පාසල් සිසුන්ට මත්පෙති විකිණූ අයෙක් අත්අඩංගුවට පාසල් සිසුන් ඇතුළු බාලවයස්කරුවන් සඳහා අඩු මිලට ඇපල් පෙති විකිණීමේ නිරත ජංගම අලෙවිකරුවෙකු ඇපල් පෙති 100 ක් ද සමඟ අද (26) අලුයම ඒත්තුකාල කජුවත්ත දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 26 June 2018
මහින්ද උදයංගට එන්න කියයි මිග් යානා ගණුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දී ඇතැයි යහපාලන වින්දිතයෝ සංවිධානය සඳහන් කරයි. 26 June 2018
බැදුම්කරවල ආයෝජනය ගැන ආචාර්යවරු පරීක්ෂණයක් ඉල්ලති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අර්ථසාධක අරමුදල අවභාවිත කරමින් බැදුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. 25 June 2018
මාතර පොලිස් වීරයාගේ දරුවන්ගේ අනාගතය ව්‍යාපාරිකයෝ බාරගනිති මාතර නගරයේදී කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ බිරිඳ හා දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 20 මුදලක් මාතර ව්‍යාපාරික ප්‍රජාව විසින් ලබා දීමට ඉදිරිපත්වී ඇති බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 25 June 2018
ළඟම තැපැල් කාර්යාලට වාර්තා කරන්න - තැපැල්පති තමන් සේවය කරන තැපැල් කාර්යාලවල රාජකාරීවලට වාර්තා කිරීමට අපහසු තැපැල් සේවකයින්ට ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලවලට වාර්තා කළ හැකි අතර ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බවද තැපැල්පති ඩි.එල්.පී ආර් අභයරත්න මහතා පවසයි. 25 June 2018
වෙඩි ප්‍රහාරයකින් මධූෂ්ගේ දකුණේ ප්‍රධානියා මරුට දකුණේ ප්‍රබල පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයා වශයෙන් හැඳින්වෙන සුදුහකුරගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නැමැත්නා අද (25) රාත්‍රීයේ කඹුරුපිටිය අකුරැස්ස පාරේ විල්පිට රක්ෂිත ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මියගොස් ඇති බව පොලිසිය කියයි. 25 June 2018
සංවර්ධන නිලධාරී කඩඉමේ වෙනසක් නෑ සංවර්ධන නිලධාරී සේවයේ 1 වැනි කාර්යක්ෂමතා කඩඉම් විභාග කලින් තීරණය කර තිබූ පරිදි මේ මස 30 වැනිදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 25 June 2018
ළමාරක්ෂක අපේක්ෂකයෝ මහානාහිමිවරුන්ට දුක කියති ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට තමන් තෝරාගෙන තිබියදී මාස හයකට අධික කාලයක් තිස්සේ සිය පත්වීම් අසාධාරණ ලෙස පමාකරමින් සිටීම ගැන මැදිහත්වන්නැයි ඉල්ලා පත්වීම් අපේක්ෂිත සුදුසුකම්ලාභීහු ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති. 25 June 2018
ඇමැති ෆවුසිගේ නඩුවට අදාල ගොනුව උසාවියෙන් ඉල්ලයි රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා සම්බන්ධ අල්ලස් නඩුවට අදාළ ජීප් රථය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලැබූ ලිපි ගොනුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය. 25 June 2018
පොලිස් නිලධාරීන් රෝහල්ගත කිරීමට ඉදිරිපත්වූ තිදෙනාට උපහාර මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳ සැලක් මංකොල්ල කෑමට පැමිණි පාතාල කල්ලිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සිවිල් වැසියන් තිදෙනෙකු ඇගයීම සඳහා මුදල් ත්‍යාග ලබා දීමට තීරණය කළ බව මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා පැවසීය. 25 June 2018
බස් වර්ජනය අවසන් නොකළොත් බලපත්‍ර අහෝසියි බස් වර්ජනයට එක්වූ සියලුම දෙනාගෙන් එය නවතා දමනලෙස ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම් හෙට සිට ධාවන බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බවත් ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති එම්.ඒ.පි.හේමචන්ද්‍ර මහතා පැවසීය. 25 June 2018
ශ්රීලනිපය කළා නම් එජාපයට බැරි ඇයි - ඇමැති නවීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 දී සමෘද්ධි සහනාධාරය මත රැකියා ලබාදුන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට දැන් එය කළ නොහැක්කේ මන්දැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රශ්න කරයි. 25 June 2018
සංවර්ධන නිලධාරීහු කඩඉම් විභාගය කල් දමන්නැයි ඉල්ලති සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩඉම් විභාගය තැපැල් වර්ජනය අවසන්වීමෙන් පසුව පවත්වන්නැයි සංවර්ධන නිලධාරී සංගමය ලිපියක් යොමුකරමින් විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත. 25 June 2018
සිංගප්පූරු ගුවන්තොටේදී රෝහාන් වැලිවිටගෙන් ප්‍රශ්න කරයි සී.එස්.එන් රූපවාහිනී නාළිකාවේ හිටපු සභාපති මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද වූ රොහාන් වැලිවිට මහතා සිංගප්පූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (25) අත්අඩංගුවට ගෙන පැය තුනකට පසුව මුදාහැර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 25 June 2018
කොත්තුවක ගෙම්බෙක් - ආපන ශාලා හිමිකාරියට ඇප අම්බලන්තොට ආපනශාලාවක කොත්තුවක ගෙම්බෙක් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආපනාශාලා හිමිකාරිනිය අත්අඩංගුවට ගෙන (25) හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. 25 June 2018
දේශපාලනඥයා අගයමින් පාසල්වලින් බැනරයක් දකුණු පළාතේ දේශපාලනඥයකුට උපහාරයක් පුද කිරීමේ සිද්ධියක් පාදක කරගෙන සෑම පාසලකම එම දේශපාලනඥයාට උපකාහර පුද කිරීමට රුපියල් 4000ක වියදමින් බැනරයක් ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. 25 June 2018
හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වරෙන්තු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි 25 June 2018
කරුණා පාර්ශවයේ තිදෙනාම නිදහස් 2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවි, අත් බොම්බ සහ පතුරම් තොගයක් ළඟ තබාගත් බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සමඟ චෝදනා ලැබ සිටි ‘කරුණා‘ පාර්ශවයේ ආධාරකරුවන් බව කියන තිදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා නිදොස් කොට නිදහස් කළේය. 25 June 2018
ජාතික විගණන කෙටුම්පත ලබන 05 වැනිදා විවාදයට රටේ මහත් කතාබහට ලක්ව පවතින ජාතික විගණන පනත් කෙටුම්පත් ලබන මස 05 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. 25 June 2018
නුවරඑළියේ පොදු වැසිකිලියට ලක්ෂ 150 ක් නුවරඑළිය නගරයේ පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ඒකකය පියවර ගෙන ඇත. 25 June 2018
මොනරාගල ප්‍රා.සබේ සභාපතිවරු නැගිට යති මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ අද (25) පැවති මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදී ආසන පැනවීමේ ප්‍රශ්නයක් මුල්කර ගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා හයක 25 June 2018
දිවියා මැරූ සිව් දෙනකු 29 තෙක් රිමාන්ඩ් කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු අද කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 29 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කිලිනොච්චිය වැඩබලන මහෙස්ත්‍රාත් එස්.ග්‍රේෂියන් මහතා අද (25) දින නියෝග කළේය. 25 June 2018
හෙක්ටර් බෙත්මගේට එරෙහි නඩුව හෝමාගම අධිකරණයට මාරු කරයි නිල ගිනි අවියෙන් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව හෝමාගම මහාධිකරණයට මාරු කර යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (25) නියම කළේය. 25 June 2018
‘අනුශාසනාවක් වුවද කළ යුත්තේ ප්‍රඥාවන්තයකුට පමණයි‘ ‘බුදුන්වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක් කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥාවක් ඇති මිනිස්සුන්ට බවත්, අනු නා හිමිගේ අනුශාසනාවේ තිබු කරුණු මැනවින් තමා අවබෝධ කරගත් බවත් එය නොතේරුම් ගත් පිරිසක් විසින් විවිධ ප්‍රකාශ කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 25 June 2018
කොටකෙතනේ මව හා දියණිය ඝාතන නඩුවේ තීන්දුව කල් යයි කොටකෙතන නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි අසල්වැසි නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළ විත්ති වාචක කැඳවීමකින් තොරවම නිදොස් කොට 25 June 2018
‘සරසවි ප්‍රතිපාදන මුදල් බැඳුම්කරේට දුන් අය ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි’ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් බැඳුම්කර වංචාවට යොදා ගැනීමට උපදෙස් දුන් උදවිය සම්බන්ධව ඉතාම ඉක්මණින් පරීක්ෂණ පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) පැවසීය. 25 June 2018
අඩි 100 පාරේ දේපොළ අහිමි වූවෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වදිති සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වූවන්ට වන්දි මුදල් ලබාදීමට තවමත් නොහැකි වීම නිසා දේපල අහිමිවූවන් අද (25) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාර්යාලය අසල රැඳී සිටිති. 25 June 2018
පසුගිය රජය සමයේ වී අලෙවි මණ්ඩලයට මිලියන 7000ක පාඩුවක් වී අලෙවි මණ්ඩලයට 2009 සිට 2014 දක්වා වසර 05ක කාලයේ දී රුපියල් මිලියන 7,152.95 ක අලාභයක් සිදු වී ඇතැයි එහි සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය. 25 June 2018
මට්ටම් ලීය අධි බලැති විදුලි රැහැනේ වැදී පෙදරේරුවා මරුට රත්ගම පොලිසිය ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයකු අත තිබු ඇලුමිනියම් මට්ටම් ලීයක් අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් මරුමුවට පත්වී ඇතැයි පොලිසිය පවසයි. 25 June 2018
තැපැල් වර්ජනයෙන් ඩී ආර් විජයවර්ධන මාවත අවහිර වෙයි වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවත තැපැල් අමාත්‍යංශය අසළින් අවහිර වී තිබේ. 25 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026