ලක්ෂ හතරක හොරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට වැලිමඩ පොලිසියේ නිළධාරින් විසින් සිදුකළ හදිසි වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනිමට අද ( 25) උදැසන සමත්ව තිබේ. 25 June 2018
දිවියා ඝාතනය සම්බන්ධයෙන් තව සිව් දෙනෙක් අත්අඩංගුවට කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු ඊයේ (24) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 25 June 2018
පොලිස් පරීක්ෂකයකුට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියෙක් මුදාහරින්නැයි ඉල්ලා පොලිස් පරීක්ෂකවරයකුට රුපියල් ලකෂයක අල්ලස් දීමට තැත්කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව මෝදර පොලීසිය කියයි. 25 June 2018
යාපන සරසවි සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ යාපනය විශ්ව විද්‍යලයේ සිව් වැනි වසර කළමනාකරණ පීඨයේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව කෝපායි පොලීසිය කියයි. 25 June 2018
රත්මලානේ දී හමුදා කොප්රල්වරයකුට වෙඩි රත්මලාන චකින්දාරාරාම පාරේ කර්නල්වරියකගේ නිවස ඉදිරිපිට දී ඇයගේ රියදුරු වන හමුදා කොප්රල්වරයකුට ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි. 25 June 2018
ගාලු- කොළඹ දුර ගමන් බස් සේවා වර්ජනයක් ගාල්ල, කොළඹ, මාතර, කොළඹ සාමාන්‍ය සේවා බස් රථ වර්ජනයක් මේවනවිට ආරම්භ කර තිබේ. සති අන්තයේ නිවාඩු ලබමින් ගම්බිම් කරා ගොස් සිටි විශාල පිරිසක් මෙම තත්වය නිසා අපහසුවට පත්වී ඇතැයි මගීහු චෝදනා කරති. 25 June 2018
ගෝඨා එෆ්සීඅයිඩියට ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. 25 June 2018
අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න අගමැතිගෙන් නියෝගයක් ගාලු උරුමයට හානිකර සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කඩිමින් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය. 24 June 2018
මහඔය පොලිස් නිලධාරියාගේ මරණයට අත්අඩංගුවට ගත් කොස්තාපල් ඇතුළු තිදෙනා රිමාන්ඩ් මහඔය පොලිස් ස්ථානයට අනුයුක්තව පේරවැල්තලාව පොලිස් මුරපොලෙහි රාජකාරි කරමින් සිට අතුරුදහන් වූ ජයසිංහ නමැති පොලිස් නිලධාරියාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනා 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දෙහිඅත්තකන්ඩිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. 24 June 2018
බිරිඳ සමඟ අමනාප වී තුන්හැවිරිදි දරුවා මුහුදට විසි කරලා මත්පැන් පානයට සිය බිරිද මුදල් නොදුන් කෝපයට පත්ව සිය තුන් හැවිරිදි එකම පුතුව ඔසවා මහ මුහුදට විසි කළ තරුණ පියෙකු අද ( 24 )දහවල් අත් අඩංගුවට ගත් බව මාරාවිල පොලිසිය කියයි. 24 June 2018
‘අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි‘ ‘තමන්ව බේරගත්ත හාමුරුවන්ගේ අත හපාකාන ගොනුස්සෙක් ගැන තරහින් කතා කළ හිමිනමක් අමතා සෙන් හාමුදුරු නමක් කියනවා මම මගේ වැඬේ කරනවා ගෝනුස්සා උගේ වැඬේ කරනවා. 24 June 2018
‘ඉක්ටා‘ පරිගණක අපරාධකරුවන්ට පාර වහයි හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත. 24 June 2018
මලගනේ වැවේ ඔරුපැදීමට ගිය දෙන්නෙක් අතුරුදන් වාරියපොළ මලගනේ වැවේ ඔරු පැදීමට ගිය මිතුරන් පස්දෙනකු ගමන් කළ ඔරුවක් පෙරැළිමෙන් තිදෙනකුගේ දිවි බේරාගෙන ඇති අතර ඉන් දෙදෙනකු අතුරුදන් වී ඇතැයි වාරියපොල පොලීසිය පවසයි. 24 June 2018
දකුණේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට මාතර මන්තීන්ද විද්‍යාලයේ මාධ්‍ය ඒකකය මගින් පවත්වනු ලැබු මාධ්‍ය සමීක්ෂණයකදී දකුණූ පළාතේ ජනප්‍රියතම මුද්‍රිත මාධ්‍ය ලෙස ලංකාදීප පුවත්පත තෝරා ගෙන ඇත. 24 June 2018
වන්දි ඉල්ලා උපවාස කළ අයෙක් අසාධ්‍යව රෝහලේ සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය දෙපස පදිංචි කරුවන් තමන්ට හිමි වන්දි ඉල්ලා සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයේ නිරත එක් පුද්ගලයෙකු අද (24) පස්වරුවේ හදිසියේ අසාධ්‍ය තත්වයට පත්ව සුරියවැව රෝහලට ඇතුළත් කර තිබේ. 24 June 2018
හබරාදුවේ තරුණයෙක් කපා කොටා ඝාතනය කරලා හබරාදුව පොලිස් වසමේ ගිනිගල ප්‍රදේශයේ දී අද (24) දහවල් යතුරුපැදියකින් ගමන්ගත් තරුණයකු තවත් යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු 24 June 2018
කප්පම් ගන්න ආ අයෙක් පොලිසියට අත්බෝම්බයකින් දමා ගසයි මතුගම නවුත්තුඩුව ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ලබාගැනීමට මතුගම දොඩංගොඩ අධිවේගී පිවිසුම අසලට පැමිණි පොලිස් නිලධාරින්ට අත්බෝම්බයක් දමා ගැසීමට උත්සහ කළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු අද (24) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය පවසයි. 24 June 2018
දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ් කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරු වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කිලිනොච්චිය වැඩබලන මහෙස්ත්‍රාත් එස්.ගේ්රෂියන් මහතා අද (24) නියෝග කළේය. 24 June 2018
අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයක් නෑ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවති දානමය පිංකමේදී වේඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියෝ කළ සම්පූර්ණ අනුශාසනාව නොඇසූ පිරිස් රාජපක්ෂවරුන්ට හා මහා සංඝරත්නයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආණ්ඩුව විසින් අරඹා තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (24) පැවසීය. 24 June 2018
‘සන්ධ්‍යා එක්නැලිගොඩට ඇති තර්ජන හෙළා දකිනවා‘-නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඥානසාර හිමියන් සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුවෙන් පසුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගෙන ද්වේශසහගත ප්‍රකාශ සිදුකිරීම හා තර්ජන එල්ල වීම දැඩි සේ හෙලාදකින්නේ යැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. 24 June 2018
ගුවන්තොටුපොළ පිරික්සුම් පද්ධතිය සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මකයි ක්‍රමයක් ඇතැයි යන මතය සාවද්‍ය බවත් ගුවන්තොටුපොළ ආවේක්ෂණ පද්ධති සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක වන බවත් ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. ආගමන විගමන පාලකවරයා මෙම අදහස් පළ කළේ ගුවන් තොටුපළ හරහාම අපරාධකරුවන් පැන යන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කරන ලද චෝදනාව ගැන කළ විමසීමේදීය. 24 June 2018
හංවැල්ල ද්විත්ව ඝාතනයේ සැකකරු වැලිකන්දෙන් අල්ලයි හංවැල්ල වග වැළිකන්න ඉහල මාඹුල ප්‍රදේශයේ පසුගිය 16 වැනිදා සිදු වූ ද්විත්ව ඝාතනය සිදු කළ බවට සැකපිට එම ඝාතනයෙන් මිය ගිය කාන්තාවගේ සැමියා පොලොන්නරුව වැළිකන්ද ප්‍රදේශයේදී අද (24) දින සැකපිට අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 24 June 2018
රැකියාව අහිමිවී එන ශ්‍රී ලාංකිකයින්ගේ රක්ෂණයෙන් කෑල්ලක් හැළෙයි රෝග පීඩා හෝ වෙනයම් හදිසි කරුණු මත රැකියා අහිමි වී යළි මව් රටට එන, විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණ ආවරණයෙන් මෙතෙක් ගෙවූ ගුවන් ටිකට් පතේ මුදල ගෙවීම මේ වනවිට නතර වී ඇතැයි පැවැසේ. 24 June 2018
කොස්ගොඩ තාරකත් සඟයාත් රෝහලෙන් බන්ධනාගාරයට මාතර ස්වර්ණාභරණ වෙළඳසල කොල්ලයේ සහ පොලිස් නිලධාරියකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොස්ගොඩ තාරක නොහොත් ධර්මකීර්ති තාරක පෙරේරා හා අතුල කිත්සිරි 24 June 2018
තම ප්‍රකාශය අර්ථදැක්වීමෙි ආකාරය ගැන වෙඬරුවේ නාහිමියෝ කණගාටුව පළකරති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් උළෙලේදී සිදුකළ අනුශාසනාවේදී ‘මිල්ටරි, හිට්ලර්‘ යන වචන සඳහන් කරමින් තමන් වහන්සේ කළ ප්‍රකාශ පිළිබඳ මේ වන විට රට පුරා විවිධ පුද්ගලයින් විවිධ අයුරින් අර්ථ දැක්වීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි නා හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ. 24 June 2018
කුකුළු මස් කොත්තුවේ ගෙම්බෙක් අම්බලන්තොට මල්පෙත්තාව කෑම අලෙවි සැලකින් මිළදී ගත් කුකුළු මස් කොත්තුවක ගෙබ්බෙක් සිටින බව දැනගත් කොත්තුව මිළදී ගත් කාන්තාව ගෙම්බා සිටි කොත්තුව සමඟ අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය යූ.පී මාලක සිල්වා මහතාට පැමිණිලි කර ඇත. 24 June 2018
මාතර පොලිස් වීරයාගේ අවසන් කටයුතු අද මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙසැලක් මංකොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදු වු වෙඩි හුවමාරුවේදී දිවි පිදූ මාතර පොලීසියේ සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ අවසන් කටයුතු අද (24 ) මාතර පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 24 June 2018
කොටි කොඩි-ඇඳුම් රැගෙන පැනගිය හිටපු කොටියාත් අත්අඩංගුවට මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් හා කොඩි සමඟ බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් රැගෙන යමින් සිටියදී පලා ගිය හිටපු කොටි සාමාජිකයා අත්අඩංගුවට ගත් බවට මාන්කුලම් පොලීසිය පවසයි. 24 June 2018
‘අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි‘ අපරාධකරුවන් සම්බන්ධයෙන් වුව කටයුතු කළ යුත්තේ නීතියට අනුව යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි 24 June 2018
නවක වදය නිසා වව්නියා මණ්ඩපයේ විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමයි යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ දෙවන වසරේ ව්‍යවහාරික විද්‍යා අංශයේ සිසුන් විසින් නවක සිසුන්ට බරපතල අයුරින් නවක වදය ලබා දීම හේතුවෙන් දෙවැනි වසර විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දැමීමට වව්නියාව මණ්ඩපයේ පරිපාලනය විසින් පියවර ගෙන ඇත. 24 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026