ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18 වැනිදා) පෙරවරුවේදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් දී ඇත. පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේදී ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ජයසේකර මහතා පැමිණ තිබේ.
මෙම ප්‍රකාශය දීම සඳහා ජයසේකර මහතා පැය 02කට ආසන්න කාලයක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රැඳීසිට ඇත.
පසුගිය 13 වැනිදා කුලියාපිටිය ප්‍රදේශයේදී සිදුවූ කලබල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිසකට ඇප ලබාගැනීම සඳහා දයාසිරි ජයසේකර මහතා උනන්දු වූ ආකාරය සම්බන්ධ වීඩියෝවක් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය වෙයි.
අත්අඩංගුවට ගත් පිරිසක් මුදවා ගැනීම සඳහා හෙට්ටිපොල පොලිස්ථානයට යන ජයසේකර මහතා ඔවුන්ව තම ජීප්රියේ නංවාගෙන බිංගිරිය පොලිස් ස්ථානය වෙත ගෙන ගිය බවත් පසුව බිංගිරිය පොලිස් ස්ථානයේදී ඔවුන්ට ඇප ලැබුණු බවත් කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද හෙට්ටිපොළ උන් බිංගිරියට ගෙනිච්චේ? පිට පළාත්වලින් ආපු අය නිසාද? දයාසිරිට ඕනෑවිදිහට නටන පොලිසියක් ඉන්න නිසාද?
පියල්ලා දායාසිරිලා පාර්ලිමේන්තුවේ අය නිසා ප්‍රශ්න ටිකක් ඇහුවා ගෙදර යැව්වා. අර බුකියේ මොකක්ද ලිව්වා කියපු ලමයි කෙලින්ම රිමාන්ඩ්. ඔක්කොම නීතී සාමන්‍ය මිනිහාට විතරයිනේ. ආණ්ඩු පක්ෂයේ වේවා විපක්ෂයේ වේවා... ඔවුන් එකම කණ්ඩායමක්නේ.
මම කල්පනා කරන්නේ ඉස්සර හරවත් දේවල් කියමින් කරමින් ජනතාවගේ ගෞරවාදරයට පාත්රව හිටපු මේ මනුස්සයාට එක පාරටම හැදුණු පිස්සුව මොකක්ද කියලයි..
තියෙන ගොන් කම ..... මී හරකෙක්නේ
රට ගිලගන්න ආපු අය.....
කවුරුහරි ඉන්නවා නම් මේ මනුස්සයට වෙනදේ පැහැදිලි කරන්න.....
දයාසිරි ...
පොලොන්නරුවේ අත්තනගස් හරියට තියෙනවා, කෑවොත් අවුරුදු දෙක තුනක් වගේ ඔලුව අව්ල්වෙනවා, යමෙක් ගලක් පෙන්නා මැණිකක් කිව්වොත් ඒක විස්වාසකරනවා. මම හිතන්නෙ පොලොන්නරුවෙදි අත්තන ඇට කවලා වගෙයි. මටත් ඔහොම වෙලයි තියෙන්නෙ.පහුවෙනකොට හරියට බඩේ ගින්දර.