවකට ද යන්න සොයා බැලිය යුතු බවද හෙතෙම කීය.
මඩකලපුව දිස්ත්‍රික්කය අධ්‍යාපන කලාප 5කින් සමන්විත බවත් කාත්තාන්කුඩියේ තවත් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට භූගෝලීය හේතුවක් හෝ නොමැති බවත් පාසල් 22 කින් යුත් කාත්තාන්කුඩිය වෙනම අධ්‍යාපන කලාපයක් කරන්නේ නම් පාසල් 83ක් ඇති කල්කුඩා අධ්‍යාපන කලාපය කලාප කීයකට බෙදිය යුතු ද යන්න සිතා බැලිය යුතු බවද කීය.
මේ පිළිබද සොයා බලා ජනාධිපතිවරයා විසින් අවශ්‍ය පියවර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා මේ කලාපය ඇති කරන්න ආණ්ඩුකාරතුමාට තවත් බලය දෙනවා. ඊළඟ ඡන්දෙ ළඟයිනේ..?
ඒක ඉතින් ඊලග ප්‍රහාරකට පස්සේ දැනගන්න පුළුවන් වෙයි.. කාත්තන්කුඩිය හදිස්සියේම වෙනම අධ්‍යාපන කලාපයක් වුනේ මොකද කියලා.. එතකොට අර මොලයක් නැති අධ්‍යාපන ඇමතියා එකටත් ලස්සන කතාවක් හදා ගෙන ලැස්ති වෙලා ඉදියි ... අපි වගේ සාමාන්‍ය මිනිස්සු දෙතුන්සියක් මැරෙයි වැඩිම උනොත්.. එකත් අවුලක් නැති වෙයි එතකොටත් ඇමරිකාවෙන් කීයක් හරි දෙයි නේ..
ශ්‍රී ලංකාව යනු ප්රජාතන්ත්රවාදී ඒකීය මහජන සමූහ ආණ්ඩුවකි. එහි යම් අය නීති විරෝධී ත්‍රස්තවාදී වැඩ කරනවා නම් එය වැරදියි. එසේ යම් අය හෝ පිරිස් එම ක්‍රියාවන් කරනවා නම් ඔහුට හෝ එම කණ්ඩායම් වලට මරණිය දණ්ඩනය දීමෙන් රටේ ආරක්ෂාව පිළිබඳ කිසිම ගැටළුවක් නොවේ.. (අනෙක් වැරදිවලට තිබෙන නීති ප්‍රමාණවත් වේ..)
නැහැ, නැහැ ඔය ජනාධිපති, අගමැති විපක්ෂ නායකලා ගැන තඹයක විශ්වාසයක් නැහැ.. බලලෝභීන් ඕකුන් ඕනෑම දෙයක් පාවාදෙනවා බලලෝභයට මේක ජනතාව නැගී සිටිය යුතුයි..
මේ ගොන් ආණ්ඩුව බුදිද? ජනාධිපති කෙනෙක් ඉන්නවා නේද? ආණ්ඩුකාරයා මෙහෙම කරනකොට ජනාදිපති උඩ බලාගෙන ඉන්නවද?
රටේ ජනාධිපති මෙයට කුමක් හෝ කරයි කියල හිතන්න එපා.
ඔව්වා මේ කට්ටියට කියලා වැඩක් නැහැ. එයාලට සියයට දහයේ මුස්ලිම් ඡන්ද ලැබෙනවා නම් රටට හෙන ගැහැව්වත් කමක් නැහැ.
ජනතාව ජාති කුල විදියට භූගෝලීය ලෙස වෙන් කිරීම නොකළ යුතුය. අම්පාර දිස්ත්‍රික්කයේ දැනටම කල්මුනේ කියලා ප්‍රාදේශීය සෞඛ්‍යය අධ්යක්ෂ කොට්ඨාශයක් ක්‍රියාත්මක වෙනවා. මේවා ඡන්ද කෑදරකමට අපේ සිංහල නායකයින්ගේ මෝඩකම්... මේවට පව්ගෙවන්න වෙන්නේ අනාගත පරම්පරාව දිස්ත්‍රික්කයක් ගත්තාම හැම ජන කොටසක්ම ඉන්න පුළුවන්... දිස්ත්‍රික්කය ඇතුලේ නැවත ජාතින් වශයෙන් වෙන්කිරීම අන්තවාදීන්ට රුකුලක්..
මේ තමයි ඉන්දියාව විසින් අප රටට බලහත්කාරයෙන් පටවපු "පළාත් සභා" සුදු අලියාගේ ප්‍රතිවිපාක. එවකට සිටි ජනාධිපති මහ ජනතාවගේ හෝ පාර්ලිමේන්තුවේ අදහස් නොවිමසා ඒකමතිකව පිහිටුවන ලද පළාත් සභා ජනරජ ව්‍යවස්ථාවට අනුව නීති විරෝධී ආයතනයන්ය. පළාත් සභා වහාම අහෝසි කිරීමට කාලය පැමිණ ඇත. දැනටමත් ප්‍රමාද වැඩියි. පළාත් සභා අහෝසි කිරීමට පොරොන්දුවන ඕනෑම කෙනෙකුට මගේ ඡන්දය...!
වෙනම මුස්ලිම් කලාප, වෙනම මුස්ලිම් අධ්‍යාපනික කලාප, බුර්කා, නිකාබ්, මුස්ලිම් ගැහැනුන්ට වැඩිපුර නිවාඩු, හැබැයි අපි ශ්‍රී ලාංකිකයි. නල්ලමලේ ලාංකික. කොන්ද පණ තියෙන නායකයෝ නැහැ ලංකාවේ.. එ්කයි මෙයාලා මෙච්චර සෙල්ලන් දාන්නේ....