(ඔගස්ටින් ප්‍රනාන්දු)
ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණු පොතෙහි පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ව්‍යාපාරිකයා මේ මස 24 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (13) නියම කළේය.
සැකකරු වුයේ හලාවත තේක්ක වත්ත ප්‍රදේශයේ පදිංචි හලාවත කඩ වීදියේ රෙදිපිලි වෙළද ආයතනයක් පවත්වා ගෙන යන අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් (35) නමැති අයයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබුණි.
හලාවත නගරයේ ඊයේ ( 12 ) දහවල් ඇතිවු කලබලකාරි වතාවරණය නිර්මාණය වුයේ සැකකරු විසින් මුහුණ පොතකට එක් කර තිබූ සටහනක් පදනම් කර ගෙන බවත් ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
සැකකරුට එරෙහිව හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් මහතා අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබූ අතර සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටිම ද කැපී පෙනෙන විශේෂ සිද්ධියක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පෙරටුගාමී නීතිඥයන්ට මෙයාව බේරගන්න හිතුනේ නැද්ද දන්නේ නැහැ. කුඩු මුදලාලිලා ගැන විතරද දන්නේ නැහැ කරුණාව පහල වෙන්නේ පෙරටුගාමී න්‍යායට අනුව
නීතිඥවරුන්ට මගේ ප්‍රණාමය... මෙයයි හැමතැනකම සිදුවිය යුත්තේ. අපරාධකරුවන් මිනීමරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්න. මුදලට තම හෘද සාක්ෂිය පාවා නොදෙන්න..
ප්‍රදීප් ඔබ නිවැරදියි. සත්‍යවාදී වීම රට උඩුගම්බලා යාමට හේතුවකි. සියලු දෙනාම ධර්මනුකූල ජීවිතයකට යොමුවෙන්න. හරි දෙය පමණක් කරන්න උත්සාහ කරන්න.