(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය මගින් තහනම් කිරීම හේතුවෙන් අද (18) දහවල් කොටසක් ගිනි තබා විනාශ කිරීමටත් ඉතිරි එවා නිවෙස් වලට රැගෙන යාමටත් කටයුතු කර තිබුණි.
සාලියවැව නගරයේ බෞද්ධ හා කතෝලික තරුණ තරුණියන් එක්වී සතියක් පුරා සකස් කළ වෙසක් කූඩු තොගයකට ධර්ම චක්‍රය එක් පසෙකත් අනෙක් පසක කුරුසයත් සංකේත කරමින් ප්‍රදර්ශණය කිරීමට යාමේදි ඒ සඳහා විරෝධයක් එල්ල විය. පසුව පුත්තලම භාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට සාලියවැව පොලිසිය මගින් මෙම කුඩු ප්‍රදර්ශනය නවතා දැමීමට කටයුතු කර තිබුණි.
වෙසක් කුඩු ප්‍රදර්ශනය තහනම් කිරීමත් සමග සමග එවා සකස් කල පිරිස් අතර නොසන්සුන්තාවයක් මතුව තිබුණි.
මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවයක් සමග අවට පොලිස් ස්ථාන කීපයක් නිලධාරින් ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා තිබූ අතර පොලිස් නිලධාරීන් බලා සිටියදීම මෙම කූඩු ප්‍රදර්ශනයට ඉඩ නොදීමට විරෝධය දක්වා සුළු ප්‍රමාණයක් පුළුස්සා දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.
මෙහිදී මෙම කූඩු සැකසීම භාරව කටයුතු කළ සාලියවැව තරුණ සංගමයේ උප සභාපති විශ්ව ලක්මාල් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ අපි බෞද්ධ, කතෝලික කියලා නෑ සියලු දෙනාම එකමුතුව තමා වැඩ කරන්නේ. ඒ නිසයි වෙසක් එකටත් මේ ආකාරයට වෙසක් කූඩු ප්‍රදර්ශනයක් කරන්න කටයුතු කළේ. එහිදී වෙසක් කුඩුවේ එක් පසෙක ධර්ම චක්රයත් අනෙක් පසක කුරුසයත් යොදමින් අපි සංකේතවත් කලේ සාමය සමගිය මිසක් වෙනදෙයක් නොවෙයි. නමුත් ඒ සඳහා මේ වනවිට එල්ල වූ බාධාව ගැන අපේ විරෝධය පානවා" යැයි ඔහු පැවසීය.
මෙම කටයුත්තට විරෝධය මතු කළ කරුවල ගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අලුත්ගම ශ්‍රී ලුම්බිනි විහාරයේ විහාරාධිපති මානෑවේ පඤ්ඤාරාම හිමියන් පවසා සිටියේ මෙවැන්නකි.
“අපි කිසිම විටක ආගමකට විරෝධයක් දක්වා නැහැ මගේ පන්සල ඉස්සරහ තියෙන කතෝලික දෙවස්ථානයේ සෑම කටයුත්තකටම අපි දායකවෙනවා. නමුත් ඒ දායකත්වය දුන්නා කියලා කවදාවත් ධර්ම චක්‍රය පල්ලියේ ප්‍රදර්ශනය කරන්න කියලා නැහැ‘‘
කතෝලික බෞද්ධ ආගමික සංහිඳියාවක් අලුතින් අපිට වුවමනා නැහැ. අපි එදා ඉඳලම සංහිඳියාව පෙන්වා තිබෙනවා. සංහිඳියාවට කියලා මේ වගේ දේවල් කරන්න අපි ඉඩ ලබාදීම අනුවණකමක්... මොකද සෑම ආගමකම තියෙන ආගමික අනන්‍යතාවය ඒ ආගම තුළ රඳවා ගන්නවා මිසක් තවත් ආගමක් අස්සේ රැඳවීම මා අනුමත කරන්නේ නැහැ...‘‘ යැයි ද පඤ්ඤාරාම හිමියෝ පැවසූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා... මෙහෙමත් කට්ට්ය ඔය වෙසක් කුඩුවේ මොන ලාංඡනය අැලෙවුවත් මොකද වෙන්නේ? එකෙන් බුද්ධාගමට හානි වෙනවද..? මේ අනවශ්‍ය දෙවල් මෙව්වා. හැමතැනම මැන්ටල් කේස් තමා..
සහෝදරත්වය කවදත් අපි අතර තිබුණා. ශ්‍රී සද්ධර්මය පටලවා ගන්න හොඳ නෑ. ගරුතර සංඝරත්නය ගත්ත තීරණය ඉතා නිවැරදියි. අත්දැකීම් අඩු තරුණ පරපුර ඒ ගැන උරණ නොවී හරි දේ තේරුම් ගන්න.
අපේ රට මේ වගේ තත්වයකට වැටුනේ ඔය කුහකකම නිසයි. ඔවුන්ගේ මහන්සිය අගයන්නේ නැතුව විකාර කියවනවා. ඔහොම තත්වයක් යටතේ මේ ළමයි පන්සලක් වටා එකතු වෙයිද?
ඔක්කෝටම කලින් මොලයක් තියන අය ටිකක්.. ආගමික නායකයන් බවට පත් කරගන්න ඕනෑ. පන්සලේ වේවා, පල්ලියේ වේවා, කෝවිලේ වේවා... මොලයක් පිහිටලා තියන අය ඒ තනතුරුවලට යවන්න ඕනෑ. කන්න බොන්න නැතිකමට ගෙවල් වලින් පන්සල් වල මහන කරන අය නිසයි අපි අද මේ තැන් වල ඉන්නේ. මුස්ලිම් පල්ලිවල දෙවියන් ගැන කියන නිසයි ඒ අය අද දුක් විඳින්නේ... මේ වගේ වෙලාවකවත් කටවල් පරිස්සම් කරගන්න බැරි දෙයක් හිතන්න බැරි උන් මොකටද? ඕකේ කුරුසේ තිබ්බා කියලා මක් වෙනවද?
අන්තෝ ජටා බහිජටා...
මනුෂ්‍යත්වයට වඩා ආගම් ඉස්මතු වුණාම ඔහොම වෙනවා. මූලික යථාර්තය වන්නේ සියල්ලන්ම මනුෂ්‍යයින් බවයි. ආගම් හෝ දර්ශන එම ශාස්තෘවරුන් විසින් මෙලොවට දායාද කලේ එම මනුෂ්‍යත්වය වඩා තහවුරු කරන්නට මිස ආගමක් හො දර්ශනයක් ඉස්මතු කරන්නට නොවේ. කිසියම් දෙයක් මඟින් මනුෂ්‍යයින් බෙදා වෙන් කරන්නේද එය පරම යථාර්තයට පටහැනිය. එනම් ධර්මයට පටහැනිය. ධර්මයට වඩා ආගම් ඉස්මතු වීම මනුෂ්‍යත්වයේ පිරිහීමයි.
හාමුදුරුවෝ කියන දේ හරි....
මෙන්ටල් කේස් එකක්නේ තනිකරම... මේ වගේ තේරුමක් නැති කොනක් අල්ලන් දඟලන අය තමයි අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කරන්නේ... හදලා ඉවර වෙනකන් උඩ බලන් ඉඳලා දැන් බයිලා කියවනවා. අකැමැති නම් මුලින්ම කියන්න තිබුණනේ... බෙදා වෙන්කර පාලනය කරන්න යම් දේශපාලන කණ්ඩායමකට වුවමනාව තියෙනවා.. ඒවට මේ වගේ මෙන්ටල් කේස් මාර රුකුලක් වෙනවා. මේ රට නම් කවදාවත් හැදෙන රටක් නෙමේ...
වෙසක් කූඩු කියන්නෙ බෞද්ධයන්ගේ අනන්‍යතාවය ඒකට කුරුසයක් එක් කිරීමෙන් එතන සැබෑ වෙසක් කූඩුවක් නොවනු ඇත
වෙනද වගේ වෙසක් කුඩුවේ කුරුසේ නොගහ හිටියනම් මේ ප්‍රශ්න මොකවත් නැහැනේ ?
කාට පිස්සුද හිතාගනනන් බෑ ! අපි අසරණ වෙලාවගේ අපට දැනෙනවා බුදුහාමුදුරුවනේ !
වැඩි සෙනෙහෙ දබරෙට මුලයි කියන්නේ කට කහනවට නොවෙයිනේ අායුබෝවන්...
අනේ කාලේ වනේ වාසේ .. ගැටුම් ගැටුම් ...ලංකාවට මොකද මේ වුනේ ?
බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි..... අපේ තියෙන නිහතමානීකම අවංකකම සාමය එකමුතුව වගේ උතුම් හැඟීම් නිසා මෙවැනි දේ කළත් අතීතයේ සිට පැවත එන සංස්කෘතිය බෞද්ධ සිරිත් විරිත් බෞද්ධ අනන්‍යතාවයට හානි වෙන දේවල් නොකළ යුතු බව අප තේරුම් ගත යුතුයි.
අපි පොඩි කාලේ ඉඳන්ම වෙසක් කුඩු හැදුවත් මොන ලාංජනයවත් ගැහුවේ නැහැ. වෙසක් කියන්නේ බුදුන්ගේ තෙමගුල සිහි කරන දිනයක්. ඒ වෙනුවෙන් අපි නොයෙකුත් සැරසිලි කරනවා. අපි මොන මොන සංහිදියාව කිවුවත් ප්‍රශ්න ඇති වෙන දේවල් වලට යොමු වෙන එක සංහිදියාවට හොඳ දෙයක් නොවෙයි. තියන කලබල මදිවට තවත් ඒවා ඇති කරගන්න එපා.අපේ හාමුදුරුවොත් බොහොම ඉවසිල්ලෙන් කටයුතු කලොත් අර කාදිනල් තුමා වගේ වැදගත්ය.
මදැයි කොලා පුවක් ගහට නැංගත් දෙබලක්........ මෙහෙම පණ්ඩිත හාමුදුරුවරු තමයි රට කන්නේ
ආගම, ධර්මය ඇත්තේ මිනිසුන් බෙදා වෙන් කිරීමට නොව, එකමුතු කිරීමට බව ත්‍රස්තවාදී මනසක් සහිත අයෙකුට අවබෝධ කර ගැනීමට නොහැකිවීම ගැන කනගාටු වෙන අතරම, වෙසක් දිනයේ, මේ උතුම් ක්‍රියාවට විරුද්ධවූ මානසික රෝගියාට මෛත්‍රී වඩනවා හැර වෙන මොනා කරන්නද? මෙවැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාවට දායකවූ පිරිපුන් මනසක් සහිත තරුණ පිරිසට, තෙරුවන් සරණ පතමි!!
මෙවැනි දේ කිරීමෙන් උද්ගත වෙන්නේ සාමය නැතිවෙන එකකි . හාමුදුරුවොත් මීට වඩා කල්පනවෙන් අනුශාසන කරන්න තිබුණා ....බෞද්ධද? කතෝලිකද? කියල වෙනසක් නැහැ අපි සියලු දෙනාම ලංකාවාසී ජනතාව .
වෙසක් පහන් කූඩු ,භක්ති ගීත කතෝලිකයන්ගෙන් එකතු වූ දේවල්. වෙසක් පතත් ඒ වාගේ දෙයක්. කජු,දෙල්,ආස්මී,කොකිස් ආවෙත් එහෙමයි. ඔය අපූරුවට කන්නේ. අනේ නොදන්න දේවල් හොයලා බලා කටයුතු කරන්න.
ආගමික උත්සව එකතු වෙලා කිරීම හොදයි හැබැයි කළවන් අච්චාරුවක් කලොත් ඉදිරියේ නැති ප්‍රශ්න උනත් ඇති වෙන්න පුළුවන්.....
කාලයත් සමඟ යාවත්කාලීන වෙන්න....
ඔක්කොටම වඩා හපන් අපේ අය...... ඒ හන්ද මොන ජිවනයක්වත් හදන්න බැහැ , ජීවනී එකක් බිල බුදිය ගමු .
මේ රටේ මේ වනවිට ඇතිවෙමින් පවතින දැඩි සිංහල බොදු-ක්‍රිස්තියානි බැදීමට විරුද්ධව ඉතාම සුළු පිරිසක් ක්‍රියාත්මක වීම සැලකිල්ලට නොගත යුතුය. ඕනෑම හොඳ දෙයක විරෝධතාවන් මතුවීම එහි සාමාන්‍ය ස්වභාවයයි. එවැනි විටෙක කුපිත නොවී බුද්ධිමත්ව කටයුතු කිරීමයි වැදගත්.
අද කුරුසෙ හෙට වෙන දෙයක්..... අනිද්ද වෙළද දැන්වීමක් දායි .... හාමුදුරුවෝ හරි
බුද්ධාගම හෝ වෙනත් ආගමක් තිබිය යුතු තැන ඔබගේ සිතතුළ... ධර්මයේ හැසිරෙන්න, එවිට ධර්මය ඔබ අරක්ෂා කරනු ඇත...
මමත් බෞද්ධ. මට පේන විදියට හාමුදුරුවෝ තමයි වැඩේ කාල තියෙන්නේ. තායිලන්තේ මෑතක හිටපු රහත් යයි විස්වාස කරන හාමුදුරු කෙනෙකුගේ (චා හිමි) පන්සලේ මහන වෙච්ච බටහිර හාමුදුරුවරු නත්තල් සමරන්න හදපුහාම ගමේ මිනිස්සු විරුද්ධ වුනු වෙලාවේ , ඒ හාමුදුරුවෝ කිව්වලු 'හොඳ හිතින් කරන ඕනැ යහපත් දෙයක් බෞද්ධ කියල උඹල දන්නේ නැද්ද?" කියල. ඒ වැඩේට ඉඩ දුන්නලු. ඒ හාමුදුරුවන්ගේ වැඩ ප්‍රසිද්ධ වෙලා දැන් ලෝකේ අනෙක් රටවල් වල පන්සල් තුන්සිය ගණනක් අලුතෙන් හැදිලා තියනවා. මෙහෙ අපේ හාමුදුරුවෝ තියන පන්සලත් වහයි වගේ!
වැඩි සෙනේ දබරෙටයි කියනවනෙ. ඒක හිංඳ තියෙන සෙනේහෙ විතරක් ආරක්ෂා කරගත්තම සාමයෙන් ඉන්න හොඳටම ඇති.
ජර මර අස්සේ බර කරත්ත කිව්වලු. කොහොම වුනත් මේ තරුණ කට්ටිය කිරි කලයක් දොවලා ගොම බින්දුවක් දැම්මා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ.
වැරැද්දක් කියල කියන්න අමාරුයි.ඕන තරම් ඒව කූඩුවල තියනව.ආගමික සංකේතයක් නිස මොකුත් කියන්න බෑ.. කරන්න තිබුනෙ තහනම් කරන එක නෙවෙයි.අන්තර් සහයෝගය අත්‍යාවශ්‍ය වෙලාවක පොලිසිය කරපු දේ වැරදියි. ඔය කුරුසෙ තිබුන පැත්තෙ හරහට තව කුරුසයක් ගහල වටේට රවුමක් දැම්මෙවුව නම් හරිනෙ..එතකොට යස අගේට ධර්ම චක්‍රයක් තියේවි. ඒක වැරදි නෑ..ඔක්කොම හරිනෙ... ලේසිම හා සුදුසුම දේ නොකර තහනම් කිරීම ගැන මට සැකයක් තියනව. බෟද්ධ -කතෝලික එකමුතුව දරාගන්න බැරි, හාමුදුරුවන්ට එහා ගිය පිරිසක් ඒ අවට ඉන්නව වගේ..ඒක හොඳ දෙයක් නෙවෙයි..ඕව තමා අළු යට ගිනි...හොයල බලන එක කාටත් වටිනව...
මෙහිදී එක කරුණක් මතක් කිරීම වැදගත්. බුදු දහම යනු දර්ශනවාදයකි. ආගමක් නොවේ. බුද්ධං සරණං ගච්චාමි.
මේ අය නැති අවුල් හදනවා. යන්තම් ගැටුම් සමනය වෙනකොට .
බුදු දහම තියෙන්නේ සංකේත වලද?
ඔය වෙසක් කුඩු අපේ හාමුදුරුවනේ වැඩිම උනොත් සතියක් පත්තුකරයි. ඊට පසු ඔය ඔක්කොම අමතක වෙනවා.අපේ රට බෞද්ධ රටක් වුනාට බුදුරජාණන්වහන්සේ පෙන්වාදුන් බෞද්ධ සාරධර්ම අපේ සමහර භික්ෂුන්වහන්සේලා තුලවත් නැහැ රටේ අවාසනාවට,.
තම තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් එකිනෙකා අතර විශ්වාසයෙන් ඇතිවන සහජීවනය තමයි වැදගත්වන්නේ. එහෙම නැතිව සියලු දේම එක ගොඩට දාපු කොත්තුවක් නොවී.
ලාංඡන අවතක්සේරු කිරීමට අවශ්‍ය නැහැ....
ඇත්තටම මේ වෙලාවෙ මේ ස්වාමීන් වහන්සේ මේ තරුණ පිරිස සිදුකල මේ ක්‍රියාව අගය කල යුතුයි
ස්වාමීන් වහන්සේ දුර දිග බලා ගත් තීරණය ක් බව වැටහේ. එහි පැහැදිලි කිරීම ප්‍රමාණවත්. සංහිඳියාව මාර්ගයෙන් බුදු දහමට මුක්කු ගැසීම් හා අත පෙවීම් එදවසම අයින් නොකල එකේ විපාක අපි අද හොඳින්ම භුක්ති විඳිනවනෙ. ඒක නිසා දැන්වත් අමුතු සංහිඳියාවන් ගාව ගන්නැතුව ඉන්න එක නුවනට හුරුයි.
එතකොට වෙසක් එකෙන් පස්සෙ කූඩු විසික් කරද්දි කුනු බක්කියට දාලා?
අලුත්ගම ශ්‍රී ලුම්බිනි විහාරයේ විහාරාධිපති මානෑවේ පඤ්ඤාරාම හිමියන් වැනි උන්නාසේලාට මතක් කර දීමට ඇත්තේ අහෝ දෙව්දත් නොදුටු මොක්පුර කියාය. වෙසක් දිනයේ කතොලික පල්ලියෙන් පන්සලට බල්බ වැලක් පුජා නොකරා නම් එය නොගෙන සිටියිද? රටක වැදගත් දෙය නම් ගෝත්‍රික ආගම් අදහනවාට වඩා රටක්-ජාතියක් සේ නැගී සිටීමයි.
වැඩි සෙනෙහෙ දබරෙට මුලයි කියන්නේ කට කහනවට නොවෙයිනේ අයුබෝන්.....
‘‘ආගමකට අදාල අනන්‍යතාවයක් තිබෙනවා. ඒ අනන්‍යතාවය ආරක්ෂා කිරීම පමණයි මා කලේ.. නැතුව කිසිම ලෙසකින් මා වෙනත් වැරදි ක්‍රියාවක නිරත වී නැහැ.‘‘ පංසල්වල තොකරම් දේව රූප තිනෙවද? - බුදු දහමේ අනන්‍යතාවය ආරක්ෂා කරන්නේ මේ රටේ කොයි පංසලේද?
සහජීවනය කියලා කිසිම දවසක නොකරපු දේවල් කරන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ ඇයි..? මම නම් මේ ඇහුවමයි වෙසක් කූඩුවල කුරුසය සංකේතවත් කරනවා කියලා.
කූජීතයි අපේ හාමුදුරුවනේ. අපේ පැත්තේ හැම පල්ලියකම, ක්‍රිස්තියානි ගෙදරකම, වෙසක් කූඩු එල්ලලා ලයිට් දාලා තියෙන්නේ... මෙය අපේ සිංහල මිනිස්සුන්ගේ එකමුතුකම හොඳට දැණුනු වෙසක් උළෙලක්. ඒ අතරේ මේ කළ දෙය වැරදියි. අරාබියෙන් සල්ලි කුට්ටියක්වත් හම්බ වුණාද කියලා හිතෙනවා.
ඔය මලඉලව් සහ ජීවනේ නිසා තමයි මේ අපිට කෙලවෙලා තියෙන්නේ. එක එක රටවල එවුන් සතුටු කරන්න මංගල ඇතුළු පිරිස කළ දේවල් වල ප්‍රතිඵල තමයි අපි අත්විඳින්නේ... අල්ලපු ගෙදර අය එක්ක සහජීවනෙන් ඉන්න කියලා අල්ලපු ගෙදර නෝනා එක්ක නිදා ගන්නවද?