(ප්‍රසාද් මුතුකුඩ)
කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.
පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 89 දෙනෙකු සඳහා මිලියන122 ක් සහ තුවාල ලැබූ පුද්ගලයන් 130 දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ අවසන් වාරිකය ගෙවීම සඳහා හානිපූර්ණ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. උත්සවයට පැමිණි සිටි වන්දිලාභීහු කටාන ආසනයේ පදිංචිකරුවෝ වෙති.
සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව කටයුතු පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද මීට එක්ව සිටියේය.
තම දෙමවුපියන් සහ දරුවා අහිමිවූ, කටුවපිටිය පදිංචි යුවළක් වාසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දි මුදල් ලබානොගන්නා බව පවසමින් උත්සවය වර්ජනය කළහ.
පුර්ණ සුවය නොලැබූ තුවාලකරුවෝ ද වන්දි ලබාගැනීමට පැමිණ සිටි පිරිස අතර වූහ. වන්දිලබාගැනීම සඳහා තවමත් සුවනොවූ රෝගීහු කුලී වාහනවලින් පැමිණ සිටියහ. හානිපුර්ණ කාර්යාලය විසින් වන්දිලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දන්වා යවා නොතිබුණු අතර මේ හේතුවෙන් ඔවුන්ව නියමිත ආසනවල අසුන්ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සංවිධායකයන්ට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පන තියෙන මිනිස්සු. දේශ පාලකයෝ මොන මගුලටද වන්දි බෙදාදෙන්න එන්නේ. මේවා දිසාපති කාර්යාල මගින් බෙදා දිය යුතුයි. ප්‍රචාරයන් අවශ්‍ය නැත. හු හු හු
රටේ බඳු සල්ලි විපතට පත්වූ පුරවැසියන්ට දෙන්න මේ යන්නේ මොකටද ? ඒක මිනිස්සුන්ගේ අයිතිය .
උත්සවය වර්ජනය නොවේ.. ඔය රිලව් හැත්තට ගහලා එලවන්න තිබුනේ. කිඹුල් කදුළු හලන නිවටයින්. මේ වෙලාවෙත් එ්කෙනුත් තමන්ගේ මූසල ඡන්දගොඩ වැඩි කරගන්න ලෑස්තිවෙන පාහරයන්. මුන්ට විතරක් නොව රිලව් 225ටම එලෙස සැලකිය යුතුයි.
නියමයි. ඕවට උත්සව ඕන නැහැ. රාජ්‍ය ආයතන හරහා නිලධාරීන් මගින් ලබාදෙන්න පුළුවන්. වගකීම් රහිතව වේද කරලා තුප්පහි දේශපාලනය කරන හිඟන්නෝ. හරියට තමන්ගේ පෞද්ගලික මුදලින් දෙනවා වගේ. නියමයි. ඉවසුව ඇති. දෙනාට ඉන්න 225 එලවල උපාධියක් තියෙන ඉගනගත්තු මිනිස්සු පාර්ලිමෙන්ත්වට යවන්න ඕන.
විපතට පත් අසරණ ජනතාව ඉන්නා ස්ථානයකට ගොස් වන්දි මුදල් ප්‍රධානය කරනවා මිස හොර දේශපාලඥයන්ගේ දෙපතුල ගාවට ගෙන්නා ගෙන ඒවා ප්‍රධානය කිරීමෙන් ඒ ජනතාව තව තවත් මානසිකවද දුර්වල වෙනවා.
ජනතාව දැන් බුද්ධිමත්.
හරි නම් මේ වන්දි ගෙදරට හරි ඉස්ප්රිතලේට හරි ගිහින් දෙන්න ඕනේ , තවත් ලජ්ජා නැතුව මේ වගේ දේවල් කරනවා
කවද්ද? මේ දේශපාලකයෝ හැදෙන්නේ. වන්දි මුදල් දෙනවනම් ඒවා ගෙදරට යවන්න පුළුවන්නේ. ඇයි මේ බොරු සෝබන. එකෙනුත් වාසියක් ගන්න තමා හදන්නේ. රටේ ජනතාව දැන්වත් මේවාට විරුද්දව නැගිටින්න ඕනේ. සිංහල දෙමල මුස්ලිම් එකවගේ.
කරපු දේ හරියට හරි. මේ මිනිස්සු මෙච්චර දුකෙන් ඉන්නවා. මේ දේශපාලකයෝ ඒකෙන් ලකුණු දාගන්න හදනවා.........
ඔබේ කශේරුකාවේ හයිය අප හට ඉමහත් සතූටකි
ruchi මයා වෙත, ඇත්තෙන්ම අපි අපගේ හිස නමා මෙම අහිංසක මිනිසුන්ට අපගේ ආචාර්ය පුද කරන්නෙමු. මේ අවාසනාවන්ත සිදුවීමෙනුත් මේ හිවලුන් බලන්නේ තම තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට නොවේද? පාහරයන්.. හරියට මුන්ගේ ගෙවල් වලින් තමන්ගේ පුද්ගලික මුදල් ගෙනත් බෙදනවා වගේ හැසිරෙන්නේ... මෙසේ බෙදන්නෙත් ඔබේ, අපේ බදුමුදල් බව වැඩිදෙනෙකුට අමතකවීමත් පුදුමයකි...
සිද්දිය දැනගෙනත් මේ ඇමතිවරු මහජනතාවට කිව්වේ නෑ.... දැන් මැරුණම එනවා වන්දි බෙදල දෙන්න තමන්ගේ බූදලෙන් දෙනවා වගේ
එලොවටත් මෙලොවටත් ප්‍රයෝජනයක් තැති, තුට්ටු දෙකේ දේශපාලුවෝ.
මීතොටමුල්ලෙ කුණු කන්දට යට වුණානම් ලක්ෂයයි. කටුවාපිටියේ නම් ලක්ෂ 10යි... මිනිසුනේ මේ ජරාපාලන ක්‍රමය අනුව 70 මේ රට විනාශ කලා. ඔබලා අවු 70 මේ ක්‍රමය පෝෂණය කළා. දැන් උඹලගේ මිනී විකිණෙන්නෙත් අඩුවැඩි ලංසුවටයි. උඹලාගේ දරුවන්ගේ නාමයෙන් මේ රට තවත් විනාශ කරන්න දෙන්න එපා.
වන්දි ගෙවීම් කළයුත්තේ රාජ්‍ය පරිපාලනයෙන් මිස දේශපාලකයින්ගේ (මහජන වියදමින් කරන) උත්සවවලින් නොවන බව මේ දේශපාලුවෝ කවද්ද තේරුම් ගන්නේ?
අසරණ මිනිසුන්ට වන්දි අවශ්‍යයි .ඔබලා වන්දි ලබාගන්න ,නමුත් දේසපාලුවන් අතින් එපා කියන්න .රජයේ නිලධාරියකුගෙන් ලබාගන්න .ඕකුන් පැත්ත පළාතේ ගෙන්නගන්න එපා .
මේ අසරණ අපගේ සහෝදරයින්ගේ ක්‍රියාව විශිෂ්ඨයි, අපත් ඔබ සමඟයි ..! තමන්ගේ අම්මා, තාත්තා, දුවා, දරුවා, සහෝදරය, සහෝදරිය මැරුණට පස්සේ කුමකටද මුදල්...?????මිනිසුන්ගේ හදවතේ වේදනාව තේරෙන දෙසපලක්යෝ ඉන්නවනන් ජිවිතයක වටිනාකම මුදලට තක්සේරු කරාවිද????. මේ දෙසපලකයෝ දන්නවා මැරුණට පස්සේ දාන දෙන්න සහ මුදල් බෙදන්න, හරි පවූ අප්පා ඔවූන්ට ගොඩක් වියදන් මේ දවස්වල.... අපගේ මේ අසරණ මිනිසුන්ගේ හදවතේ වේදනාව නිවන්න, අපගේ කාදිනල් තුමාට දෛර්‍ය, ශක්තිය නිරතුරුවම ලැබේවා..!
හොඳ වැඩේ..... ලැජ්ජාවක් තියෙනවානම් දැන්වත් ගෙදර යන්න.......
සිදුවිය යුත්තේ මෙයයි.
එලොවටත් මෙලොවටත් ප්‍රයෝජනයක් තැති, තුට්ටුදෙකේ දේශපාලකයෝ...
අහෝ හැඳිවත අස්වාමිකවැ ඉන්නා හැඩ...!
මේකෙනුත් වාසි ගන්න තමයි බලන්නේ. මේවට ප්‍රචාරයන් අවශ්‍ය නැත.
මලගමත් විකුණන් කන්න හදන ආණ්ඩුවක්...
රුචි, ඔබ හරියටම හරි... මේ යල් පැන ගිය, පෙරේතයෝ දැක්කහම මොන වන්දිද? සංවිධායකයින්ට ඕනේ නම් තිබුණා කාදිනල්තුමා දැනුවත් කර අවශ්‍ය කටයුතු කරන්න. නැතුව මේ මලමිනී උඩින් ඇවිදින හල්පාරුවෝ මොකටද?
බොර දියේ මාළු බෑම....
මිනිස්සුන්ට දැන්දැන් ඇස් ඇරීගෙන එනපාටයි...
වන්දි...දෙන්න ..ඔවුන්ගේ ලගට රජයේ නිලධාරීන්යවා..තුවාල ලබා අසරණ ව සිටින ඔවුන් තමන්ගේ ලගට ගෙන්වීම වැරැදි .....ලබාදෙන ලොකුම වන්දිය වන්නේ මෙවැනි විපත් යලි සිදුොවන්නට වගකීමක් ඇතිව රට මෙහෙයවීම .
මේ ප්‍රහාරය සම්බන්ධ සියල්ල දැන දැනත් තමන් විතරක් බේරී ඔබේ ආදරණීය දරුවන් හා ඥාතීන් වලපල්ලට යවන්නට කටයුකු කල මේ අය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මළගිය ඔබේ ආදරණීයයන්ට කල හැකි ලොකුම ගෞරවය ඔබ සිදුකර ඇත. ත්‍රස්තප්‍රහාරය සමඟ අනේක දුක් ගැහැට විදි ඔබට මෙවැනි ක්‍රියාවක් කිරීමට කොදුනාරටිය පණ තිබීම පිලිබඳව මේ රටේ සමස්ථ ජනතාවගේ ප්‍රණාමය හිමිවනු ඇත.
එලොවටත් මෙලොවටත් ප්‍රයෝජනයක් තැති, තුට්ටු දෙකේ දේශපාලුවෝ
අම්මගේ , අප්පාගේ බූදලේ බෙදන්න ආවද? මේවා බෙදන්න මේ අය ඕනේද? අහිංසක මිනිසුන්ව රස්තියාදු කරනවා ගහෙන් වැටුණු එකාට ගොනා ඇන්නා වගේ....
ජෝන මොනවද මෙච්චර කල් ඔය පැත්තට කරලා තියෙන්නේ? මළගිය පරාණ ගෝත්‍රයක්. අපිට වින කරන්න ආපු එකෙක්. විනාශයකදී උත්සව.. ඔය ගෙදරින් ගෙනත් දීලා වගේ?
බුද්ධි අංශ දුර්වල කිරීම නිසා මෙම විනාශය සිදුවූ බව ඉතා පැහැදිලිය. මෙම සියල්ල සැලසුම් සහගතව කර ඇති බව පෙනේ. රට අවුල්කොට දිගටම බලයේ සිටීම එජාපයේ පරමාර්ථය වෙයි .රිෂාඩ් සමග එක්වී කල දෙයකි මෙය. ඔවුන්ම අහිංසක මිනිසුන් මරා දැන් වන්දි ගෙවීම මහා විහිළුවකි.