ඔගස්ටින් ප්‍රනාන්දු
ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද අවමංගල්‍ය උත්සවයකට මුහුණ වැසෙන ලෙසින් සකස් කළ ඇඳුමකින් සැරසී පැමිණ සිටි කාන්තාවක, ඇගේ ස්වාමි පුරුෂයා සමඟ හලාවත ජයබිම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
මෙම දෙදෙනා කලක් ජයබිම ප්‍රදේශයේම වාසය කළ අතර පසුගිය දිනවල ඔවුන් ප්‍රදේශයෙන් පිටතට ගොස් පසුව ඥාතීයකුගේ අවමඟුල් උත්සවයකට පැමිණ තිබේ.
සැකකාරිය මුළුමණින්ම මුහුණ වැසෙන ලෙසින් සකස් කළ ඇඳුමකින් සැරසී සිටි අතර අවමංගුලට එක්ව සිටි පිරිස් ඇයට වෙනත් ඇඳුමකින් සැරසෙන ලෙස දැන් වූ නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළ හෙයින් මේ බව පොලිසියට දැන්වූ පසු පොලිසිය අඹුසැමි යුවල අත්අඩංගුවට ගැණිනි.
පසුව ඔවුන් විසු ජයබිම නිවස පරික්ෂා කළ විට නිවසේ වහලේ සඟවා තිබු පරණ කඩුවක් ද සොයා ගනු ලැබ ඇත.
සැකකාරිය 36 වන වියේ පසුවන අතර සැමියා 33 වන වියේ පසුවන බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න ගෙදර පරීක්ෂා කරන්න
රටේ නීතියට පටහැනි වන්නේ ත්රස්තවාදීන්ය.
අන්න එහෙම වෙන්න ඕනේ. මේක මුස්ලිම් ප්‍රජාව අතරින්ම ප්‍රතික්ෂේප නොවෙන තාක්කල් විනාශ කරන්න අපහසු වේ.
නිතිය කාටත් සාධාරණ සේම කිසිවෙකුටත් විශේෂත්වයක් නොදැක්විය යුතුයි. මේ අයට අනිත් අයට නැති තරම් දේවල් සැඟවීමට තියනවද කියලා මට නම් සැකයි. කවුරුත් මනුෂ්‍යත්වයට ගරු කළයුතුයි.
නීතියට පිටුපාන හා නීතියේ හිඩැස් නිසයි සාමාන්‍ය මිනිහා නිතිය අතට ගන්නේ
මේකේ දෙපෙත්තක් තියෙනවා කාලාන්තරයක් හුරු වෙච්ච දේ එකවර වෙනස් කරගන්න අමාරුයි.....