(ඉන්දික අරුණ කුමාර)
රට තුළ පැවති වාර්ෂික වර්ෂාපතනය වූ මිලිමීටර් 2005 මේ වන විට මිලිමීටර් 1061 කට අඩුවී ඇතැයි ග්රැෆික් ශ්රී ලංකා පදනම පවසයි.
වාර්ෂික වර්ෂාපතනය මිලිමිටර් 148 ට පහත වැටීම හා ලංකාවේ වියළි දින ගණන 115 න් 180 දක්වා ඉහළ යෑම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය යුතු බව ග්රැෆික් ශ්රී ලංකා පදනමේ ක්රියාකාරි අධ්යක්ෂ ගාමිණි ජයතිස්ස මහතා කීය.
හෙතෙම මෙම අදහස් පළ කළේ ඉකුත් (9) වැනි දා මාතලේ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැති මාතලේ දිස්ත්රික් සිවිල් සංවිධාන එකමුතුවේ වාර්ෂික රැස්වීමට එක් වෙමිනි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් සිවිල් හා රාජ්ය ආයතන නිරන්තර අවධානයෙන් පසුවීමත් ප්රජාව දැනුවත් කිරිම් සිදුකිරිමත් සිදුවිය යුතු බව සඳහන් කළ ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික හා කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් ප්රජා පාදක වැඩසටහන් ක්රියාත්මක විය යුතු බවයි.
මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්රික්කයේ සිවිල් සංවිධාන රැසක සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජා භවතු ධම්මිකෝ .......
උමා ඔය පිළිකාවේ සහ විල්පත්තු විනාශයේ ප්රතිඵල.
ඉතිරි වෙලා තියෙන කැලේ ටිකත් කපල කොලනි ටිකක් හදමු. ගස් මොකටද.. ඕනෑමනම් රට ඉදි ගස් ටිකක් හිටවන්න පුළුවන්නේ
තව ගස් ටිකා......ක් කපපන් යකෝ.........................! මගෙ දෙයියා.............!
සියලුම ජලමුලාශ්ර පරිස්සම් කරගැනීමට නීති සැකසිය යුතුයි. දැනට ජලප්රවාහන මණ්ඩලයෙන් දෙන වතුර ටිකත් අපි මොන තරම් විදියට අපතේ යවනවද
තව තව ගස් කපමු. පොරෝ,කඩු එහෙම ඕන නම් ඉල්ලන්න
1970 දශකයේ මුල්කාලයේ සිට පයිනස් ගස් වගා කරන්න පටන්ගත්තා කඳු මුදුන්වල. ඒවා මහා රූස්සගස් දැන්. ඒ ගස් යට තණකොල ගහක්වත් වැවෙන්න දෙන්නේ නෑ. වැසි වතුර වැඩි කොටසක් පොළවට උරා නොගෙන ඉවතට ගලායනවා. පුදුම පරිසර හානියක් කරන ගහක්... දැන්වත් මේ ගස් ඉවත්කර ස්වභාවික වන වගා නොකළොත් මුලු වසරම වියළි දිනවීම වළක් වන්න බෑ. මෙයට සම්පූර්ණ වගකීම දේශපාලකයින් ගතයුතුයි. මේ එක් කරුණක් පමණි.
ලයිටුත් කපයි එහෙනම් හිටු කියලා...
රටේ නායකයෝ ධාර්මික නම් නිසි වෙලාවට වර්ෂාව ලැබෙයි සෘතු විපර්යාස කෙරේවි.