(ටෝනි කරුණානායක)
පිවිතුරු හෙළ උරුමය පක්ෂ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට අද(19) මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටින ලෙසට පණිවිඩයක් යවා ඇතත් ඔහු අද පොලිසිය හමුවේ පෙනී නොසිටි බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
ඉකුත් 13 වැනිදා රාත්‍රියේ මිනුවන්ගොඩදී සිදු වූ කළහකාරී සිද්ධිය වන අවස්ථාවේ එහි රැඳී සිටියැයි කියන චෝදනා සිද්ධිය සම්බන්ධයෙන් අද (19) මිනුවන්ගොඩ පොලිසියට ඔහුව කැඳවා තිබිණි.
එම පොලිස් පණිවිඩය රැගෙන ඒ මහතා පදිංචි පොලිස් වසම වන රාගම මහබාගේ පොලිස් නිලධාරීන් නිවසට ගිය බවත් එම අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි හෙයින් එම පණිවිඩය මධුමාධව යන අයගේ මවට දැනුම්දුන් බවත් මහබාගේ පොලිසිය මිනුවන්ගොඩ පොලිසිය වෙත දැනුම්දී තිබේ.
පොලිස් පණිවිඩයට අදාළව පොලිසිය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට පොලිසිය නීතිමය උපදෙස් පතා ඇතැයි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුමාධව මිනුවන්ගොඩ ඇවිත් නැද්ද? පොලිසියට ඇවිත් නැද්ද?
පුතාට දෙන්න ඕන පණිවිඩය අම්මට දීලා ආවේ නැත්නම් පුතාට වරෙන්තුවක් නිකුත් කරනවලු, මෙහෙමත් විගඩම් පොලිසියක්. මොකද පුතා රට පැනලා ගිහිල්ලද ?
අම්මට කීව නිසාම පුතාට පණිවිඩය ලැබෙයි කියලා සිතන්න බැහැ. අදාළ පුද්ගලයාටම පණිවිඩය දුන්නොත් නේද හොඳ?
කලින් කට උත්තර ගන්න එන්න කියලා පැය 2ක් රස්තියාදු කරලා.., ආපසු අාවා කියලා මාධ්‍යවල ගියානේ.
කෙසෙල් කැන් කඩයක් කාලා තියෙන්නේ කොහෙද කියලා හොයලා බැලුවා නම්? සමහරවිට ඒ පැත්තේ පාරේ ඇවිදින්න ගියාද කවුද දන්නේ?
මෙයා හිතාගෙන ඉන්නේ රටේ ප්‍රධානියෙක් කියලා... එ්කනේ මේ තරම් කයිවාරුව...
හරියට හරි.... උපරිම දඬුවම් දෙන්න. ඕක හෙනම හෙන විසබීජයක් අපේ රටට දැන්වත් ඔය කසිකබල් පක්ෂ තහනම් කරලා රට බේරගන්න කවුරුත්ම නැද්ද දෙයියනේ? අනේ මන්දා මොනවා වේවිද කියා අපිට මොවුන් හින්දා.. ?
අාවත් මොකෝ එයා කව්ද?
මොහුට විරුද්ධව දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුය. මෙය පිළිගත නොහැක.
හොයලා බැලුවේ නැද්ද ඊයේ කොහෙද කෙසෙල් කැන් කඩයකට පහර දීලා තියෙන්නේ කියලා? සමහරවිට ඒ පැත්තේ මහ පාරේ ඇවිදිමින් හිටියාද කියලා කවුද දන්නේ? අපි දැක්කා "විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙක් ළඟදීම අත්අඩංගුවට ගන්න යනවා" කියලා පත්තරේ තියෙනවා.