‘කොටි සාමාජිකයන්ට වන්දි ගෙවනවා නම් ආණ්ඩුවට බදු නොගෙවිය යුතුයි’ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ පවුල්වලට වන්දි ගෙවන්නේ නම් ආණ්ඩුවට බදු නොගෙවා සීටීමට ජනතාව සාමූහිකව තීරණය කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (20) පැවසීය. 20 June 2018
‘තැපැල් වර්ජනය දිගටම කිරිම දේශපාලන අරමුණු ඉටුකරගැනීමක්’ තැපැල් සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබියදිත් වර්ජනය පවත්වාගෙන යාම දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමක් බව පෙනෙන්නේ යැයි මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසීය. 20 June 2018
මහින්දානන්දගේ පෙත්සම කඩිනමින් විභාග කරන්නැයි නියෝග ඇමැතිවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී උපයාගත නොහැකි රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා නිවසක් බොරැල්ල කිංසි පාරෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපති ගොනු කළ අධි චෝදනා නඩුව වෙනත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නොමැති මහාධිකරණයක් හමුවේ කඩිනමින් විභාගයට ගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (20) නියෝග කළේය. 20 June 2018
ගාලු මහජන වෙළඳපොළේ වෙළඳසැල් ඉවත්කිරිමට විරෝධය ගාල්ල මහජන පොළෙහි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පැමිණි ගාල්ල මහනගර සභා සේවකයන්ට අනවසර කඩ හිමියන් විරෝධය පල කිරීම නිසා අනවසර කඩ ඉවත් කිරීම නතර විය. 20 June 2018
මුන්දලමේ ගම්වැසියෝ පාරට බසිති නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් ඉවත දමන ගල් අගුරු අළු භාවිතා කරමින් මුන්දලම නගරයට ආසන්නයෙන් ඉදිකිරීමට යෝජිත ටයිල් නිෂ්පාදන ආයතනයකට එරෙහිව අද (20) ප්‍රදේශවාසීහු පවසති. 20 June 2018
පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේ එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 20 June 2018
අල්ලස් ගත් ජනපද නිලධරයා රිමාන්ඩ් කුඹුරු අක්කර තුනක් සඳහා බලපත්‍රයක් සකස් කර දීමට රුපියල් 30,000/-ක අල්ලසක් ගත් අග්බෝපුර ජනපද නිලධාරියා ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත ධම්මික උඩුව විධාන මහතා නියම කළේය. 20 June 2018
තලේබාන් සංවිධානයෙන් ප්‍රහාරයක් : 30ක් මරුට තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 20 June 2018
‘බන්ධනාගාර නීතීය කාටත් පොදුයි‘ අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවකදී සිර භාරයට පත්වන ඔනැම කෙනෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන් වී ඇතැයිද ඒ අනුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ පවතින බන්ධනාගාර දෙපාර්තුමේන්තුව ක්‍රියා කළ යුත්තේ බන්ධනාගාර පනතට අනුකුලව යැයිද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මහාචාර්ය කොට්ටපිටියේ රාහුල කොට්ටේ ශ්‍රී කල්‍යාණි සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නාහිමියන්ට ලිපියකින් දන්වා ඇත. 20 June 2018
නැවක ගැටීමෙන් බහුදින ධීවර යාත්‍රාවක් අනතුරක නිල්වැල්ල ධීවර වරායෙන් ධීවර රැකියාව සදහා පිටත්වූ බහුදින ධීවර යාත්‍රාවක නැවක් ගැටීම නිසා අනතුරට ලක් කළ බව එම යාත්‍රාවේ සිටි ධීවරයෝ පවසති. 20 June 2018
වරලත් ගණකාධිකාරි ආයතනයේ දෙදෙනකුගේ වෘත්තීය හැසිරීම ගැන පරීක්ෂණ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ හා නිලධාරිනියකගේ වෘත්තීය හැසිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එහි පාලක මණ්ඩලයට නියෝග කර ඇත. 20 June 2018
වෛද්‍ය සිසු විරෝධතාවෙන් පාර්ලිමේන්තු පාර වසා දමයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් වීරෝධතාවක් හේතුවෙන් පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වන විට වසා දමා තිබේ. 20 June 2018
අධිවේගයේ අනවසර ඉදිකිරිමකට ලක්ෂ 20 ක් දඩ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියසේ ඉන්ධන පිරවුම්හල් දෙකේ සැලසුම් අනුමත කර නොගෙන ඉදිකිරීම නිසා එම සමාගමෙන් රුපියල් මිලියන දෙකකට ආසන්න දඩ මුදලක් මතුගම ප්‍රාදේශීය සභාව අයකර ගත් බව මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ මහතා පැවසීය. 20 June 2018
මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන් හලාවත කළපුව හරහා මසුන් මැරිමට යමින් සිටි ධීවරයකු අද (20) බෝට්ටුවෙන් මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. 20 June 2018
ගාලු- කොළඹ බස් වර්ජනය පැය 4 කින් අවසන් අද (20) අලුයම 3.30 සිට ආරම්භ කළ ගාල්ල කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනය උදෑසන වනවිට නවතා දමා නැවතත් බස්රථ ධාවනය ආරම්භ කර ඇතැයි ගාල්ල බස් නැවතුම්පලේ වෙලා සටහන්කරුවෝ පවසති. 20 June 2018
දකුණු සුපිරි මඟේ අනතුරකින් විදේශිය කතුන් දෙදෙනෙකු මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැප්ම කිලෝමීටර් 65 කණුව අසල දී නවතා තිබු කන්ටේනර් රථයක වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ සිටි ඕස්ට්‍රේලියානු ජාතික මව හා දියණිය මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 20 June 2018
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අද (19) සඳහන් කළේය. 19 June 2018
ෂාමෙල් සඳරුවන්ගේ සහෝදරයා අත්අඩංගුවට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ගිහාන් සඳරුවන් නැමැත්තා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහක් සහ ජීව අත් බෝම්බයක් සමග අද (19) පැලියගොඩ දී පොලිස් විශේෂ බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 June 2018
මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 10ක් පොහොට්ටුවට මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අද (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ කටයතු කරන බවත් පැවසූහ. 19 June 2018
‘‘බැදුම්කරයේ ලිපි ලැබෙන තුරු පාර්ලිමේන්තුවේ කීර්ති නාමය අරක්ෂා කරන්න‘‘ බැදුම්කර සිද්ධියට අදාළ සියලුම ලිපි ලේඛන නීත්‍යයානුකූලව ජනාධිපති කාර්යාලයෙන් තමා වෙත ලැබෙන තුරු පාර්ලිමේන්තුවේ කීර්ති නාමය අරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද (19) ඉල්ලා සිටියේය. 19 June 2018
ත්‍රෛනිකායික මහා සංඝරත්නය අම්පාරේදී සාමකාමි විරෝධතාවයක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා දිගාමඩුල්ල ත්‍රෛනිකායික මහා සංඝරත්නය අද (19) අම්පාර නගරයේදි සාමකාමි විරෝධතාවයක නිරත වූහ. 19 June 2018
තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ දෛනික පාඩුව අවම වන බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. 19 June 2018
ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියට තවත් පරිපුරක ඇස්තමේන්තුවක් ආන්දෝලාත්මක ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියට තවත් රුපියල් කෝටි 35 ක පමණ මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කෙරිණි. 19 June 2018
පෞද්ගලික රෝහල්වලින් අයකරන වැට්බද්ද අහෝසියි පෞද්ගලික රෝහල්වලින් අයකරන සියයට 15 වැට්බද්ද ජූලිමස 01 වැනිදින සිට අහෝසිකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ අද (19) පැවති ප්රවෘත්ති සාකච්ඡාකදී පැවසීය. 19 June 2018
'ඇලෝසියස්ගේ මුදල් ගත්තු 5ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා' අර්ජුන් ඇලෝසියස්ගේ අරක්කු බෙදන නියෝජ්‍ය ඇමැතිවරයකු ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මේ සභාවේ සිටින බව මහනුවර දිස්ත්‍රික් මහින්දානන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) තොරතුරු හෙළි කළේය. 19 June 2018
බැඳුම්කරේට සැකකරන මන්ත්‍රීවරුන් ඉවත් කරන්නැයි ඉල්ලයි බැඳුම්කර සිද්ධියේ සැකයට භාජනය වී සිටින සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු වලින් ඉවත් කරන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 June 2018
බුද්ධික පතිරණට ඇමැති ධුරයක් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය. 19 June 2018
උද්ඝෝෂණය ගැන මන්ත්‍රීවරු කතානායකට පැමිණිලි කරති පාර්ලිමේන්තුවට නුදුරින් පැවැත්වුණු විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් තමන්ට මැතිසබයට පැමිණීමටට බාධා වුණු බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කතානායකවරයාට අද (19) පැමිණිලි කළහ. 19 June 2018
හංවැල්ලේ මව-දුව ඝාතනය කරලා එකම පවුලේ මවක හා දියණියක නිදි පැදුරේදීම තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි හංවැල්ල පොලිසිය කියයි. 19 June 2018
එල්.එන්.ජී බලාගාර ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීම අත්හිටුවයි කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමට ලබාදීම සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කැබිනට් මණ්ඩලයට අද (19) ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. 19 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026