සාපෙළ හර විෂයන් ගණන 6ට අඩු කරන්න යයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයත් හර විෂයන් 08 විෂයන් 06 ක් ලෙස අඩුකිරීම කෙරෙහි සලකා බලමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 18 June 2018
ඒකාබද්ධයේ සාකච්ඡාවට 16 කණ්ඩායමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමද සහභාගීවනු ඇතැයි වාර්තාවේ. 18 June 2018
හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ - විගණකාධිපති මුදල් රෙගුලාසි කඩ කිරීමේ චොදනාව ට සිරදඬුවම් නියම වූ ලලිත් වීරතුංග මහතාට ඒ දඬුවම ලැබුණු අයුරින්ම නිසි විගණනයන් සිදු කළහොත් රාජ්‍ය නිලධාරීන්ගෙන් භාගයක්ම අද සිටිය යුත්තේ හිරේ යැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (18) පැවසීය. 18 June 2018
බහාලුම් 107 ක් තිරිඟු ඇට හොරෙන් ගෙන්වයි පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් විසින් සත්ව ආහාර සැකසීම සඳහා යැයි පවසමින් නීති විරෝධී ලෙස තිරුඟු ඇට බහළුම් 107ක් මෙරටට ගෙන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 18 June 2018
වසර තුනක ඇවන්ට්ගාඩ් මෙහෙයුමෙන් නාවික හමුදාවට කෝටි 560ක් ඇවන් ගාර්ඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් පසු 2015 වසරේ සිට මේ දක්වා කාලයේ රුපියල් කෝටි 560ක මුදලක් උපයා ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදි අද(18) පැවසීය. 18 June 2018
ඥාණසාර හිමි ගැන ජනපති සමඟ සාකච්ඡාවක් සිරගත කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (19) පැවැත්වීමට නියමිතය. 18 June 2018
නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල් යයි හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය. 18 June 2018
රුපියල වාර්තාගත අගයකින් පහළ බසී ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (18) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161 ක් පහළ ගියේය. 18 June 2018
සයිටම් සිසුන් කොතලාවලට ඇතුළත් කිරිමේ පනත හෙට පාර්ලිමේන්තුවේ විවාදයට මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සඳහා වන ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතය. 18 June 2018
සංගීතවේදී අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. 18 June 2018
‘පොදුජන පෙරමුණු දෙවැනි සංවත්සරයේදී මහින්දට පක්ෂ නායකත්වය දෙනවා‘ නෙවැම්බර් දී පැවත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරයේදී පක්ෂය නිල වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදී පක්ෂ නායකත්වය සඳහා ඔහුව පත්කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (18) පැවසීය. 18 June 2018
කෝප් වාර්තාවෙන් අනාවරණය වු වංචා ගැන පැය 5 ක විවාදයක් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනාවරණය කෙරුණු රාජ්‍ය ආයතන රැසක දුෂණ වංචා පිළිබඳ පැය පහක විවාදයක් හෙට (19) මැතිසභයේදී පැවැත්වේ. 18 June 2018
‘භික්ෂුන් වහසේලාගේ නඩු විමසිමට වෙනම අධිකරණයක් ඕනෑ’ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසීම සඳහා වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (18) පැවසීය. 18 June 2018
රූපවාහීනි නාලිකා නිවේදකයාට සහ පුතුට ඇප කඩවත සුපිරි වෙළඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි රාජ්‍ය රූපවාහිනි නාලිකාවක නිවේදකයා සහ ඔහුගේ පුතුට ඇප දීමට මහර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (18) නියම කළේය. 18 June 2018
අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ගොලයකු වන මුනිවරගේ අසිත නොහොත් ෂොල්ටා නැමැත්තා බොරැල්ලේ දී අත්අඩංගුවට ගනු බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 18 June 2018
කන්කසන්තුරේ නැංගුරම්ලා තිබු නැවක් ගිනි ගනී කන්කසන්තුරේ මෛලිට්ටු වරායේ වසරක පමණ කාලයක් නැංගුරම්ලා තිබූ නැවක් අද (18) ගිනිගෙන තිබේ. 18 June 2018
‘ නාගරිකරණ ගැටලු විසඳිමට යාන්ත්‍රණයක් සකස් කරනවා’ නාගරිකරණ ගැටලූ බහුලව බලපා ඇති දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර එම ගැටලූ කඩනමින් විසදීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවසීය. 18 June 2018
100 -101 බස් වර්ජනයක පානදුර - පිටකොටුව, මොරටුව - පිටකොටුව මාර්ග අංක 100 හා 101 යන පෞද්ගලික බස් රථ අද (18) සිට සම්පූර්ණයෙන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක යෙදී සිටිති. 18 June 2018
ළිඳුල නගරාධිපති ඇතුළු 8 දෙනාට ඇප පැහැරගෙන යාම හා මිනිස් ජාවාරම යන චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවු තලවාකැලේ ළිඳුල නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුලූ සැකකරුවන් අට දෙනෙකු එක් අයෙකුට ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රමිත ජයසුන්දර මහතා නියෝග කරන ලදි. 18 June 2018
ඉන්ෆ්ලුවෙන්සා ‘ඒ ‘ වෛරසය රට පුරාම දකුණු පළාතේ පැතිර යමින් ඇති ඉන්ෆ්ලුවෙන්සා ’’ ඒ ’’රෝගය පසුගිය මාස කිහිපයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පැතිර ගොස් ඇතිබවට තොරතුරු වාර්තාවි ඇතිබව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්යක්ෂ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය. 18 June 2018
16 කණ්ඩායම එනවා නම් මහින්දගේ නායකත්වය පිළිගත යුතුයි - රංජිත් සොයිසා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු 16 දෙනා ඒකාබද්ධ විපක්ෂයට එනවානම් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගෙන ප්‍රකාශයක් කර 2019 පැවැත්වෙන ජනපතිවරණයේ දී මහින්දගේ අනුමැතියෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාට සහාය දියයුතු බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් ද සොයිසා මහතා පැවසීය. 18 June 2018
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් තවත් දරුවෙකු මරුට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය වැළදිමෙන් තවත් කුඩා දරුවෙකු මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි. 18 June 2018
අම්පාරේ සැඩ සුළඟින් නිවාස රැසකට හානි අම්පාර දිස්ත්‍රික්කයට ඇදහැලෙන වැස්ස සමඟ ඇතිවු සැඩ සුළං තත්වයක් නිසා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6 නිවාස 136 කට හානි සිදුවී ඇත. 18 June 2018
'නියෝජ්‍ය ඇමැතිකමක් දුන්න බව මට කියලා නෑ' යහපාලන රජයෙන් නියෝජ්‍ය ඇමැති තනතුරක් ලැබු බව නිල වශයෙන් දැනුවත් නොමැති බව බුද්ධික පතිරණ මහතා කටුනායක ගුවන්තොටුපලේදී පැවසීය. 18 June 2018
යාපනයේ පොලිස් වෙඩිතැබීමේ සිද්ධියට 5 ක් අත්අඩංගුවට යාපනය මල්ලාකම් මන්සන්ධියේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ගැටුම් ඇති කරගත් දෙපිරිසෙන් පුද්ගලයින් 5 දෙනෙකු අද (18) උදෑසන අත්අඩංගුවට ගත් බවට චුන්නාගම් පොලීසිය කියා සිටියේය. 18 June 2018
රන්ජන්ට විරුද්ධව චෝදනා කෙටුම්පත් කරන්න නීතිපතිට නියෝග අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර ලබන මස 30 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නීතිපතිවරයාට දැනුම් දුන්නේය. 18 June 2018
පැය 4 කට පෙර ගුවන් තොටට එන්න කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අද (18) සිට ආරම්භ කරන අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා සිටී. 18 June 2018
ඩෙංගු බලන්න ඇවිත් නිවස කොල්ල කති ඩෙංගු මර්දන කටයුතු සඳහා බව පවසමින් මාගාල්ල ප්‍රදේශයේ නිවසක තනිවම ජිවත්වු 69 හැවිරිදි වයස්ගත කාන්තාවකගේ නිවසට ඇතුල් වී ඇයගේ අත් පා රෙදිපටි වලින් බැඳ නිවසේ තිබු රුපියල් 15,000ක මුදලක් හා රන් වළලු හතරක් කොල්ලකා ගෙන ගිය තිදෙනෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 18 June 2018
ජපානයට ප්‍රබල භූමිකම්පාවක් ජපානයේ ඔසාකා වෙත බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් කුඩා දැරියක සහ තවත් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රජය සඳහන් කරයි. 18 June 2018
යාපනයේ ආවා කල්ලියෙන් තවත් දෙදෙනෙක් කපා පලා යති යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේ දී තියුණු ආයුධ ගත් පිරිසකගේ පහරදීමක් හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ ඇති බව කෝපායි පොලීසිය පවසයි. 18 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026