(ප්‍රසන්න පත්මසිරි)
ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ.) සංවිධානයට සම්බන්ධයැයි අත්අඩංගුවට ගෙන පසුව ඇප ලැබූ බිබිල අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු ගුරු උපදේශකවරයකු නැවත අද (08) සේවයට වාර්තා කිරීමෙන් පසු එම කලාප කාර්යාලයේ යම් නොසන්සුන් තතත්වයක් ඇති වී තිබේ.
ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ.) සංවිධානයට අයත් ලියකියවිලි, සී.ඩී ඇතුළු උපකරණ රැසක් සමඟ ඔහු මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ (07) ඔහුට ඇප ලැබී තිබේ.
අද උදෑසන සිය සේවා ස්ථානයට වාර්තා කර ඇති ඔහු අත්සනක් තබා පිටව ගොස් ඇතැත් සෙසු කලාප කාර්යාල ගුරුවරුන් ඇතුළු සේවකයෝ සිය රාජකාරී ඇරැඹිමකින් තොරව කාර්යාලයෙන් පිටතට වී සිටිති.
කෙසේ වෙතත් ඇති වී තත්ත්වය පිළිබඳව පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසු පොලීසිය හා යුද හමුදාව එක්ව කාර්යාලය හා අවට පරීක්ෂා කරමින් සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඇප දුන්නේ. සල්ලි විසිකරන්න ඇති ගොඩක් වෙලාවට.
බලයට ඇති කෑදර කමට අපිටම කෙලිනවා ඇයි බොලවි අපිට විතරක් සැර නීති උන්ගෙ තියෙන විශේෂ මොකක්ද ..? මෙහෙම උන් කොහොමද සංහිඳියාව ගොඩගන්නෙ.. අර කැපෙනවා කිවිව කඩුව වනන්නෙම අපට තමා.
මොන මගුලක්ද මේ ? අන්තවාදියෙකු බව ඔප්පු වෙලා තියෙද්දිත් ඒ ගෝත්‍රිකයා නැවත වැඩට ආවේ කොහොමද ? පවතින නිවට රජය ගැන ජනතාව සත පහකට විශ්වාස නොකරන්නේ ඒ නිසයි.
ආණ්ඩුව කෙල්ලිනම තනිකර පිස්සු. ෆොන්සේකාට වැඩේ බාරදෙන්න. නැතිනම් මහා ලේ වගිරීමකට අත වනයි.....
නියමයි. ඔය තියෙන්නේ. ඔහොම තමා විරෝධය පාන්න ඕනේ.. නැතුව බැහැ. අපි හැමෝම අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ.. පාලකයන්ට ආරක්ෂාව හමුදාවෙන් දෙනවනේ. නමුත් අපේ ආරක්ෂාවට අපි එලියට බහින්න ඕනේ මේ විදිහට.
අල්ලාගෙන ඇප .. අර මරාගෙන මරුණ එකෙක්, ඕස්ට්‍රේලියාවේ දී අල්ලාගෙන අතහැරපු එකෙක් . එකට ගලබොඩ හාමුදුරුවෝ ........ බරපතල වැඩ ඇතිව හිරේ !!! තව බෝම්බ ටිකක් දාන්න වෙන්නැති ඇප දුන්නේ
මුලින්ම පොලීසිය සේවකයා වැඩ කළ ආයතන ප්‍රධානියට වරද සහගත ක්‍රියාමාර්ගය දැන්විය යුතුයි. එවිට ආයතන ප්‍රධානිය සේවකයාගේ වැඩ තහනම් කළයුතුය. පසුව ආයතනය තුළ සිදුවීම සම්බන්ධ විනය පියවර ගෙන දඬුවම් කළ යුතුය. පොලිසිය නඩුවේ ප්‍රතිඵල ආයතනයට දැන්විය යුතුය. මෝඩයින් සියලු තැන්හි මුල් පුටුවල නිසා රටම අගාධයට ගොසිනි.
මෙතන වැරැද්ද ආණ්ඩුවේ නෙමේ... නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලයි.
අධිකරණයට අඹ ගෙඩි දෙකක් හොරකමින් කැඩුව කියලා... ඒ කාන්තව හිරයට දැම්මේ.. හරියට බෝම්බ ළඟ තිබුණා වගේ... දැන් අධිකරණයට රටේ වටිනම වස්තුව පාසැලයි. එහි ගුරුවරයා දරුවන් විනාශකරන්න මාර්ගය හදලා තියෙනවා. සාක්ෂි පිට අසුවුණත් මොවුන්ට ඇප දෙන්න තරම් කරුණාවක් පහල වුනේ... ළඟ නයෙක්ද? පුදුම නීති තියෙන රටක්... අධිකරණයත් මොවුන්ට බය නම්. ජනතාවට දෙවියන්ගේම පිහිටයි..
මරාගෙන මැරුණත් අපේම දරුවෝ.., ජාතිවාදය නවත්වමු..