(චන්ද්‍රසිරි ගුණසේකර)
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුත් ආරක්ෂා නොකරන බව ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා ඇල්පිටියෙදි පැවසිය.
ඇල්පිටිය, කරන්දෙනිය, බෙන්තර, නියාගම, වැලිවිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 5 ක ඉඩම් ඔප්පු 920 ලාබාදිමේ අවස්ථාවට අද පැමිණි අගමැතිවරයා මේ බව පැවසිය.
වැඩි දුරටත් අදහස් දැක්වු අගමැතිවරයා මෙසේද පැවසීය.
“බෝම්බ පිපිරිම නිසා මෙරට දේශපාලන තත්වයත් කැලඹීමට පත්වුණා. ආණ්ඩුව කෙරෙහි තිබු විශ්වාසය නැති වුණා. දේශපාලනඥයින් ගැනත් විශ්වාසය නැති වුණා .පැය 9 ක් යන්න කළින් අයි එස් ත්‍රස්තවාදින් අල්ලන්න හැකිවුණා.
එදා ගත්ත පියවර නිසා දැන් වන විට ප්‍රධාන අය සියලු දෙනා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අපි නම් කවුරුවත් ආරක්ෂා කරන්න යන්නෙ නැ ඇමතිවරුවත් මන්ත්‍රිවරුවත් කවුරුවත් ඒම කරුණු තියෙනවනම් මෙන්න හොදයි පාර්ලිමේන්තුවෙ විවාද කරනකොට මොකක්හරි චොදනාවක් තියෙනවනම් එතනට ගිහින්දෙන්න ආරක්ෂා කරන්න කවුරුවත් නැ හංගන්න කවුරුවත් නෑ. අපි කැමති එ අනුව ක්‍රියා කරන්න. ‘
මේ අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන ඇමතිවරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අත්අඩංගුවට අරන් පෙන්නන්න
නැහැ. නැහැ. ප්‍රහාරයේ ඔලුවට නිදහසේ ඉන්න දීලා වලිගය පමණක් අත්අඩංගුවට ගන්න. අර සරත් ෆොන්සේකා මහත්තයා කියන ආකාරය අනුවමේක ක්‍රමානුකූලව ජාතික කළ යුතුයි. නමුත් මහජන අපට නම් එහෙම ගතියක් දැනෙන්නේ නැහැ. හලාවතදී වෙන වැඩේ නරක වුවත් ජනතාව නීතිය අතට ගන්නේ ආණ්ඩුව ගැන සහ පොලීසිය ගැන විශ්වාසයක් නැති නිසා..
බොරුවම, කපටිකමම ජීවිතය වූ කලි, ප්‍රකාශ කරන කිසිවක් කවුරුන් විසින් පිළිගනිත්ද?
කියන්නා කොහොම කිවත් අහන්නෝ දැන් දැන් සිහිබුද්ධියෙන් අහන්න පටන්ගෙන ඉවරයි.
කියන විදිහට මොනා හරි තියෙන බව පේනවා
පුදුම වියදමක්නේ, මේ අපේ සූත්තර පුංචා දරන්නේ මිනිසුන්ට උදව් කරන්න අම්මපා... හොඳ වෙලාවට මිනිහ උපන් ගෙයි සල්ලිකාරයනේ. නැත්නම් මෙහෙම ලෝස් නැතිව අත දිග ඇරලා කව්ද අප්පා මෙහෙම මහජන සේවය කරන්නේ.. සූත්තරයට වැඩි වැඩියෙන් ලැබේවා ...!!! අපේ අම්ම මුත්තා කාලේදීවත් දැකලා නැහැ.. මෙහෙම මහජන සේවය වෙනුවෙන් තමන්ගේ පුද්ගලික මුදල් වියදම් කරන ඇම්ඩන් කෙනෙක්...
මහබැංකුව කඩපු මගේ යාළුවා අර්ජුන් මහේන්ද්‍රන්වත් ආරක්ෂා නොකරපු එකේ අයිසිස්ලාව බේරගනියිද? බදුර්දීන්, සාලි, මුජිබර්, හකීම්, හිස්බුල්ලා හැර වෙන කිසිම කෙනෙකුට මගෙන් සමාවක් නැහැ.
අම්මෝ ඔව්...
මෙතරම් බොරුකියූ අයෙක් තවත් නොමැත ලංකාවේ...
මේ දේශනාව අර ගොබ්බයෝ 62 ට නේද? ඒ නිසා කමක් නැහැ.
ස්ථිරවමද කියන්නේ? ජනතාවට බොරු අහලා ඇතිවෙලා
සිද්ධිය දැනදැනත් ඒ ගැන උනන්දුවක් නොදැක්වූ අයත් ආරක්ෂා නොකළ යුතුයි.
අනේ... ටී. ආර්. පියසේනටත් කලුවරේ අත පත ගාන්නට වුණු හැටි...
ඔයා ගිය ආණ්ඩුවේ හොරු ගැනත් ඕකමනේ කිව්වේ, ඔය ඉන්නේ කිසි කරදරයක් නැතුව... නිකම් කයිවාරු ගහන්නේ නැතුව ඉන්න.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කතා කරන්න ප්‍රහාරකයන්ට අයිතියක් නැහැ. නියම ත්රස්තවාදීන් තමයි.
වගකීම බාරගෙන අගමැති දැන්වත් ඉල්ලා අස්විය යුතුවේ.