(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රටෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාකඳුරේ මධූෂ් නමැත්තාගේ ගෝලයකු වන ඇල්පිටියේ ජොසා නැමැත්තා රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සමඟ බේරුවල මරදාන ලැගුම්හලක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම පුද්ගලයා පැමිණි මෝටර් රථයද පොලිසිය බාරයට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුට එරෙහිව කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ චෝදනා ඇති බවත්, වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී කාන්තාවකට වෙඩිතබා තුවාල සිදුකිරීමේ චෝදනාව ලැබූවෙකු බවත් පොලිසිය කියයි.
සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අහිතකර මෙවුන් එකෙක් දෙන්නෙක් චුත කරලා දැම්මා නම් ගොඩක් දුරට ප්‍රශ්න විසඳේවි...