දිවියා මැරූ අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි පරිසරවේදීහු ඉල්ලති කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියකු මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව උතුරේ පරිසරවේදීහු පවසති. 22 June 2018
ආනයනික කිරි දෙනුන්ට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සහතිකය කිරි දෙනුන් ආනයනය කිරීමේදී ආනයනික දෙනුන් සඳහා වන ඕස්ට්‍රේලියානු සත්ත්ව සෞඛ්‍ය සහතිකය මෙරට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය පවසයි. 22 June 2018
කොල්ලය වරදී-පොලිස් නිලධාරියෙක් මරුට:4ක් රෝහලේ මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. 22 June 2018
කොටි කොඩි-නිල ඇඳුම් රැගෙන යමින් සිටි පිරිසක් අත්අඩංගුවට මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි. 22 June 2018
හික්කඩුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට හික්කඩුව පොලිස් වසමේ නාරිගම හෝටලයක් අසලදී ඉනාසි චමින්ද කුමාර (31) නමැති පුද්ගලයකු අද (22) වෙඩි තබා ඝාතනය කර තිබෙන බව හික්කඩුව පොලිසිය පවසයි. 22 June 2018
අම්පාරේ ප්රශ්නය නොවිසඳුවහොත් මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත්වෙනවා අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න නොවිසඳුවහොත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් වන බව දිගාමඩුළු දිස්ත්‍රික් මන්ත්‍රී එච් .එච් එම් මන්සූර් මහතා පාර්ලිමේන්තුවේදි අද (21) පැවසීය. 21 June 2018
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන පාර්ශව දෙක මත 2ක් පළාත් පාලන මැතිවරණය පැවැත්වු කොට්ඨාස ක්‍රමයටම පාළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහස යැයි පළාත් සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද (21) පක්ෂ නායක රැස්විමේදී පවසා තිබේ. 21 June 2018
පාර්ලිමේන්තුව වැඩි කාලයක් ගන්නේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කතා කරන්න අද පාර්ලිමේන්තුව වැඩි කාලයක් වැය කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට නොව මන්ත්‍රීවරුන් 225 දෙදෙනාගේ ප්‍රශ්න ගැන කතා කිරීමට යැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදි අද (21) පැවසීය. 21 June 2018
හර්ෂ ද සිල්වාට මුදල් රාජ්‍ය ඇමතිගෙන් දොස් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සුව සැරියේ ගිලන් රථ සේවයට අදාළව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදි අද (21) හර්ෂ ද සිල්වා මහතාට දොස් පැවරුවේය. 21 June 2018
හිටපු පොලිස්පතිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගනී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි. 21 June 2018
ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි නොයවන්න - විශ්ව තැපැල් සංගමය ශ්‍රී ලංකාවට ලිපි හා පාර්සල් යැවීමේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා නොයවන්නැයි විශ්ව තැපැල් සංගමය එහි සාමාජික රටවල්වලට දන්වා යවා තිබේ. 21 June 2018
හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේ රට හදන වගකීම බාර ගන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසුහ. 21 June 2018
රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වහයි සිසුන් පිරිසක් විසින් රජරට විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට අද (21) බලහත් කාරයෙන් පිවිස ඒ තුල රැදි සිටීම නිසා හෙට (22) සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබේ. 21 June 2018
නිතී විරෝධිව චීනයට ගෙනියන්න හැදු ඩොලර් තොගයක් කටුනායකින් අලල්යි රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස චීනයට රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (21) දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 21 June 2018
ඒ එස් පී 37කට උසස්වීම් සහකාර පොලිස් අධිකාරීවරුන් 37 දෙනකු පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (21) තීරණය කළ බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 21 June 2018
‘ණය ප්රශ්නය නොවිසඳා රටට අනාගතයක් හදන්න බැහැ‘ ඩොලරය ඉහළ යාමත් සමඟ ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය වැඩි වී තිබෙන නමුත් ණය ප්රශ්නය විසඳන්නේ නැතිව රටට අනාගතයක් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොරලැස්ගමුවේදි අද (21) පැවසීය. 21 June 2018
උඩහමුල්ලට අලුත් කෙනෙක් මහරගම නගර සභාවේ උඩහමුල්ල කොට්ඨාසයට පාලක ස්වාධීන කණ්ඩායමට තේරීපත් වු ගල්කන්ද ආරච්චිගේ සිසිර මහතා වෙනුවට සරත් අබේගුණවර්ධන මහතා පත්වී තිබේ. 21 June 2018
ඇප දීමට මහෙස්ත්‍රාත් පෙළඹවීයැයි උසාවි මුරපොළේ ස්ථානාධිපති මාස 36ක් හිරේට විත්තිකරුවකුට ඇප ලබාදීම සඳහා මහෙස්ත්‍රාත්වරයා පෙළඹවීම සඳහා කූට ලෙස සකස් කළ ලේඛනයක් මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරදකරු වු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණ උසාවි මුරපොළේ හිටපු ස්ථානාධිපතිවරයා අධිකරණයේ විශ්වාසය බිඳ දමා ඇතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට මාස 36ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 21 June 2018
නවකවද සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 5 දෙනා දින 14 කට රිමාන්ඩ් නවක වදය ලබාදීමේ සිද්ධියක් මත අත්අඩංගුවටපත් ගාල්ල ලබුදුව කෘෂි තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් 5 දෙනා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට අද සවස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. 21 June 2018
‘ජාතිවාදය අවුස්සමින් දේශපාලන අරමුණු ඉටුකරගන්න හදනවා‘ උතුරේ සිට සිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් සිදු කරන දෙය දකුණේ සිට විමල් වීරවංශ සහ ගම්මන්පිල යන අය සිදුකරන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා පැවසීය. 21 June 2018
ඇමැති ස්වාමිනාදන් රජයට කරුණු දක්වයි යුද්ධයෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් කිසිදු කොටි නායකයකුට වන්දි නොලැබෙන බව පුනරුත්තාපන නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය රජයට කරුණූ වාර්තා කර තිබේ. 21 June 2018
‘පොලිස්පති භාවනා වැඩමුළු තියද්දී පතාලෙන් මනුෂ්‍ය ඝාතන කරනවා’ පොලිස්පතිවරයා පොලීසියට භාවනා වැඩමුළු පවත්වන විට විදෙස් ගත පාතාල නායකයන් මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, කප්පම් ගනිමින් දුරකථනය ඔස්සේ රට පාලනය කරන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා අද (21) පැවසීය. 21 June 2018
පිත්තෙන් පහර දී මිතුරා ආබාධිත කළැයි අත්හිටවු සිරදඬුවම් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී ඇති වු කතා බහක් හේතුවෙන් මිතුරු සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී සදාකාලිකව ආබාධිත කිරීමේ චෝදනාවට වරද පිළිගත් තරුණයකුට බරපතල වැඩ සහිත වසර 02ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා එම දඬුවම වසර 05ක කාලයකට අත්හිටුවීමට නියම කළේය. 21 June 2018
බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධ ස්තූපයේ කොත නිරාවරණය කෙරේ 2008 වර්ෂයේදී පිහිටවනු ලැබූ බහරේන් රාජ්‍යයේ ප්‍රථම බෞද්ධාගමික විහාරස්ථානය වන ’අපේ පන්සල රෆා’හි අභිනවයෙන් ඉදිකරන ලද රන් කොත් සෑ වෙහෙර කොත් වහන්සේ නිරාවරණය කිරීම පසුගිය දා සිදු කෙරිණි. එය බහරේන් රාජ්‍යයේ තානාපති ආචාර්ය ඒ. සජ්. යූ. මෙන්ඩිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 21 June 2018
මුදල් ගෙවීමේ වාර්තාවක් ඉල්ලා තවත් ඇලෝසියස් කෙනෙකුට අධිකරණයට එන්න කියයි පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් බාහිර තැනැත්තන් සහ සමාගම් වෙත ලබාදෙන ලද මුදල් සම්බන්ධයෙන් වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ලබා නොදීම සම්බන්ධයෙන් පී.ටී.එල් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ජුලි 5 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය. 21 June 2018
වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ සැකකාර කොස්තාපල්ට ඇප වැලිඔය පොලිස් අත් අඩංගුවේ සිටි 15 හැවිරිදි බාල වයස්කාර පිරිම් දරුවෙකු පොලිස් ස්ථානය තුළදීම බරපතල ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන මාස එකහාමාරකට ආසන්නකාලයක් රිමාන්ඞ් බාරයට පත් කර සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂ ද අල්විස් මහතා ඇපකරුවන් සැකකරුගේ ළගම ඥාතීන් විය යුතු බවටද නියෝග කළේය. 21 June 2018
ගැමියන් හපාකෑ දිවියා පොලු පහර කා මරුදකී කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප්‍රදේශවාසීහු කියති. 21 June 2018
ලෙබනනයට ගිය ගෘහසේවිකාව ගැන තොරතුරු සොයයි ලෙබනනයේ ගෘහසේවිකා රැකියාවක් සඳහා ගොස් සිටියදී කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වී ඇති කාන්තාවක් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට කාර්යංශය ජනතා සහය පතයි. 21 June 2018
‘හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසෙනවා’ යුද හමුදාවේ බලය සියයට 25කින් අඩුකර, දෙමළ ඩයස්පෝරාවට හා ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට රජය සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. 21 June 2018
චන්දිමාල්ගෙන් අභියාචනයක් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ට පනවා ඇති තරගයක තහනමට එරෙහිව දිනේෂ් චන්දිමාල් අභියාචනයක් ඉදිරිපත් කරඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. 21 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026