හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරීවල නිරතවන නිලධාරින් පිරිසක් අද (13) සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමීමෙන් කාර්යාල කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.
මුස්ලිම් ජාතික කාන්තාවන් විසින් පළදින පර්දාව සහ අබාය ඇදිම තුළින් ආයතනය තුළ යම් ගැටළු මතුව ඇති බව පවසමින් එය ඉවත්කර සේවයට පැමිණෙන ලෙසට ඉල්ලීම් කරමින් අන් නිලධාරීන් පිරිසක් සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කර තිබිණි.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන මුස්ලිම් නිලධාරිනියන්ට කාර්යාලය තුළදී පර්දාව සහ අබාය හැද රාජකාරිවල නිරත නොවන ලෙසට කල් තියා දැනුම් දී තිබිණි.
නමුත් ඔවුන් දිගින් දිගටම එම ඇඳුම එලෙසම භාවිතා කිරීමට විරෝධය දක්වමින් මෙසේ ලෙඩ නිවාඩු දැමිමට කටයුතු කළ බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වී තිබු අතර මුස්ලිම් නිලධාරින් හා නිලධාරිනියන් පිරිස පමණක් සේවයට පැමිණ සිටි ආකාරය දැක ගත හැකි විය.
මේ පිළිබඳව පුත්තලම ප්‍රාදේශීය ලේකම් සංජීවනී හේරත් මහත්මියගෙන් කළ විමසිමේදී මෙසේ කීවාය.
‘පර්දාව සහ අබාය රාජකාරි වේලාවේදී පළදින්න එපා කියලා අනෙක් නිලධාරීන් දන්වා තිබෙනවා. මම මේ පාර්ශව දෙකම සමඟ කථා කළා. නමුත් දෙපිරිසම එකඟතාවයකට එන්න සුදානම් නැහැ. නිලධාරීන් ලෙස අපි තමා මේ නිසා ගැටළුවකට ලක්වෙන්නේ.’




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තහනම් කලෙත් කටින් බතල විතරද. අනිවාර්යයෙන් ඉවත් කල යුතුයි. එය නැවත රට තුල භාවිතා නොකල යුතුයි. අපිට රට වටිනවා. පෙරට එන්න එය වලක්වන්න කිසිම තැනක භාවිතා නොකල යුතුයි එය. අරාබි රටවල වත් නැති නීති අපට මොකටද..?
ඕක දාපුදෙන් මොකද ප්‍රශ්නේ, බුර්කාව, නිකාබ් නැතිනම් ප්‍රශ්නයක් මොකද .
බෝම්බ පිපිරීම දඩමීමා කරගෙන තමන්ගේ වෙනත් අරමුණක් කරගෙන යන පිරිසක්...
මුස්ලිම්වරු ජාතිවාදය අවුස්සන්න හදන්නේ, ඒකයි මෙහෙම කරන්නේ...
පේනවා නේ රටේ නීතියක් නැති බව. ඔක්කොම නීති අපට තමයි.
හරියට හරි සිංහල නිලධාරී මහත්වරුනී මහත්මියනී මොවුන්ව ප්‍රතික්ෂේප කරන්න. මොවුන්ගේ මේ ක්‍රියාවලියට ඉඩ දුන්නොත් අපේ මහජාතිය කියා කීමේ පලක් නොමැත.
සාමයට කැමති නම් නීතියට එකඟවන්න.
ඔය කුණු කයේ අමුතු දෙයක් නෑ. මැරුණම පොළොවට පස් වෙනවා.
ශ්‍රී ලංකාව කාන්තාරයක් වෙන්නයි යන්නේ... මේ විදියට කරගෙන හිටියොත්..
සිංහල මිනිස්සුත් එක්ක තිබුණු විශ්වාස තම්බියන් නැති කරගත්තොත් නම් මොවුන්ට නියම පරිප්පුවක් කන්න වෙනවා...
තහනම් කර ඇත්තේ මූණ සම්පූර්ණයෙන්ම වහන නිකාබය මිස පර්දාව-අබාය නොවේ නම්.. තමන්ගේ අනන්‍යතාව අනුව කාර්යාලවල සේවය නිරතවන එක වරදක්ද?
පර්දාව සහ ඉජාබය අද ඊයේ ආපු දෙයක් නෙවෙයි. ඇයි බොරු කලබල? මුස්ලිම් අපි පාඩුවේනේ ඉන්නෙත්...
මේ මොහොතේ මුස්ලිම් ගැහැණු උදවිය රටේ වාතාවරණය තේරුම් ගතයුතුයි. මේ අය සමගියට එකඟ නොවන බවක් පෙනෙනවා. මේ මන්දබුද්ධික ගැහැණුන්ගේ බුද්ධිය වර්ධනය කරන්න බෙහෙතක් සොයාගත යුතුයි.
ඔහොම කියපු කතාවලට තමයි මෙතුවක් කල් සමාව දුන්නේ...
ඇයි මේකට රජයෙන් නීතියක් සම්මත කරගන්න බැරිද?
ෆර්දාව සහ අබයා නීතියෙන් තහනම් කරලා නැහැ . ඉතින් මෙතැන සමහරු රටේ ප්‍රශ්න ඇති කරන්න හදනවා .. බුර්කාව තමයි අදින්න තහනම් කරලා තියෙන්නේ
කවුරු කවුරුත් තේරුම් ගන්න ඕන දෙයක තමයී, තහනම් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන් මුණ අවරණය කරන එක , නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා.
පර්රදව හින්දි භාෂාවේ වචනයකි. අබ්බයා අරාබි භාෂාවේ වචනයකි. බුර්කාව අරාබි භාෂාවේ වචනයකි.
මෙතැන නිලධාරීන් තමයි ජාතිවාදී විදිහට හැසිරිලා තියෙන්නේ. බුර්කාව තමයි තහනම් කරලා තියෙන්නේ. ෆර්දාව තහනම් කරලා නැහැ